ජාතික වෙරළ වොලිබෝල් තරගාවලිය සතිඅන්තයේ

268

2018 ‘Sunquick’ ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීමට ලෝක ප්‍රසිද්ධ පලතුරු යුෂ සන්නාමයක් වන ‘Sunquick’, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ එක්වෙමින් කටයුතු සූදානම් කර ඇත.  

එහි අවසන් තරග හෙට (19) පැවැත්වීමට නියමිත ඇති අතර එහි දී සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකරනු ලැබූ නව වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණය ද විවෘත කිරීමට නියමිත ය.

තායිලන්ත ගිය ජනිත සුරත්ගෙන් විශිෂ්ට දස්කම්

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති ‘Thai-Denmark Super League 2018…

‘Sunquick’ ආයතනයේ නියෝජිතයෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;

“වසර ගණනාවක සිට ‘Sunquick’ ආයතනය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව සමඟ සමීපව කටයුතු කරනවා. අපේ ජාතික ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් යමක් කරන්න ලැබීම අපට ආඩම්බරයට කරුණක්. ඒ වගේම 2018 ‘Sunquick’ ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගාවලිය සංවිධානය කරන්න දරපු උත්සාහය වෙනුවෙන් අපි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ස්තූතිවන්ත වෙනවා.”

‘Sunquick’ ආයතනය විසින් ‘Sunquick’ කුසලාන වෙරළ වොලිබෝල් තරගාවලිය 2006 වසරේ දී පළමු වරට පවත්වනු ලැබූ අතර එහි දී එය වසර 2ක් පවත්වා, විරාම කාල සීමාවකින් අනතුරුව නැවතත් තරගාවලිය පැවැත්වීමට ඔවුන් කටයුතු කර ඇත.

365 වන රටෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ඉසව්වේ අද (09) පැවති තරගයේ දී…

ඩෙන්මාර්කය කේන්ද්‍ර කර ගත් සන්නාමයක් වන ‘Sunquick’ ලොව පුරා රටවල් 100කට අධික මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් පරිහරණය කරනු ලබන අතර ‘Sunquick’ පානයන් ස්වාභාවික පලතුරු වල රසය මෙන්ම පැහැයෙනුත් සමන්විත වෙයි.

එය ‘Scan Products Division C. W. Mackie PLC’ ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන අතර එම අදාළ වෙළඳපොළ තුළ 68%ක කොටස් වලට හිමිකම් කියමින් එහි ප්‍රමුඛ ස්ථානය ගැනීමට ද ඔවුන් සමත්ව ඇත. ඒ අනුව දීර්ඝ කාලයක සිට ඔවුන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගේ ප්‍රියතම පලතුරු යුෂ පානය ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<