අනවශ්‍ය සෙල්ලම් බැහැ – පාසල් රග්බි ලීගයේ නීති තද කරයි

1371

මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලෝක රග්බි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා ආකෘතියටම අනුව පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව උදෙසා නීති රීති කිහිපයක් දැඩි වනු ඇතැයි ද වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ 2000 වසරේ ඉපදුණු ක්‍රීඩකයින්ට පමණක් කණ්ඩායමක ඉදිරිපෙළ පළමු ක්‍රීඩකයින් ත්‍රිත්වයට ඇතුළත් විය යුතු බවයි.

පුහුණුකරුවෙකු නොමැතිව ත්‍රිත්ව විද්‍යාලය අමාරුවක

2019 වසරේ පාසල් රග්බි ලීගය ආරම්භ වීමට තවත් සති කිහිපයක් පමණක්….

“නීතිය වුණේ 2000 වසරේ උපන්, සිය අවසන් වසර ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට  කිසිදු විරෝධයකින් තොරව ඉදිරිපෙළ පළමු ක්‍රීඩකයින් ත්‍රිත්වයට ක්‍රීඩා කළ හැකියි කියා” ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම ThePapare.com හමුවේ ප්‍රකාශ කළා.

“ඒ කියන්නේ 2001, 2002, 2003 වසර වල ඉපදුණු ක්‍රීඩකයින්ට පළමු පෙළ ක්‍රීඩා කරන්න බැහැ කියන එක නෙවෙයි, ඔවුනුත් පාසල්වලට ඒවා ඇති ඇතුලත්වීමේ ලේඛනය පුරවා එවිය යුතුයි”

“ඊට අමතරව ඔවුන් ලියාපදිංචි වූ වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය සහතිකයකුත් විය යුතුයි, ඒක අනිවාර්යයි ”

“අපි මේක කරන්නේ ලෝක රග්බි වයස අවුරුදු 19න් පහළ නීතිරීති වලට අනුගත විය යුතු නිසා, ඒ වගේම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත්”

ඒ අනුව 2000 වසරේ උපන් ක්‍රීඩකයින්ට වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවනු ඇත. කෙසේ වෙතත් 2000 වසරෙන් පසුව උපන් ක්‍රීඩකයින්ට නිසි ලියාපදිංචි ලියකියවිලි පිරවීම හා වෛද්‍ය සහතිකයක් එවීමෙන් අනතුරුව පළමු පෙළ ක්‍රීඩා කිරීමේ වරම් හිමිවනු ඇත.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත් වන්නේ පසුගිය වසර කිහිපය පුරා ක්‍රීඩකයින් දිගින් දිගටම විවිධ ආබාධවලට මුහුණ දුන් නිසයි. ලෝක රග්බි ආයතනයේ වයස අවුරුදු 19න් පහළ නීතිවලට අනුව ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකන හෙයින් ශ්‍රී ලංකාවේ පාසල් නීතිරීති මාලාව ද ඒ අනුව සකස් වීම ඇගයීමට පාත්‍ර කළ යුතු කරුණක්.

“මේක ලෝක රග්බි 19න් පහළ නීතියක්, කිසිවෙකුට ඊට විරුද්ධ වෙන්න බැහැ, අපි දැන් ක්‍රීඩා කරන්නේ ලෝක රග්බි 19න් පහළ නීතිරීති වලට අනුව“ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පවසා සිටියා

“අපි 2000න් පසු ඉපදුණු ක්‍රීඩකයින්ටත් ක්‍රීඩා කරන්න අවස්ථාව දෙනවා, නමුත් ක්‍රීඩාව අතරතුර ඔවුන්ට සිදුවන ආබාධවලට අපි වග කියන්නේ නැහැ.”

ඒ අනුව එම ක්‍රීඩකයින්ට ඇති වන ආබාධවලට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වග නොකියනු ඇති යන නීතිය ද නීති පොත් වලට ඇතුළත් වනු ඇත.

ප්‍රබල පාසල් තුනකට නව රග්බි නායකයින්

එළඹෙන 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා එක්වන ප්‍රබල…

“සියලු පාසල්වල විදුහල්පතිවරු 2000න් පසු ඉපදුණු මුල්පෙළ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන තරගාවලියක් අතරතුර දී හෝ පුහුණුවීම් වලදී සිදුවන ආබාධවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි”

පසුගිය වසරේ දී ලෝක රග්බි වයස අවුරුදු 19න් පහළ ආකෘතියට අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලිය ක්‍රියාත්මක විය. ඒ ඉතිහාසයේ පළමු වතාවටයි.

මෙවර තරගාවලිය එළඹෙන පෙබරවාරි 28 වැනිදා ආරම්භ වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<