ප්‍රබලයෝ දෙදෙනෙක් නැවතත් බංග්ලාදේශ සංචිතයට

568

තරග තුනකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් – බංගලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තමිම් ඉක්බාල් හා ෂකිබ් අල් හසන් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. තරගාවලිය සඳහා බංගලාදේශ සංචිතය අද (2) නම් කෙරිණි.

මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ශ්‍රේණියේ.” මෙසේ කියන්නේ දැනට….

පසුගිය ආසියානු කුසලානයේ දී සුරංග ලක්මාල්ගේ පන්දුවක් වම් අතේ මැණික් කටුව ආසන්නයේ වැදීමෙන් තමිම් ඉක්බාල් ආබාධයකට ලක් වූ අතර ඒ නිසා ඔහුට සිම්බාබ්වේ සමඟ තරගාවලිය මඟ හැරිණි. ඉන්පසුව කොන්දේ ආබාධයක් නිසා ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරග දෙක අහිමි විය.

තරගාවලියට පෙර සූදානමක් ලෙස බංගලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා හා තමීම් ඉක්බාල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වදින බංගලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම සඳහා තරග වදිනු ඇත. බංගලාදේශ ටෙස්ට් නායක ෂකිබ් අල් හසන් ඇඟිල්ලේ ආබාධයකින් සුවය ලබා එක්දින කණ්ඩායමට එක්වනු ඇත.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය?

එංගලන්තය සමඟ පැවැත්වූ තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට…

ආසියා කුසලානය ක්‍රීඩා කළ මොසද්දෙක් හුසේන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර නසමුල් හුසේන්ට ද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන දෙසැම්බර් 9, 11 හා 14 යන දිනවල ඩකා හා සිල්හෙට් (Sylhet) හිදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය සඳහා බංගලාදේශ සංචිතය – මෂ්රෆි මොර්ටාසා (නායක), තමිම් ඉක්බාල්, ෂකිබ් අල් හසන්, මුශ්ෆිකුර් රහීම්, ඉම්රුල් කයිස්, සෞම්‍යා සර්කාර්, ලිටන් දාස්, මහමදුල්ලා, රුබල් හුසේන්, මුෂ්ටෆිසුර් රහ්මාන්, මෙහෙදී හසන්, නස්මුල් ඉස්ලාම්, මොහොමඩ් මිතුන්, සයිෆ් උද්දින්, අබු හයිදර්, අරිෆුල් හක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<