2011 ලෝක කුසලානයේ හොඳම “Couple” එක

257

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයේ හිමිකරුවන් වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ආරම්භක පිතිකරු යුගලයක් වන තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග යි.

ලෝකයේ හොඳම පන්දු යවන්නා බුම්රාහ් – තෙන්ඩුල්කාර්

ජාස්ප්‍රිට් බුම්රාහ් මේ වන විට ලොව හොඳම පන්දු ‍යවන්නා බවට පත්ව ඇති බව හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පවසනවා.


මේ වනවිට බොහෝ දෙනෙක් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇඟිලි ගනිමින්  සිටියි. තවත් අවුරුදු 8ක් ආපසු හැරී බලන විට ඔවුන් දෙදෙනා හොඳම ක්‍රීඩකයන් දෙපලක් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේදී මුණගැසුණු හොඳම Couple එකක් කිවහොත් තවත් නිවැරදියි. තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග යනු 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 1 සහ අංක 2 ක්‍රීඩකයන් දෙදෙනායි.

ශ්‍රී ලංකාව එවර තරගාවලියේ A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ අතර එහිදී ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය, සිම්බාබ්වේ, කෙන්යාව සහ කැනඩාව යන කණ්ඩායම් සමඟ තරග කිරීමට සිදුවිය. තරංග සහ ඩිල්ෂාන් යුගලය දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසුවකින් තොරව කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට හැකිවිය.

ඔවුන් දෙදෙනා 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව අපි කතා කරමු.

ආරම්භයේදීම කැනඩාව අඩපණ කිරීම

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මුහුණදුන් මුල්ම තරගය වූ මෙම තරගයේ දී තරංග සහ ඩිල්ෂාන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැගූ අතර එයට පන්දු 71ක් වැය කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සහාය වූ එම සබඳතාවය ගොඩනැගීමේදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 41කින් ලකුණු 39ක් රැස්කළ අතර පන්දු 31කට මුහුණදුන් උපුල් තරංගට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 19ක් පමණි.

එලෙස පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සාර්ථක සබඳතාවය තරංග දැවී යාමත් සමඟ අවසන් වුවද එම සබඳතාවය තුළින් ගොඩනැගුනු සාර්ථක අඩිතාලම ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 332ක් ලබාගැනීමට සමත් විය. පිතිකරුවන්ගේ වගකීම සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඔවුන්ගේ වගකීම මැනවින් ඉටුකළ නිසාම අවසානයේදී මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 210ක දැවැන්ත ජයක් හිමිවිය.

කෙන්යාවට දුන් සංග්‍රහය

තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් තුන්වන තරගය වූ මෙම තරගයේ දී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමඟ ලකුණු 38කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා කෙන්යානු ඉනිම පන්දුවාර 43.4කදී ලකුණු 142කට සීමා විය. ඉන් අනතුරුව ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30කින් ලකුණු 44ක් සහ උපුල් තරංග පන්දු 20කින් ලකුණු 24ක් රැස්කර ගනිමින් පන්දු 50ක් තුළ වේගවත් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. නමුත් ඩිල්ෂාන් ලකුණු 44කට දැවී යාමෙන් පසු එම සබඳතාවය බිඳවැටුන ද පන්දුවාර 18.4කදී කඩුලු 1ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

කගීසෝ රබාඩා සුව අතට?

ආබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩාට එළඹෙන


සිම්බාබ්වේ පිළට එරෙහිව ලෝක වාර්තාවක්

මූලික වටයේ දී ශ්‍රී ලංකා පිළ මුහුණදුන් 5 වන තරගය වූ මෙම තරගය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වාර්තා කිහිපයක්ම අලුත් කළ තරගයක් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වූ උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 282ක සබඳතාවයක් ගොඩනැඟුවේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කර ගනිමිනි. ඒ සඳහා ඔවුන්ට පන්දු 268ක් පමණක් වැයවීම විශේෂත්වයකි.

එලෙස ඩිල්ෂාන් සහ තරංග අතින් බිඳවැටුණේ 1999 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ආරම්භක පිතිකරු යුගලය වූ සයිඩ් අන්වර් සහ වජතුල්ලා වස්ති පිහිටුවා තිබූ ලකුණු 194ක සබඳතාවයේ වාර්තාව යි.

ඊට අමතරව ලෝක කුසලාන තරගයක ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක රැස්කළ මුල්ම අවස්ථාව මෙය වූ අතර එහිදී ලකුණු 282ක සබඳතාවය ගොඩනැඟීමේදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 128කදී ලකුණු 139ක් සහ උපුල් තරංග පන්දු 141කදී ලකුණු 133ක් රැස් කිරීමට සමත් විය.

එංගලන්තය පුදුම කරවීම



ශ්‍රී ලංකා පිළට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත පිළ, නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 229ක් රැස් කිරීමට සමත් විය. ඉන් අනතුරුව එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග යුගලය එංගලන්ත පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් පන්දු 237කට මුහුණදෙමින් නොබිඳුණු ලකුණු 231ක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිළට විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකර දීමට සමත් විය. එහිදී ඩිල්ෂාන් පන්දු 115කින් ලකුණු 108ක් සහ තරංග පන්දු 122කින් ලකුණු 102ක් රැස්කර ගත්හ.

අමීර්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව වැට උඩ?

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් හට පැපොල රෝගය (chickenpox) වැළඳී තිබෙන නිසා


නවසීලන්තයට එරෙහිව වේගවත් ආරම්භයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙම අවසන් පූර්ව තරගයේදී ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග පන්දු 44කට මුහුණදෙමින් ගොඩනැගූ ලකුණු 40ක සබඳතාවය නිමා වූයේ තරංගගේ දැවී යාමත් සමඟය. පන්දු 31කින් ලකුණු 30ක් රැස් කරගෙන සිටියදී තරංග දැවී ගිය අතර එදා නවසීලන්තයට එරෙහිව ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 218ක ඉලක්කය හඹා යාමට විශාල පන්නරයක් ලබාදුන් බව කිසිවිටෙකත් අමතක කළ නොහැකි කරුණක් විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<