මීගමු වෙරළ තීරය දෙසැම්බරයේ දී වොලිබෝල්වලින් උණුසුම් වෙයි

153

සන්ක්වික් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන සන්ක්වික් ජාතික බීච් වොලිබෝල් තරගාවලියේ 2019 වසරේ තරගාවලිය දෙසැම්බර් 20, 21 හා 22 යන දිනවල දී මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතයි. 

තියුණු තරගයක් දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අවසන් කරයි

20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ …..

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (05) ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ දී (NOC) පැවැත්වූ අතර තරගාවලිය විවෘත, වයස අවුරුදු 20න් සහ 25න් පහළ යන වයස් කාණ්ඩයන්ගෙන් කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමට නියමිත බව දැනුවත් කරන ලදි. 

පසුගිය වසරේ සිට සන්ක්වික් ආයතනය මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන අතර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් ලබා දීමට ඔවුන් විසින් කටයුතු යොදා ඇත. 

එහි දී පළමු කණ්ඩායම් 8ට පැමිණෙන සියලුම කණ්ඩායම්වලට මුදල් ත්‍යාග ද, ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම්වලට පදක්කම් සහ කුසලාන හා සියලුම වයස් සීමාවල දක්ෂතා දක්වන්නන්ට මුදල් ත්‍යාග සමඟ කුසලාන ද ලබා දීමට අනුග්‍රාහකයින් කටයුතු සංවිධානය කර ඇත.

මෙහි දී අදහස් දැක්වූ සන්ක්වික් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා පවසා සිටියේ, “මෙම තරගාවලියට අපි කණ්ඩායම් 200ක්වත් සහභාගී වෙතැයි අපේක්ෂා කරනවා. මෙය ආරම්භයක් පමණයි. ඉන්පසුව පාසල් මට්ටමට ගෙන යාමට හා වෙළඳසේවා තරගාවලියක් සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙය තවත් වසර ගණනක් ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ අපි අවබෝධතා ගිවිසුමක් අපි අත්සන් කරනවා. නමුත් ඒ හැමදේම තීරණය වන්නේ මෙම තරගාවලිය මතයි” යනුවෙනි.

මෙහි වයස් කාණ්ඩවල වයස අවුරුදු 25න් පහළ ක්‍රීඩකයන් 1995 ජනවාරි 01 වන දින හෝ ඊට පසු උපත ලබා තිබිය යුතු අතර වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් 2000 ජනවාරි 01 වන දින හෝ ඊට පසු උපත ලබා තිබිය යුතු වේ.

මෙම තරගාවලිය ජාත්‍යන්තර වොලිබෝල් නීතිරීති හා ආසියානු වොලිබෝල් සම්මේලනයේ නීතිරීති වලට අනුව සංවිධානය කිරීමට කටයුතු සලසා ඇත.

මේ සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2019 දෙසැම්බර් වැනිදාය. මේ සඳහා අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය වන්නේ,  

තරග ලේකම්,

සන්ක්වික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය 2019,

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,

අංක 33,

ටොරින්ටන් පෙදෙස,

කොළඹ 07

විද්‍යුත් තැපෑල – [email protected]

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා බීච් වොලිබෝල් හි ජ්‍යේෂ්ඨ උපසභාපති හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති කේ. ලක්ෂ්මන් යන මහත්වරුන් ද, සන්ක්වික් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා, ජෙරම් ජයසිංහ, එල්. කරුණාරත්න ඇතුළු සන්ක්වික් ආයතනයේ මහත්වරුන් ද, මොරටුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කේ. ඩී. ආර්. සී. රත්නමුදලි ඇතුළු මහත්වරුන් ද පිරිසක් සහභාගී විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<