100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

792
Royal College Boxing

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අද (10) කොළඹ මාස් රාජකීය බොක්සිං අංගනයේ දී පැවැත්විය. එහි දී විශිෂ්ට දස්කම් දැක්වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

රාජකීයයන් 6 දෙනෙකු 30 වසරක නොඉවසිල්ලට තිත තබයි

ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (09) පැවැත්වුණේ මාස් රාජකීය බොක්සිං…

1914 වර්ෂයේ දී ඇරඹි තරගාවලියේ මුල්ම ජයග්‍රාහකයා වූයේ මහනුවර ත්‍රිත්ව විදුහලයි. එහෙත් එතැන් සිට ස්ටබ්ස් පළිහ 18 වරක් තමන් සතුකරගනිමින් තරගාවලි ඉතිහාසයේ ආධිපත්‍යය රඳවාගත් රාජකීය විද්‍යාලය, ස්ටබ්ස් පළිහේ ශතවර්ෂ පූර්ණයේ දී නැවතත් ජයකෙහෙලි නංවන්නට සමත් විය.

රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 2ක්, ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් රාජකීය පුතුන් සමස්ත තරගාවලිය තුළ කෙතරම් ශක්තිමත් වීද යත්, ඔවුන්ගේ සම්පූර්ණ කණ්ඩායමම අවසන් පූර්ව වටයේ අසුන් වෙන්කොටගෙන තිබුණි.

විශේෂත්වය වන්නේ අවසන් වරට රාජකීයයන් ස්ටබ්ස් පළිහ ශූරතාවයක් ජයගත්තේ 1987 වර්ෂයේ දී වීමයි. ස්ටබ්ස් පළිහේ දැවැන්තයාට නැවත හිස එසවීමට වසර 30ක් ගතවූයේ ඇතැම් විට දිවයිනේ පළාත් කිහිපයකින් දක්ෂ ක්‍රීඩකයන් බිහිවීම නිසා වුවත්, කිහිපවරක්ම රාජකීයයන්ට සිදු වූ අඩුපාඩු ඉවසමින් ඔවුන් පුහුණුවීම්වල යෙදුනි.

2004 වර්ෂය එවන් වර්ෂයකි. එහි දී තරගාවලියේ ශූරයන් තෝරා ගැනීම සඳහා ලකුණු ක්‍රමයක් යොදාගත් අතර රාජකීය විදුහලට ශූරතාවය මඟහැරී ගියේ එක් ලකුණකින් විය.

සියවැනි ස්ටබ්ස් පළිහ තරගාවලිය ජයගන්නා රාජකීය විද්‍යාලයීය බොක්සිං ඉතිහාසයට ද වසර 100ක් පිරුණේ මේ වසරේ දී ම වීම, ශූරතාවය මත පැළඳවූ මල් මාලයක් මෙනි.  

100 වැනි ස්ටබ්ස් පළිහේ ශූරතාවය දිනා ගැනීමෙන් පසු රාජකීය විදුහල් බොක්සිං පුහුණුකරු අබ්දුල්ලා ඉබුනු මහතා මෙසේ තම සතුට ප්‍රකාශ කර සිටියේය.

පාසල් බොක්සිං වල ඉදිරියෙන්ම හිටපු රාජකීය විද්‍යාලයේ බොක්සිං ඉතිහාසයට 100 වසරක් පිරුණු අවුරුද්දේ මේ දේ කරන්න ලැබීම ගැන මමත් ආදි රාජකීයයෙක් හැටියට සතුටු වෙනවා. හිතේ ගොඩක් දේවල් තිබුනට කියන්න අමාරුයි. මීට වඩා දක්ෂ කණ්ඩායම් අපට හිටපු කාලවල් තිබුණත් යම් අසාධාරණකම් නිසා ඔවුන්ට ශූරතාවය මඟ හැරුණා.”

ඒත් මෙවර තරගාවලිය හොඳින් ක්‍රියාත්මක වුණු බව කිව යුතුයි. ළමයි හොඳින් පුහුණු වුනා. කැපවුනා. රාජකීය විදුහල් බොක්සිං සමාජය සහ විදුහලේ පාලකයන්ගෙන් ලැබුණු සහයත් මීට ඉවහල් වුනා.” ඉබුනු කීවේය.   

කෙසේ වෙතත් රාජකීය විදුහල් කණ්ඩායම තරගාවලියේ ජයකෙහෙලි නංවද්දී එහි අනුශූරතාවයට පත්වුණේ හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයයි. ඔවුන් විසින් රන් 3ක් සහ රිදී 2ක් අත්පත් කරගනු ලැබිණි.

තරගාවලියේ තෙවන ස්ථානය පිළිමතලාව ධීරානන්ද විදුහල විසින් දිනාගත්තේ රන් පදක්කම් 3ක් සමඟිනි.

