සුපිරි තරුවෙන් සුපිරි තරුවට අභියෝගයක්

285

දිනෙන් දින නැවුම් වෙමින් උද්වේගකරව ඉදිරියට එන ලෝක පාපන්දු පිටියේ උණුසුම් පුවත් මවන්නන් අතර පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙන්ම ආර්ජෙන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පෙරමුණේ පසුවන බව කිසිවෙකුටත් අමුතුවෙන් කිවයුතු නැත.

මෙසී – රොනාල්ඩෝ ආධිපත්‍ය බිඳ වැටේ; මොඩ්රිච් Ballon d’Or දිනයි

2008 වසරෙන් පසු පළමු වතාවට රොනාල්ඩෝ – මෙසී ආධිපත්‍ය බිඳ හෙළමින් 2018 Ballon d’Or…

තරගකාරී ලෝක පාපන්දු පිටියේ එකිනෙකාට, නොදෙවෙනි පරිපූර්ණත්වයක් සහ කුසලතාවයක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී සතුය. වසරක් පාසා ලොව විශිෂ්ටතම පාපන්දු තරුවට පිරිනමන Ballon D’or සම්මානය මොවුන් දෙදෙනා පස්වතාව බැගින් හිමිකරගෙන තිබීම එදා මෙදාතුර පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටම ක්‍රීඩකයන් දෙදෙනා මොවුන් බව පසක් කිරීමට කදිම නිදසුනකි.

කෙසේ වෙතත් මේ වන විට යළිත් වරක් මෙම සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව ලොව පුරා වෙසෙන පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කතාබහක්  මතුව ඇත. ඊට හේතුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දා ඉතාලියේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලයනල් මෙසීට අභියෝගයක් එල්ල කිරීමයි.

එහි දී “හැකි නම් වසර 14ක් පුරා මෙසී යන මාර්ගය වෙනස් කර අලුත් මාර්ගයක ගමන් කර පෙන්වන මෙන්” රොනල්ඩෝ මෙසීට අභියෝග කර තිබේ.

ගෙවී ගිය ග්‍රීෂ්ම ඍතුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2009 සිට 2018 දක්වා අඛණ්ඩව වසර 9ක් සිය දිගුකාලීන සේවය සැපයූ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට සමු දුන්නේය. අනතුරුව යුරෝ මිලියන 99.2ක මුදලකට ඉතාලියේ සෙරියර් ඒ‘ (serie A) ලීගයේ ප්‍රබලතම කණ්ඩායම වන යුවෙන්ටස් ක්‍රීඩා සමාජය සමඟ නව ගිවිසුමකට එළඹුණි.

මේ හේතුවෙන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙසේ පවසා තිබේ,

“ලයනල් මෙසීත් ඉතාලියට පැමිණ ක්‍රිඩා කරනවා නම් මම කැමතියි. මොකද මම හිතනවා ඔහුත් මම වගේම මේ අභියෝගය භාර ගනී කියලා.”

මගේ ක්‍රීඩා දිවියේ මුල් තරගවාර 7 මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රිඩා කළා. ඒ වගේම බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය වැනි රටවල ප්‍රබල ක්‍රීඩා සමාජ කිහිපයක මම ක්‍රිඩා කරලා තියෙනවා. නමුත් මගේ සමකාලීනයෙක් වුනත් මෙසී ගතවුණු වසර 14ම ක්‍රීඩා කරලා තියෙන්නේ බාර්සිලෝනා කණ්ඩායමේ විතරයි.

මට හිතෙන විදියට ජීවිතය කියන්නේ අභියෝගයක්. ඉතින් මම මේ අභියෝගය භාරගන්න බය වුණේ නෑ. මම කැමතියි අලුතින් එන බාධකවලට මුහුණ දෙන්න. එ් වගේම ඒක නිසයි මම ටියුරින්වලට ආවේ. මම මේ වෙනසට කැමතියි වගේම මිනිස්සුන්ව සතුටු කරන්න ගොඩක් කැමතියි. ඉතින් මෙතෙක් වෙනකං හැමදේම හොඳින් සිදු වුනා. මට හැකි වුනා තවමත් මම විශිෂ්ට ක්‍රීඩකයෙක් කියලා පෙන්වන්න. ඉතින් මම මෙසීටත් මේ අභියෝගය භාරගන්න කියලා කියනවා” යැයි වැඩිදුරටත් රොනාල්ඩෝ පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දීඔබට මෙසී සමඟ තරග කිරීමේ අවස්ථාවන් අහිමි වීමෙන් ඔබ දුක්වෙනවා දැය‍ි’ මාධ්‍යවේදියෙක් පැනයක් විමසා සිටි අතර ඊට සිනාමුසු මුහුණින් යුතුව පිළිතුරු ලබා දෙමින් රොනාල්ඩෝ සදහන් කර ඇත්තේ,

“මෙසී කියන්නේ සුපිරි ක්‍රීඩකයෙක් සහ හොඳ පුද්ගලයෙක්. නමුත් මට වඩා මෙසීට, මම නැති අඩුව තදින්ම දැනෙයි වගේම මේ ආරම්භ කරපු අලුත් ගමනේ දී තමන්ට මේ වන තෙක් කිසිදු ගැටලුවක් මතුනොවුණු බවයි. 

>>තවත් පාපන්දු පුවත් සදහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<