IPL වෙන්දේසියේ මැතිව්ස් – කුසල් කැපෙද්දී මාලිංග බේරෙයි

1324

එළඹෙන 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග මාලාවට අදාළ වූ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වුන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් අළෙවි වූ එකම ක්‍රීඩකයා බවට වත්මන් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වයට පත් ලසිත් මාලිංග පත්විය.

අදාළ වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දෙකක ලංසුව යටතේ ඉදිරිපත් වූ මාලිංගව මෙතෙක් කලක් ඔහු ක්‍රීඩා කරන ලද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිල දී ගැනීම ද කැපී පෙනුණි.

කුසල් මෙන්ඩිස් සමරවීරට තෑග්ගක් දෙන්න සැරසේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරයට සමුදීමට නියමිත තිලාන් සමරවීරට

මූලික මුදල වූ රුපියල් කෝටි දෙක යටතේ ලංසුව ආරම්භ වීමත් සමඟ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මාලිංගගේ ලංසුව අනුමත කළ අතර අනතුරුව වෙනත් කණ්ඩායමක් ලංසු ඉදිරිපත් කිරීමට නොපෙළඹීම මත ඉදිරි පත්වූ මුදලටම මාලිංගව මිල දී ගැනීමට මුම්බායි කළමනාකාරිත්වයට හැකි විය.

අයි. පී. එල්. ඇරඹි 2008 වසරේ සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලද ලසිත් මාලිංග, ආරම්භයේ සිටම එකම කණ්ඩායමක් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතළොස්සට අයත් වන ක්‍රීඩකයෙකි. අයි. පී. එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවට ද හිමිකම් කියන මාලිංගව, අවසන් වසරේ පැවති තරගාවලියේ දී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවුන ද පන්දු යවන්නනෙකු වශයෙන් මාලිංග සතු වන උපක්‍රමශීලී භාවයෙහි වටිනාකම දත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කළමනාකාරිත්වය පන්දු යැවීමේ විශේෂ පුහුණුකරුවකු ලෙසින් තබා ගැනීමට පියවර ගැනීම විශේෂත්වයක් විය.

මාලිංගට අමතරව මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරාගේ නම් ලංසුවට ඉදිරිපත් වූ නමුත්, ඔවුන් මිල දී ගැනීම සඳහා කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. මෙහි දී මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික ලංසුව යටතේ ද, කුසල් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව යටතේ ද ඉදිරිපත්ව සිටිය හ.

පතිරණ, ශිරාන් සහ තායිබු බදුරලිය බේරා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (18) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති

අදාළ වෙන්දේසියේ මූලික වටය යටතේ නවසීලන්තයෙන් ඉදිරි පත්වූ බ්‍රෙන්ඩන් මැකලම්, මාටින් ගප්ටිල්, කොරේ ඇන්ඩර්සන් සහ ලුක් රොන්කිද, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඉදිරි පත්වූ ඇඩම් සම්පා, උස්මාන් කවාජා සහ ෂෝන් මාෂ් ද, එංගලන්තය නියෝජනය කරමින්, ක්‍රිස් ජෝර්ඩ්න්, ක්‍රිස් වෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස්ද, ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ යුවරාජ් සිං සහ චෙටේෂ්වර පුජාරාද, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින්, හෂීම් අම්ලා සහ රීසා හෙන්රිකස්, ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්) සහ මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය) අළෙවි නොවූ ක්‍රීඩකයන් බවට පත්විය. කෙසේ වෙතත් තෙවැනි වටයේ දී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිංවද සන්රයිස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල්වද ඉන්දීය රුපියල් කෝටිය බැගින් මිල දී ගන්නා ලදි.  

මෙවර අයි.පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වි තිබුණද  රාජස්ථාන්හි අද (18 වැනිදා) පැවැති ලංසුව වෙනුවෙන් ඉන් තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙකු ඉදිරිපත් වී සිටියහ. මෙම වෙන්දේසියේ ප්‍රථමයෙන්ම අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ හනුමා විහාරී වන අතර ඔහු ඉන්දීය මුදලින් රුපියල් කෝටි 2 කට දිල්ලි කැපටිල්ස් පිල විසින් මිලදී ගන්නා ලදි.

ඉන්දීය රුපියල් කෝටියට වඩා වැඩියෙන් අළෙවි වූ ක්‍රීඩකයින්
ක්‍රීඩකයා කණ්ඩායම ලංසුව අළෙවි වූ මිල
වරුන් චක්‍රවර්තී කිංග්ස්  XI පන්ජාබ් 20 840
ජයදේව් උනඩ්කට් රාජස්ථාන් රෝයල්ස් 150 840
සෑම් කරන් කිංග්ස් XI  පන්ජාබ් 200 720
කොලින් ඉන්ග්‍රැහැම් දිල්ලි කැපිටල්ස් 200 640
කාර්ලෝස් බ්‍රැත්වයිට් කල්කටා නයිට් රයිඩර්ස් 75 500
අක්සර් පටෙල් දිල්ලි කැපිටල්ස් 100 500
මෝහිත් ශර්මා චෙන්නායි සුපර් කිංග්ස් 50 500
ශිවම් ඩුබේ රෝයල් චැලේන්ජර්ස් 20 500
මොහොමඩ් සාමි කිංග්ස් XI පන්ජාබ් 100 480
ශිම්රන් හැට්මයර් රෝයල් චැලේන්ජර්ස් 50 420
නිකලස් පූරන් කිංග්ස් XI පන්ජාබ් 75 420
බරින්දර් සාර්න් මුම්බායි ඉන්ඩියන්ස් 50 340
වරුන් ඒරන් රාංජස්ථාන් රෝයල්ස් 50 240
ජොනී බෙයාර්ස්ටෝ සන්රයිස් හයිද්‍රාබාද් 150 220
හනුමා විහාරි දිල්ලි කැපිටල්ස් 50 200
ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් 200 200
ලොකි ෆර්ගියුසන් කොල්කටා 100 120
රිධීමන් සහා සන්රයිස් හයිද්‍රාබාද් 100 120
ඉෂාන්ට් ෂර්මා දිල්ලි කැපිටල්ස් 75 110
මොයිසස් හෙන්රිකස් කිංග්ස් XI පන්ජාබ් 100 100

අදාළ වෙන්දේසියේ ලක්ෂ 40ට වඩා වැඩියෙන් ලංසු තබා  අළෙවි නොවූ ක්‍රීඩකයින් මෙසේය.

ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අලෙක්ස් හේල්ස්, බ්‍රෙන්ඩන් මැකලම්, මනෝජ් තිවාරි, චෙටේෂ්වර් පුජාරා, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජොර්ඩ්න්, නමන් ඕජා, බෙන් මැක්ඩර්මට්, රාහුල් ෂර්මා, ඇඩම් සම්පා, කරේ පිරේ, ෆාවඩ් අහමඩ්,  සහීර් ඛාන්, උස්මාන් කවාජා, හසරාටුල්ලා සසායි, රීසා හෙන්ඩ්‍රික්ස්, ෂෝන් මාෂ්, සෞවරව් තිවාරි, හෂීම් අම්ලා, ජේම්ස් නීෂම්, රිෂී ධවාන්, කොරේ ඇන්ඩර්සන්, පර්වේස් රසෝල්, ජේසන් හෝල්ඩර්, ලුක් රොන්කි, මුෂ්ෆිකර් රහීම්, ග්ලෙන් පිලිප්ස්, විනේ කුමර්, කේන් රිචර්ඩ්සන්, අබිමන්යු මිතුන්, ඩේල් ස්ටේන්,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<