Home Sinhala මැතිව්ස් සහ භානුක දඹුලු කණ්ඩායම ගොඩ ගනී

මැතිව්ස් සහ භානුක දඹුලු කණ්ඩායම ගොඩ ගනී

228

අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවැති තරගයේ දී දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ භානුක රාජපක්ෂ එක්ව මහනුවර කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් ලකුණු 94ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ අද (10) සමත් වූහ.

Photos: Kandy vs Damulla | Super Provincial One Day 2019 | 3rd Place Play Off

ThePapare.com | Viraj Kothalawala | 10/04/2019 Editing and re-using images without..

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයෙන් ලැබූ එම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ තෙවැනි ස්ථානය දඹුල්ල ක්‍රීඩකයන් සතු වූ අතර සිවු වැනි ස්ථානය මහනුවර ක්‍රීඩකයන්ට හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් මහනුවර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම ආරම්භයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලබා අසීරු තත්වයක පසු වූහ. එසේ වූව ද එම ඉනිම ගොඩ ගැනීමට භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

තම ඉදිරිපෙළ පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල (4), ඕෂද ප්‍රනාන්දු (6) සහ ධනුෂ්ක ගුණතිලක (15) වේලාසනින් ඉනිම් හැර යද්දී භානුක රාජපක්ෂ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සටන්කාමි කඳවුරක් බැඳ ගත්තේය. ඔහු පන්දු 87කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 95ක් ලබා ගැනීමට සමත් විය.

භානුක බැඳි කඳවුරේ අභීත සෙන්පති වූයේ නායක ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු පන්දු 106කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 101ක් ලබා ගත්තේය. මැතිව්ස් අද රැස් කළේ මෙම තරගාවලියේ වාර්තා වූ දෙවැනි ශතකයයි. මීට පෙර ශතකයක් වාර්තා කර සිටියේ කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය පමණි.

භානුක සහ මැතිව්ස් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 150කි.

සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් යැයි මා..

භානුක ගේ දැවී යෑමෙන් අනතුරු ව මැතිව්ස්, ජීවන් මෙන්ඩිස් හා එක් ව 5 වැනි කඩුල්ලට ද ලකුණු 71ක සබඳතාවක් ද ගොඩ නගමින් දඹුලු කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය වැඩි කිරීමට දායක වූවේ ය. ජීවන් මෙන්ඩිස් දඹුලු ඉනිම අවසන් වන විට පන්දු 33කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියේය. ඊට අමතර ව අනෙක් අන්තයේ සිටි ඉසුරු උදාන පන්දු 14ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ප්‍රවේගවත් ලකුණු 34ක් ලබා ගත්තේය.

ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන අතර 6 වැනි කඩුල්ලට එක්වූ නොදැවුණ සබඳතාව ලකුණු 59කි. කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී දවා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නායක දිමුත් කරුණාරත්න කිසිදු ලකුණක් නොලබා දැවී යද්දීය. එසේ වූව ද මහනුවර ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සබඳතාවක් එක් කිරීමට සධීර සමරවික්‍රම සහ සංගීත් කුරේ සමත් විය. සංගීත් කුරේ පන්දු 79කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය. සධීර සමරවික්‍රම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70කි. ඔහු ඒ සඳහා පන්දු 66කට මුහුණ දුන් අතර හතරේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කළේය.

අනතුරුව මහනුවර කණ්ඩායම වෙනුවෙන් වගකිව යුතු ඉනිමක් ක්‍රීඩා කළේ චතුරංග ද සිල්වා සහ තිසර පෙරේරා පමණි. චතුරංග ද සිල්වා පන්දු 32ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර තිසර පෙරේරා පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

අරවින්ද සහ හරීන් කළින්ම අත් ඔසවති

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ඇඳී තිබෙන…

ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට (11) පැවැත්වීමට නියමිත ය.

මෙම තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ලබන අතර එහි සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න අප සමඟින් ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Kandy
231/10 (42.2)

Team Dambulla
325/5 (50)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Dimuth Karunaratne b Nuwan Pradeep 4 8 1 0 50.00
Danushka Gunathilake c Jeffrey Vandersay b Thisara Perera 15 38 1 0 39.47
Oshada Ferenado c Malinda Pushapakumara b Nuwan Pradeep 6 14 0 0 42.86
Bhanuka Rajapakse b Kasun Rajitha 95 87 11 2 109.20
Angelo Mathews c Dimuth Karunaratne b Thisara Perera 101 106 9 2 95.28
Jeevan Mendis not out 50 33 2 3 151.52
Isuru Udana not out 34 14 3 2 242.86


Extras 20 (b 5 , lb 4 , nb 0, w 11, pen 0)
Total 325/5 (50 Overs, RR: 6.5)
Bowling O M R W Econ
Nuwan Pradeep 10 1 68 2 6.80
Kasun Rajitha 10 2 71 1 7.10
Thisara Perera 10 0 54 2 5.40
Sachithra Senanayake 10 0 49 0 4.90
Malinda Pushapakumara 5 0 32 0 6.40
Jeffrey Vandersay 5 0 42 0 8.40


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne b Vishwa Fernando 0 2 0 0 0.00
Sadeera Samarawickrama b Jeevan Mendis 70 66 9 0 106.06
Sangeeth Cooray lbw b Isuru Udana 57 79 8 0 72.15
Pathum Nissanka c Niroshan Dickwella b Ishan Jayaratne 11 14 0 0 78.57
Sachithra Senanayake c Vishwa Fernando b Danushka Gunathilake 17 24 2 0 70.83
Chathuranga de Sliva c Ishan Jayaratne b Danushka Gunathilake 30 31 4 0 96.77
Thisara Perera b Isuru Udana 21 17 1 1 123.53
Jeffrey Vandersay run out (Ishan Jayaratne) 0 0 0 0 0.00
Malinda Pushapakumara c Ashan Priyanjan b Jeevan Mendis 9 13 0 0 69.23
Kasun Rajitha c Niroshan Dickwella b Vishwa Fernando 1 4 0 0 25.00
Nuwan Pradeep not out 10 4 1 1 250.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 231/10 (42.2 Overs, RR: 5.46)
Bowling O M R W Econ
Vishwa Fernando 6.2 0 40 2 6.45
Ishan Jayaratne 6 0 34 1 5.67
Danushka Gunathilake 8 1 34 2 4.25
Isuru Udana 5 0 21 2 4.20
Ashan Priyanjan 6 0 36 0 6.00
Jeevan Mendis 8 0 47 2 5.88
Lakshan Sandajan 3 0 18 0 6.00