හතෙන් හතම දිවගොස් ජය ගත් ගැහැණිය

153
Susanne Gill

සුසෑන් ගිල් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. එමෙන්ම දිගු දුර ධාවන ශූරියකි. ඇය ශූරියකැයි අප කීවාට ඇය එසේ මෙසේ ශූරියක නොවේ.

ලෝක කාන්තා මැරතන් අභියෝග ශූරතාවය වෙනුවෙන් මැරතන් ධාවන 7ක් දින 7ක් පුරාවට සිදුකරමින් ජයග්‍රහණය ලද ඇය ලෝක වාර්තාවක් තැබුවාය. කිලෝ මීටර 295ක දුරක් ධාවනය කිරීමට ඇයට වැය වූයේ පැය 24යි, විනාඩි 19යි, තත්පර 9කි. ඒ සඳහා 34 හැවිරිදි සුසෑන් දිනකට කැලරි 5000ක් පමණ දහනය කරන්නට ඇතැයි සැලකේ. ජනවාරි 31 වැනිදායින් ඇරඹුණු ඇගේ ධාවනය අවසන් වූයේ  පෙබරවාරි 6 වැනිදායි.

“මේක මට තිබුණු හරිම පිස්සු පරමාර්ථයක්. මේ අභියෝගය අතාරින්නම බැරිවුණු එකක්.” ඇය රොයිටර් හමුවේ කීවාය.

ඇය මැරතන් ධාවනයට ආදරය කරන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 10කට පමණ පෙර සිටයි.

“අවුරුදු 10කට කලින් මට ඕන වුනේ ශාරීරික යෝග්‍යතාවය දියුණු කරගෙන ලන්ඩන් මැරතන් එක දුවන්නයි. නමුත් මැරතන් දිවීම නිසා මාව ඇත්තටම ලෝකේ වටේම අරන් ගියා.”

ඇය ලෝකයේ මහාද්වීප 7ක් පුරාම පා ධාවනය කළා පමණක් නොව, ඇගේ නම ද ලොව වටා ජනප්‍රිය වෙමින් තිබේ.

තරගකාරිනියන් තරග බිමට පිවිසීමට පෙර එක්වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදීයි. පසුව ඇන්ටාක්ටිකාවේ නෝවා වෙත ගිය ඔවුන් ධාවනය ඇරඹූ අතර පළමු වටයේ දී සුසෑන් හට හිමිවුණේ දෙවැනි ස්ථානයයි. ඒ වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -35ක් පමණ විය.

පසුව මහාද්වීප 7ම ආවරණය වන පරිදි දිවගිය ඇය ඒ සඳහා කි. මී. 88,500ක් පමණ චාරිකා කොට ඇත. එමෙන්ම වැයවන කැලරි නැවත ලබා ගැනීම සඳහා හොඳින් ආහාර ගැනීම ද අවශ්‍ය වූ බව ඇය කියයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<