ජ්‍යෙෂ්ඨ අංශයේ එක් එක් බරපන්ති වල ශූරයන්

කි. ග්‍රෑම්. 49 (ලයිට් ෆ්ලයි වෙයිට්) –
ශූරයා – සංජය බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය)
අනුශූරයා – එල්. බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය)

කි. ග්‍රෑම්. 52 (ෆ්ලයි වෙයිට්) –
ශූරයා – ජේ. කුමාර (හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය)
අනුශූරයා – එස්. හිමන්ජිත් (සාන්ත ජෝන් විද්‍යාලය)

කි. ග්‍රෑම්. 56 (බැන්ටම් වෙයිට්) –
ශූරයා – වී. හෙට්ටිආරච්චි (රාජකීය විද්‍යාලය)
අනුශූරයා – ටී. රශ්මික (හොරණ විද්‍යාරතන

කි. ග්‍රෑම්. 60 (ලයිට් වෙයිට්)
ශූරයා – එල්. ලක්තිලිණ (හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය)
අනුශූරයා – එම්. ආසින් (රාජකීය විද්‍යාලය)

කි. ග්‍රෑම්. 64 (වෙල්ටර් වෙයිට්)
ශූරයා – එම්. කුලරත්න (පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය)
අනුශූරයා – වී. ආටිගල (රාජකීය විද්‍යාලය)

කි. ග්‍රෑම්. 69 (වෙල්ටර් වෙයිට්)
ශූරයා – එම්. සුභසිංහ (පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය)
අනුශූරයා – ඩී. මධුශංක (ස්වර්ණජෝති ජාතික පාසල)

කි. ග්‍රෑම්. 75 (මිඩ්ල් වෙයිට්)
ශූරයා – පී. සමරසිංහ (රාජකීය විද්‍යාලය)
අනුශූරයා – එස්. රණසිංහ (විද්‍යාර්ථ විද්‍යාලය)

කනිෂ්ඨ අංශයේ එක් එක් බරපන්ති වල ශූරයන්

කි. ග්‍රෑම්. 49 (ලයිට් ෆ්ලයි)
ශූරයා – එන්. ජිනදාස (පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය)
අනුශූරයා – එස්. බණ්ඩාර (කඩුගන්නාව ජාතක පාසල)

කි. ග්‍රෑම්. 52 (ෆ්ලයි වෙයිට්)
ශූරයා – ඒ. අහමඩ් (රාජකීය විද්‍යාලය)
අනුශූරයා – පී. ඉරෝෂන් (හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය)

කි. ග්‍රෑම්. 56 (බැන්ටම් වෙයිට්)
ශූරයා – වී. නෙරංජන් (රාජකීය විද්‍යාලය)
අනුශූරයා – ඩී. ජයරත්න (ධර්මරාජ විද්‍යාලය)

කි. ග්‍රෑම්. 60 (ලයිට් වෙයිට්)
ශූරයා – ඩී. රණතුංග (විද්‍යාර්ථ විද්‍යාලය)
අනුශූරයා – ආර්. නයනානන්ද (කඩුගන්නාව ජාතික පාසල)

කි. ග්‍රෑම් 64 (ලයිට් වෙල්ටර්)
ශූරයා – ඩී. හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ විද්‍යාලය)
අනුශූරයා – විෂ්ණු පුෂ්පරාජ් (යාපනය මධ්‍ය විද්‍යාලය)

කි. ග්‍රෑම් 69 (වෙල්ටර් වෙයිට්)
ශූරයා – ජී. ඩිල්ෂාන් (ශාන්ත ජෝන් විද්‍යාලය)
අනුශූරයා – පී. සමරසිංහ (ආනන්ද විද්‍යාලය)

කි. ග්‍රෑම් 75 (මිඩ්ල් වෙයිට්)
ශූරයා – පී. සුධම්ම (හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය)
අනුශූරයා – බී. ජයරත්න (විද්‍යාර්ථ විද්‍යාලය)

කි. ග්‍රෑම් 81 (ලයිට් හෙවි වෙයිට්)
ශූරයා – එම්. හිදුරංගල (මහානාම විද්‍යාලය)
අනුශූරයා – බී. ගමගේ (ශාන්ත ජෝශප් විද්‍යාලය)

සමස්ත ශූරයන් – රාජකීය විද්‍යාලය
සමස්ත අනුශූරයන් – හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය
තෙවන ස්ථානය – පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය

දක්ෂතම ක්‍රීඩකයා – වී. නෙරංජන් (රාජකීය විද්‍යාලය)
ආධුනික අංශයේ දක්ෂතම ක්‍රීඩකයා – පුෂ්පරාජ් විෂ්ණු (යාපනය මධ්‍ය විද්‍යාලය)
දක්ෂතම පරාජිතයා – එස්. බණ්ඩාර (කඩුගන්නාව මධ්‍ය විද්‍යාලය)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<