සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්

3511
Zimbabwe Cricket

සිම්බාබ්වේ කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් නම් කර තිබෙන සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වී තිබෙන බ්‍රෙන්ඩන් ටේලර් හා හැමිල්ටන් මසකඩ්සා නැවතත් කැඳවා ඇත.

ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් විමසන බව ශ්‍රී ලංකා කණ්ඩායම්….

එම ආබාධය නිසා ඔවුන් දෙදෙනාටම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවති ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි විය. එක්දින තරග දෙකකින් හා විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ලබා දී ඇත්තේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන හැමිල්ටන් මසකඩ්සා වෙතයි.

එක්සත් අරාබි එමීර් තරගාවලියේ දී සිම්බාබ්වේ සංචිතය නියෝජනය කළ රේගිස් චකබාවා, ටිම්සෙන් මරුමා, බ්‍රයන් චැරී, බ්‍රෙන්ඩන් මවුටා හා ටෝනි මුන්යෝන්ගා යන ක්‍රීඩකයින් ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවෙන් නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නැවත වතාවක් කණ්ඩායමට කැඳවා තිබේ.

එසේම නෙදර්ලන්ත කණ්ඩායම නැවත වතාවක් ඔවුන්ගේ සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක විවියන් කින්ග්මා කැඳවා තිබේ. කෙසේ නමුත් නෙදර්ලන්ත කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන රයන් ටෙන්ඩස්කාර් මේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන්නේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන නිසාවෙනි.

ඊයේ තරගයේ වීරයා කුසලානයට ඩේවිඩ් වෝනර් කළ දේ

ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12) දිනයේ ටොන්ටන් හිදී පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී තමන්ට…

සිම්බාබ්වේ සංචිතය 

හැමිල්ටන් මසකඩ්සා (නායක), බ්‍රෙන්ඩන් ටේලර්, පීටර් මුවර්, සොලමන් මීරේ, සීන් විලියම්ස්, ශිකන්ඩර් රාසා , ඩොනල්ඩ් ටිරිපානෝ, කයිල් ජාර්විස්. ටෙන්ඩායි චටාරා, ක්‍රිස් මොප්ෆු, ක්රෙයිග් එර්වින්, එයින්ස්ලු න්ඩ්ලොව්, එල්ටන් චිකම්බුරා, රිච්මන්ඩ් මුටුම්බාමි, රයන් බර්ල්, ටිනාශේ කමුන්හුකම්වේ.

නෙදර්ලන්ත සංචිතය – පීටර් සීලර් (නායක), වෙස්ලි බ්රෙසායි, බෙන් කූපර්, බස් ඩේ ලීඩ්, ස්කොට් එඩ්වර්ඩ්ස් (කඩුලු රකින්නා), බ්රෙන්ඩන් ග්ලවර්, විවියන් කින්ග්මා, ෆ්රෙඩ් ක්ලාසෙන්, මැක්ස් ඔඩ්වඩ්,වැන්ඩර් මර්ව්, පෝල් වෑන් මීක්රෙන්, ටෝබියස් වීසේ, සකීබ් සල්ෆිකර්

තරග කාලසටහන

  • ජුනි 19 – පළමු එක්දින තරගය – ඩෙවෙන්ටර්
  • ජුනි 21 – දෙවන එක්දින තරගය – ඩෙවෙන්ටර්
  • ජුනි 23 –  පළමු විස්සයි – විස්ස තරගය – රොටර්ඩෑම්
  • ජුනි 25 – දෙවන විස්සයි – විස්ස තරගය – රොටර්ඩෑම්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<