ඩයලොග් ලීගයෙන් කණ්ඩායමක් ඉවතට

3757

ඩයලොග් ශූරතා පාපන්දු තරගාවලියේ Renown ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයක දී දැක්වූ අශීලාචාර හැසිරීම් විලාශය හේතුවෙන් Super Sun ක්‍රීඩා සමාජයට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

ක්‍රිස්ටල් පැලස්, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයෙන් සමාව ඉල්ලයි

පසුගිය දා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඇතිවූ සිදුවීම් මාලාවකට …

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම සිදුවීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

2019 වසරේ ජනවාරි මස 27 වන ඉරිදා දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ඩයලොග් ශූරතා පාපන්දු තරගාවලියේ තරගයක් වන Renown ක්‍රීඩා සමාජය සහ Super Sun ක්‍රීඩා සමාජය අතර තරගයේ දී Super Sun ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරමින් හැසිරී තිබේ.

තරගයේ නියමිත කාලය නිමා වීමට ප්‍රථම Super Sun ක්‍රීඩා සමාජය තරග බිම හැර යමින් තරගාවලියේ නීතිරීති උල්ලංඝනය කර තිබේ.

මෙම සිදුවීම තරග විනිසුරුවරුන් විසින් වාර්තා කර ඇති අතර වීඩියෝ දර්ශන මඟින් ක්‍රීඩකයින් සහ නිලධාරීන් විසින් විවිධාකාරයේ නීති උල්ලංඝනය කිරීම් කර තිබේ.

සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිලධාරීන් ප්‍රකෝපකාරී ලෙස හැසිරීම, තරග විනිසුරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට තැත් කිරීම, අපවාදාත්මක භාෂා භාවිතය, තර්ජනය කිරීම වැනි වැරදි සඳහා පහත දක්වා ඇති ක්‍රීඩකයින් සහ නිලධාරීන් සම්බන්ධ බව අනාවරණය විය.

ඒ අනුව එම ක්‍රීඩකයින් සහ නිලධාරීන් නැවත දැනුම් දෙනතුරු තරග තහනමකට ලක් කර ඇති අතර ඔවුන් පාපන්දු ක්‍රීඩාවෙන් සහ පාපන්දු ක්‍රීඩාවේ කළමනාකරණයෙන් ඉවත් කර තිබේ.

  1. එම්. එස්. එම්. රිස්වාන් – සභාපති (Super Sun ක්‍රීඩා සමාජය)
  2. එම්. රම්සාන් – සම ලේකම්
  3. වී. ඔගස්ටින් – ප්‍රධාන පුහුණුකරු
  4. එන්. අයි. එම්. රිශාන් – ගෝල රැකීමේ පුහුණුකරු
  5. ටී. තියෝ ඩැනියෙල් – ක්‍රීඩක
  6. එම්. එන්. මොහමඩ් සුබාශිර් – ක්‍රීඩක/ගෝල රකින්නා  
  7. එම්. එස්. එම්. අසත් – ක්‍රීඩක
  8. එම්. එෆ්. එම්. රිෆ්කාන් – ක්‍රීඩක
  9. ටී. මොහමඩ් හර්ෆාන් – ක්‍රීඩක
  10. එම්. එෆ්. එම්. ෆසන් – ක්‍රීඩක

ආසියාවේ ජාමයත්, ඉරානයේ ගෝලයත් රකින්නා

පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන්ගෙන් බහුතරයක් යුරෝපා සහ ලතින් ….

Super Sun ක්‍රීඩා සමාජය හා සම්බන්ධ සිදුවීම සැකෙවින්

Renown ක්‍රීඩා සමාජය සහ Super Sun ක්‍රීඩා සමාජය අතර තරගයේ 70 වන මිනිත්තුවේ දී ක්‍රීඩකයින් සහ නිලධාරීන් විසින් තරග විනිසුරුවරුන් ලබා දුන් තීරණයක් (Offside) සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිවිය. ඉන්පසු ඉහත සඳහන් කරන ලද පුද්ගලයින් සමඟ Super Sun ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් පිටියෙන් ඉවත්වූ අතර තවදුරටත් තරග කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සහ ඩයලොග් ශූරතා පාපන්දු තරගාවලියේ අංක 8.1.3 සහ අංක 8.1.4 යන නීති උල්ලංඝනය කිරීම යන කරුණු සඳහා Super Sun ක්‍රීඩා සමාජය වැරදිකරු වී ඇති අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

තවද තරග සංවිධායක කමිටුව මඟින් Super Sun ක්‍රීඩා සමාජය සම්බන්ධයෙන් පහත තීරණ ගෙන ඇත.

  1. අංක 8.2. (c) දරන නීතියට අනුකූලව 2018 වසරට අදාළ ඩයලොග් ශූරතා පාපන්දු තරගාවලියේ ඉදිරි තරග අහිමි වන අතර ඉදිරි වසර දෙකක් සඳහා ද ඔවුන්ට ඩයලොග් ශූරතා පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.
  1. අංක 8.2. (a) දරන නීතියට අනුකූලව ඔවුන් ක්‍රීඩා කරන ලද තරග අවලංගු කර ඇති අතර තරගාවලිය අවසානයේ සිදු කිරීමට නියමිත ශ්‍රේණිගත කිරීම් සඳහා ඔවුන් ලබාගත් ප්‍රසාද ලකුණු සහ ගෝල සැලකිල්ලට නොගනු ඇත.
  1. FA කුසලානය සහ 2 වන කාණ්ඩයේ තරගාවලි හැර අනෙකුත් තරගාවලි ඔවුන්ට අහිමි වන අතර ඔවුන් 2 වන කාණ්ඩයේ තරගාවලියෙන් ක්‍රීඩා කර ඉදිරියට පැමිණිය යුතුය.
  1. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ලබා දුන් රු. 200,000ක අරමුදල දින 30ක් ඇතුළත නැවත ගෙවිය යුතු අතර ලබා දුන් අනෙකුත් අරමුදල් ද රාජසන්තක කර ඇත.

Super Sun ක්‍රීඩා සමාජයේ මෙම අශීලාචාර හැසිරීම් විලාශය පාපන්දු ක්‍රීඩාවට කරන ලද අපකීර්තියක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<