ශ්‍රී ලාංකිකයින් වඩාත්ම උද්යෝගයෙන් සමරන ක්‍රීඩාව වන්නේ අවිවාදයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව යි. ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ දී දරුණු තරගකාරීත්වයක්, වසර ගණනාවක සිට පැවත එන සම්ප්‍රදායක්, වර්ණවත් සැමරීම් සහ ශ්‍රී ලංකාව පුරා ඇති පාසල් සිය සහෝදර පාසල් සමඟ නිමා නොවන විහිළු තහළු කිරීම් #MarchMadness සමඟ නැවතත් දිග හැරීමට නියමිතය. ඒ මෙම වසරේ දීත් සුපුරුදු පරිදි වාර්ෂික මහා ක්‍රිකට් තරග සමය ආරම්භ වන බැවිනි.

එහි දී වීරයින්ගේ තත්වයට පත් ක්‍රිකට් ක්‍රීඩකයින් දැඩි මිත්‍රත්වයෙන් යුක්තව ජයග්‍රහණය උදෙසා තරග වදින අතරතුර එය නැරඹීමට පැමිණෙන ආදි සිසුන්ගේ, වත්මන් සිසුන්ගේ සහ අනෙක් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රේක්‍ෂකාගාරවල ‘පපරේ’ සංගීතය වාදනය වෙමින් එහි ඇති විනෝදකාමී වාතාවරණය තරගවලට වෙනස්ම උණුසුමක් එක් කරයි.

මාර්ග නීති මදකට නැවතෙමින් මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන සයිකල් සහ වාහන සවාරි හරහා මහා මාර්ග පිරී යන අතරතුර පාසල් ගොඩනැඟිලි ද යෝධ පාසල් ධජවලින් වැසී යයි.

ඒ අනුව මෙම පෙබරවාරි මාසයේ අවසාන සතියේ පැවැත්වෙන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 55 වන සහෝදරයින්ගේ සටනත් සමඟින් මෙවර මහා ක්‍රිකට් තරග සමය ආරම්භ වනු ඇත.

ලෝකයේ දෙවැනි පැරණිතම, නොනැවතුණු ක්‍රිකට් තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සංග්‍රාමය මෙවර 139 වන වරට පැවැත්වීමට නියමිතය. සුපුරුදු පරිදි එය පැවැත්වෙන්නේ මාර්තු මාසයේ දෙවැනි සතියේ දී ය.

කොළඹ පිහිටි ගෞරවාන්විත කතෝලික පාසල් දෙකක් වන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන සාන්තුවරුන්ගේ සංග්‍රාමයත්, අනෙක් පසින් ගෞරවාන්විත බෞද්ධ පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර 89 වන වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයත් මාර්තු මාසයේ පළමු සතියේ දී දිග හැරෙනු ඇත.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර 118 වන වරට පැවැත්වෙන දකුණු නිල් මහා සංග්‍රාමය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර 113 වන වරට පැවැත්වෙන ආදරවන්තයින්ගේ සංග්‍රාමය හරහා දිවයිනේ දකුණු දෙසට මහා ක්‍රිකට් තරග උණුසුම ළඟා වන අතර කඳුකරයේ අගනගරයේ පැරණිතම ක්‍රිකට් තරගය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර සුලෝහිත සංග්‍රාමය මෙවර 112 වන වරට පවත්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන පැරණිතම ක්‍රිකට් තරගය වන යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 112 වන උතුරු මහා සටන මෙවර ද සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇත.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වන මහා ක්‍රිකට් තරගය මාර්තු මස දෙවන සතියේ දී පැවැත්වේ.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දැඩි ප්‍රසිද්ධියක් උසුලන මොරටුව කේන්ද්‍ර කර ගනිමින් මොරටුව වේල්ස් කුමාර විදුහල සහ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැත්වෙන රන් මහා සටන මෙවර 68 වන වරට පැවැත්වෙන අතර කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 35 වන ‘ඇතුගල්පුර සංග්‍රාමයපැවැත්වෙනු ඇත.

කළුතර නගරය කේන්ද්‍ර කර ගනිමින් කළුතර මහා විද්‍යාලය සහ තිස්ස මහා විද්‍යාලය අතර ‘මැංගුස් සටනමහා ක්‍රිකට් තරගය මෙවර 60 වන වරට පැවැත්වෙන අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රචලිත මහා ක්‍රිකට් තරගය වන ධර්මාසෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය මොරටුවේ දී අප්‍රේල් මාසයේ දී පැවැත්වේ.

