හිටපු සිම්බාබ්වේ නායකයෙකු නැවතත් ශ්‍රී ලංකාවේ දී තරග බිමට

1293

හිටපු සිම්බාබ්වේ නායකයෙකු වන Tatenda Taibu විශ්‍රාම දිවියෙන් මිදී නැවතත් තරග බිමට පිවිසීමට තීරණය කර තිබේ. 2012 වසරේ දී විශ්‍රාම ගිය තායිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ A කාණ්ඩයේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට නියමිතයි.

ත්‍රස්ත සැලැස්මකට ශ්‍රී ලාංකිකයෙක් හසුකරන්නට ගිය කවාජාගේ සොයුරා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ජාතිකයෙක් වන මොහොමඩ් නිසාම්ඩීන් නම් පුද්ගලයා ත්‍රස්ත චෝදනා උගුලකට හසුකිරීම…..

35 හැවිරිදි තායිබූ පවසා සිටියේ නැවතත් ක්‍රීඩාවට පිවිසීමට ප්‍රධානතම හේතුව සිය පුත්‍රයා බවයි. එළඹෙන සිකුරාදා (7) තායිබූ වසර හයකට පසු සිය ප්‍රථම පළමු පෙළ තරගය ක්‍රීඩා කරනු ඇත.

“මගේ පුතා හැමවෙලේම අහනවා මම ක්‍රීඩා කළේ කොහොමද කියලා, ඔහු දැන් මාගේ ක්‍රීඩාවට ආසා කරන්නට පටන් අරන්, ඔහු ඉතා කුඩා නිසා මම ක්‍රීඩා කරනවා බලන්නට ලැබුණේ නැහැ, මම බොහොම හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටිනවා, ඉතින් මම හිතුවා මම ක්‍රීඩා කරන හැටි මගේ පුතාටත් පෙන්නන්න” තායිබූ Espncricinfo වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියා.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තායිබූ එක්සත් රාජධානියේ ජිවත් වූ අතර එහි දී ඔහු ලිවර්පූල් හා හයිටවුන් සාන්ත මේරි කණ්ඩායම් සඳහා දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන ලදි. එමෙන්ම ඔහු සිම්බාබ්වේ ක්‍රීඩක ආයතනයේ නිලධාරියෙක් ලෙස ද ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙකු ලෙස ද ක්‍රීඩා කරන ලදි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් සටන ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය….

තායිබූ ලොව ළාබාලතම ටෙස්ට් නායකයා වීම විශේෂත්වයකි. තායිබූ 18 හැවිරිදි වූ 2001 වසරේ දී ඔහු සිය පළමු ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ අතර 2003 වසරේ දී කණ්ඩායමේ උප නායක ලෙස තායිබූ නම් කෙරිණි. ඉන් වසරකට පසු, අවුරුදු 20යි දින 358ක් වියැති තායිබූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවන ලදි. තායිබු ටෙස්ට් ලකුණු 1500ක් එක්දින ලකුණු 3393ක් රැස් කරගෙන ඇති අතර සිම්බාබ්වේ වෙනුවෙන් සිව්වැනි වැඩිම එක්දින ලකුණු ඔහුගේ නමට ලියැවී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<