බ්‍රැඩ්බි කිරුල සඳහා දින නියමවේ

383

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම හා ස්වර්ණමය තරගාවලියක් වන කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි තරගාවලියේ 2019 දිගහැරුම එළඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට දින නියම කර තිබේ.

75 වැනි වතාවට පැවැත්වෙන අදියර දෙකකින් යුතු මෙම තරගාවලියේ පළමු අදියර එළඹෙන මැයි 11 වැනිදා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රග්බි ක්‍රීඩාංගණයේදීත්, දෙවන අදියර මැයි 25 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි. වසරේ රග්බි කැලැන්ඩරයේ උද්වේගකරම ඉසව්වක් වන බ්‍රැඩ්බි පලිහ තරගාවලිය මේ පැවැත්වෙන්නේ අඛණ්ඩව 75 වැනි වතාවටයි.

මහනුවර කලඹමින් රාජකීය කුණාටුව බ්‍රැඩ්බි පලිහ ඩැහැ ගනී

දෙවන අදියරේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 27-19ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය

මහනුවර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු අදියර 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය 74 වැනි බ්‍රැඩ්බි පලිහ දිනා ගත්තේ අදියර දෙකම ජය ගනිමිනි. ඒ අඛණ්ඩව දෙවන වතාවට හා වසර හතරක් ඇතුළට තෙවැනි වතාවටත් බ්‍රැඩ්බි කිරුළ කොළඹට රැගෙන එමිනි. 2016 බ්‍රැඩ්බි තරගාවලි ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයකි.

රාජකීය රග්බි අභිමානයට වචන එක්කරමි

ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටිය තුළ පවා ඔවුන්ගෙන් තරම් නිර්වද්‍ය සහ අලංකාර රෝලින්

පසුගිය වසරේ පළමු අදියරේ දී රාජකීයයින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර මේ වසරේදීත් ඔවුන් බ්‍රැඩ්බි පලිහ කොළඹම රඳවා ගැනීමට උපරිම උත්සාහය දරනු ඇත. මේ වන විට පවත්වා ඇති බ්‍රැඩ්බි තරගවලින් තරග 39ක් ත්‍රිත්ව විද්‍යාලය ජයගෙන ඇති අතර තරග 33ක් කොළඹ රාජකීය විද්‍යාලය ජයගෙන ඇත. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් වරට බ්‍රැඩ්බි තරගාවලියක් ජය ගත්තේ 2014 වසරේ දී වීම විශේෂත්වයකි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<