සුපර් සන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජවලට ජයග්‍රහණ

343

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරග ලෙස ඊයේ (04) පැවති තරගවල දී සුපර් සන් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණ දෙකක් සමඟින් තරගාවලියේ ලකුණු සටහනේ පළමු ස්ථානයට ඇති උණුසුම තවත් ඉහළ නංවන්නට සමත් වූ අතර සොලිඩ් SC කණ්ඩායම සහ ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන මොරගස්මුල්ල SC කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සෝන්ඩර්ස් හමුවේ ක්‍රිස්ටල් පැලස්ට ජය

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරගයක් ලෙස ඊයේ (04) කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති…

සුපර් සන් SC – අප් කන්ට්‍රි ලයන්ස් SC

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවති සුපර් සන් කණ්ඩායම සහ අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ගෝල 5-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සුපර් සන් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු මිනිත්තු 20 තුළ දී ම ගෝල ත්‍රිත්වයකට හිමිකම් කියන්නට සුපර් සන් කණ්ඩායමේ අෆීස් ඔලයේමි සමත් වූ අතර තරගයේ මිනිත්තු 22ක් ගතවී යන විට ඔවුන් ගෝල 4ක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

Highlights – Navy SC v Super Sun SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

තරගයේ 10 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගත් අෆීස් 16 සහ 19 වන මිනිත්තුවල දී ඉතිරි ගෝල 2 වාර්තා කර ගනිමින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනු ලැබීය. අනතුරුව 22 වන මිනිත්තුවේ දී ඊ. බී. චන්න ඔවුන්ගේ සිව්වන ගෝලය වාර්තා කර ගැනීම සමත් විය.

පළමු අර්ධය: සුපර් සන්  SC 4 – 0 අප් කන්ට්‍රි ලයන්ස් SC

අනතුරුව සුපර් සන් කණ්ඩායම තවත් ගෝල වාර්තා කර ගැනීම නවතාලීම සඳහා අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින්ට දැඩි ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට සිදු වූ අතර කෙසේ නමුත් තරගයේ 61 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ ආරක්‍ෂක ක්‍රීඩා විලාශය බිඳ දැමූ කාවින්ද අතුරලිය ඔවුන්ගේ පස්වන ගෝලය වාර්තා කර ගනු ලැබීය.

Highlights – Renown SC v Java Lane SC – DCL17 (Week 5)

Uploaded by ThePapare.com on 2017-10-03.

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ගෝල 2ක් වාර්තා කර ගන්නට අමාටි එමා සමත් විය.

සම්පූර්ණ කාලය: සුපර් සන් 6 – 2 අප් කන්ට්‍රි ලයන්ස්

ගෝල ලාභීන්

  • සුපර් සන් – අෆීස් ඔලයේමි 10’, 16’ & 19’, ඊ. බී. චන්න 22’, කාවින්ද අතුරලිය 61’
  • අප් කන්ට්‍රි ලයන්ස් – අමාටි එමා 84’ & 90’

මොරගස්මුල්ල SC – සොලිඩ් SC

මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී, ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන මොරගස්මුල්ල SC කණ්ඩායමට, ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු වූ ලකුණු සටහනේ පළමු ස්ථාන පහ අතර සිටින සොලිඩ් SC කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් තරගාවලිය තුළ ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කර ගැනීමට හොඳ අවස්ථාවක් හිමිවුවත්, තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

Highlights – Moragasmulla SC v Renown SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

සොලිඩ් SC ක්‍රීඩකයින් පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම තරගයට පිවිසි අතර ඒ අනුව කස්දීම් ඕජෝ තරගයේ 9 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය. කෙසේ නමුත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව සොලිඩ් SC කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉශාන් හට විනිසුරුවරයා විසින් සෘජුවම රතුකාඩ්පතක් නිකුත් කිරීම නිසා ඔවුන්ට තරගයේ ඉතිරි කාලය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු විය. ඒ අනුව එහි දී මොරගස්මුල්ල කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එහි දී ඩිලාන් මදුෂංක එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

පළමු අර්ධය: මොරගස්මුල්ල SC 0 – 1 සොලිඩ් SC

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි වූ නමුත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ඒවා සාර්ථක කර ගැනීමට අපොහොසත් විය. එහි දී මොරගස්මුල්ල ක්‍රීඩකයින් හට අවස්ථාවන් ගණනාවක්ම හිමි වූ නමුත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන්ට හැකිවූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 60 වන මිනිත්තුවේ දී ඩිලාන් මදුෂංක විසින් මොරගස්මුල්ල කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබීය.

ඉතිරි මිනිත්තු කිහිපය තුළ දී තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට මොරගස්මුල්ල ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වුවද එය සාර්ථක වූයේ නැත. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

සම්පූර්ණ කාලය: මොරගස්මුල්ල SC 1 – 1 සොලිඩ් SC

ගෝල ලාභීන්

  • මොරගස්මුල්ල SC – ඩිලාන් මදුෂංක 60’
  • සොලිඩ් SC – කස්දීම් ඕජෝ 9’

ගුවන් හමුදා SC – මාතර සිටි

සිටි පාපන්දු සංකීර්ණයේ දී පැවති මෙම තරගයේ දී, ශූරතාවය හඹායන ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් කවිඳු ඉෂාන් දෙවන අර්ධයේ දී වාර්තා කර ගත් ගෝලයත් සමඟින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තවත් වැදගත් ලකුණු 3ක් සිය ලකුණු සටහනට එක්කර ගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ඒ වන විට කිසිදු තරගයක් පරාජයට පත්ව නොසිටි, ලකුණු සටහනේ පළමු ස්ථාන 3 අතර පසුවූ ගුවන් හමුදා කණ්ඩායමට කළම්බු FC සහ රිනවුන් SC කණ්ඩායම් සමඟ තරගයේ රැඳෙන්නට නම් ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. කෙසේ නමුත් මාතර සිටි කණ්ඩායම මෙම තරගයට පිවිසියේ ඊට පෙර තරගයේ දී ප්‍රබල නාවික හමුදා කණ්ඩායම ගෝල 4-3ක් වශයෙන් පරාජය කරමිනි.

Highlights – Saunders SC v Air Force SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

තරගය පුරාවට තරගය ගැටුමකින් අවසන් වන සේයාවක් දිස්වූ නිසා මෙම තරගයේ දී ක්‍රීඩකයින්ගේ විනය සහ විනිසුරුවරුන්ගේ තීරණ ගැන බොහෝ දෙනා කතාබහ කරනු නොඅනුමානය. කෙසේ නමුත් බොහෝ අවස්ථා වලදී මෙන් ගුවන් හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය මෙවරත් තහවුරු කර ගැනීමට සමත් වූයේ කවිඳු ඉෂාන් ය. ඔහු තරගයේ 50 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරගනු ලැබීය.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා SC 1 – 0 මාතර සිටි

ගෝල ලාභීන්

  • ගුවන් හමුදා SC – කවිඳු ඉෂාන් 50’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට