දැල්පන්දුව තමරාගේ භාරයට

515

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී තිබේ. මැයි මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය වෙනුවෙන් මෙම පත්කිරීම සිදුවී ඇතැයි වාර්තා වේ.

අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවලිය මේ මස මැද දී

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන වසරේ ප්‍රධානතම දැල්පන්ද තරගාවලි අතරින් එකක් වන අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවලිය, මේ මස 18 හා 19 යන දෙදින රුවන්වැල්ල මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත. තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව දෙවන අවසන් පූර්ව තරගයට තරග කරන්නට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම හා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා ලදි..

පුහුණුකාරිනියන් සිව්දෙනෙකු අදාළ තනතුර සඳහා අයැදුම් කොට ඇති නමුත් ඉන් එක් අයෙක් සම්මුඛ පරීක්‍ෂණයට සහභාගී නොවීය.

2015 ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය හොබවනු ලැබූ තමරා, එම වසරේ පැවති ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ අවසන් තරගයේ දී මැලේසියානු කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

30 දෙනෙකුගෙන් යුත් සංචිතයකින් තෝරා ගන්නා ක්‍රීඩිකාවන් 12 දෙනෙකු 2017 තරගාවලිය වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත වන අතර එම තෝරා ගැනීම් පෙබරවාරි 12 වැනිදා පැවැත්වේ.

පුහුණුකාරිනිය තෝරා පත්කර ගැනීම සති දෙකකින් පමණ කල් ගිය බවට හේතු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශය පවසා සිටියේ තමන් වෙත පෙත්සමක් ලැබී තිබූ බවයි. ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව සුදුස්සාට සුදුසු තැන ලබා දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවේය.

ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවය 2017 ජූලි මාසයේ දී බොට්ස්වානා රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෙනත් පුහුණුකාරිනියක පත්වනු ඇතැයි ද වාර්තා වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට