ත්‍රිත්ව ශතකයක් සමඟින් තමිම් ඉක්බාල් ටෙස්ට් කණ්ඩායමට

83

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් කෙටි විවේකයක් ලබා සිටින ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පසුගිය ඉරිදා බංගලාදේශයේ පැවති තරගයක දී ත්‍රිත්ව ශතකයක් වාර්තා කරන්නට සමත් වුනා. මේ බංග්ලාදේශ ක්‍රීඩකයෙකු බංගලාදේශ දේශීය පළමු පෙළ තරගයක රැස් කළ වැඩිම ලකුණු ගණනයි.

කලකට පසු එංගලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචාරයට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට…

වමත් පිතිකරු ඉක්බාල් බංග්ලාදේශය වෙනුවෙන් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ දෙවැන්නා වෙන අතර ඔහු නොදැවුණු ලකුණු 334ක් වාර්තා කළේ බංගලාදේශ ලීග් ක්‍රිකට් තරගාවලියේ මධ්‍යම හා නැගෙනහිර කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයක දී. ඔහු රකිබුල් හසන්ගේ ලකුණු 313 මෙන්ම කුමාර සංගක්කාර 2014 වසරේ වාර්තා කළ ලකුණු 319ක වාර්තාව ද බිඳ දැමුවේ බංගලාදේශයේ වාර්තා වුණු ඉහළම ඉනිම සටහන් කරමින්.

එය හරිම විශේෂ හැඟීමක්, හැමෝටම සිහිනයක් තිබෙනවා, නමුත් මම හිතුවේ නැහැ එය මේ තරගයේ දී හැබෑ වෙයි කියලා” තමිම් මාධ්‍ය හමුවේ පවසා තිබුණා. “ඕනෑම ප්‍රතිවාදියෙකු හමුවේ ලකුණු 300 ක් වාර්තා කිරීම අභියෝගයක්. එය ලෙහෙසි නම් ඔබලා දකීවි හැම මාසයේ දී ම ක්‍රීඩකයින් ත්‍රිත්ව ශතක වාර්තා කරනවා”. තමිම් මෙම දක්ෂතාව දැක්වූයේ නියම කාලයේ බවයි විචාරකයින්ගේ අදහස. ඔහු බංගලාදේශ කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන හා ඉන්දියා ටෙස්ට් තරගවලට ක්‍රීඩා නොකළ අතර ඔහු මේ වන විට නැවතත් කණ්ඩායමට එක්වීමට අපේක්ෂාවෙන් පසුවනවා. 

එතරම් හොඳින් ලකුණු රැස් නොකිරීම නිසා නිසා ඔහු පසුගිය නොවැම්බර් මාසයේ කෙටි විවේක කාලයක් ඉල්ලා සිටියේ සිය පවුල සමඟින් කල් ගත කිරීමටයි. බංග්ලාදේශය වෙනුවෙන් ආකෘති තුනේම වැඩිම ලකුණු ලාභියා වන තමිම් පසුගිය වසරේ එංගලන්තයේ දී පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයේ දී 29.37ක් සාමාන්‍යයක් රඳවා ගනිමින් රැස් කළේ ලකුණු 235ක් පමණයි.

කිවියන්ට අන්ත පරාජයක්

තම මව් රටේදී ලැබිය හැකි උපරිම අපකීර්තිය අත් විඳිමින් සත්කාරක නවසීලන්ත පිළ අද (0..

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණු එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ දී ඔහු මෂ්රෆි මොර්ටාසා වෙනුවට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නමුත් බංගලාදේශය තරග තුනම පරාජයට පත් වුණා. ඉක්බාල් තරග තුනේ දී ම රැස් කළේ ලකුණු 21ක් පමණයි. පෙබරවාරි 7 සිට 11 දා දක්වා පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයට නම් කර ඇති තමිම් ඉක්බාල් එරට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කරන්නට තීරණය කර තිබුණේ පාකිස්තාන අභියෝගයට මුහුණ දීමේ අරමුණින්.

තමිම් ඉක්බාල් පිටියෙන් ඉවත්ව යන විට ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපසට රැස්ව තමිම්ට ඔවුන්ගේ ඉහළම ගෞරවය පළ කළ අතර බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඔහුගේ ඉනිම සැමරීමට කුඩා උත්සවයක් පවත්වා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<