මෑතක දී ආරම්භ වූ මහා ක්‍රිකට් තරග ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 12 වන රන් මහා සටනත්, පන්නිපිටිය ධර්මරාජ විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන 7 වන රන් මහා සටනත්, කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර පැවැත්වෙන 12 වන හින්දු මහා සටනත් පවත්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com, විවිධ ලිපි, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි සජීවී විකාශයන්, සියලුම තරගවල ඡායාරූප ආවරණයන්, ලකුණු, තොරතුරු, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් මෙවරත් මහා ක්‍රිකට් තරග උණුසුම ඔබට සමීප කරන්නට සූදානමෙන් සිටී.

මහා ක්‍රිකට් තරග කාල සටහන – 2018

Match Date Big Match Venue
23/24 February Piliyandala Central vs Taxila Horana – 17th Raigam-Salpita Korale Moratuwa Stadium
23/24 February Mahajana vs Skandavarodaya – 18th Battle of Heroes Mahajana Grounds
23/24 February Isipathana vs Thurstan – 55th Battle of Brothers SSC Grounds
2/3 March St Joseph’s vs St Peter’s – 84th Battle of Saints P.Sara Oval
3/4 March Ananda vs Nalanda – 89th Battle of Maroons SSC Grounds
8/9/10 March Royal vs S. Thomas’ -139th Battle of the Blues SSC Grounds
8/9/10 March Jaffna Central vs St John’s – 112th Battle of North Jaffna Central Grounds
9/10 March Trinity vs St.Anthony’s – 101th Battle of Blues (Kandy) Asgiriya Stadium
9/10 March Maliyadeva vs St. Anne’s – 35th Battle of the Rocks Welegedara Stadium
9/10 March Kalutara Vidyalaya vs Tissa Central – 60th Battle of Mangoosteen Surrey Grounds
9/10 March St.Sebastian’s vs Prince of Wales – 68th Battle of Golds Moratuwa Stadium
9/10 March St. Sylvester’s vs Vidyartha – 58th Battle of Babes Pallekelle Stadium
9/10 March Colombo Hindu vs Jaffna Hindu – 9th Battle of the Hindus Jaffna Hindu Grounds
16/17 March DS Senanayake vs Mahanama – 12th Battle of Gold P. Sara Oval
16/17 March Sri Sumangala vs Moratu Vidyalaya – 66th Battle of the Golds Moratuwa Stadium
16/17 March Richmond vs Mahinda – 113th Lovers Quarrel Galle Stadium
16/17 March Dharmaraja vs Kingswood – 112th Battle of Maroons (Kandy) Pallekelle Stadium
23/24 March Lumbini vs Bandaranayake – 5th Battle of the Ever Green P. Sara Oval
23/24/25 March St.Servatius’ vs St.Thomas’ – 118th Battle of Blues (South) Uyanwatta
30/31 March Dharmapala vs Rahula Matara – 7th Battle of the Golden Lions Uyanwatta
1/2 April Sri Devananda vs Dharmasoka – 51st Battle of Blues Moratuwa
7/8 April St. John’s vs Ananda Shastralaya – 22nd Battle of Sri Jayawardenapura R. Premadasa

සීමිත පන්දුවාර තරග කාල සටහන – 2018

Match Date Big Match Venue
24th February Loyola vs Christ King – 1st One Day Encounter P. Sara Oval
04th March Thurstan vs Isipathana – 38th One Day Encounter P. Sara Oval
11th March St.Sebastian’s vs Prince of Wales – 33rd One Day Encounter Moratuwa Stadium
11th March Maliyadeva vs St.Anne’s – 35th Battle of the Rocks Welegedara stadium
17th March Royal vs S. Thomas’ – 43rd One Day Encounter SSC Grounds
17th March Trinity vs St.Anthony’s – Sir Bernard Aluwihare Trophy Katugasthota
17th March St. Sylvester’s vs Vidyartha Asgiriya Stadium
18th March Ananda vs Nalanda – 44th One Day Encounter SSC Grounds
24th March St.Joseph’s vs St Peter’s – 44th One Day Encounter SSC Grounds
24th March Richmond vs Mahinda – One Day Encounter Galle Stadium
24th March DS Senanayake vs Mahanama -12th One Day Encounter R.Premadasa stadium
25th March Kalutara Vidyalaya vs Tissa Central – 10th One Day Encounter Panadura Grounds
25th March Dharmaraja vs Kingswood – 28th Hill Country One Day Encounter Pallekelle Stadium
1st April Dharmapala vs Rahula Matara – 7th Battle of the Golden Lions Uyanwatta
4th April Lumbini vs Bandaranayake – 5th Battle of the Ever Green R.Premadasa stadium

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<