දුෂ්ටයා වීරයා වෙයි!

382

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දහස් ගණනක් නවසීලන්ත හදවත් බිඳිමින් ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ගිය බෙන් ස්ටෝක්ස් “වසරේ නවසීලන්ත” ජාතිකයා ලෙස නම් කර තිබෙනවා. 

ලෝක කුසලානයට නොගිය චන්දිමාල්ට කැනඩාවෙන් ඇරයුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේශ් චන්දිමාල් කැනඩාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස…

වසරේ නවසීලන්ත ජාතිකයා?

ස්ටෝක්ස් නවසීලන්තයේ උපත ලැබූවෙක්. ඔහු යාන්තමින් වයස 12ක් වන විට ඔහුගේ පවුල එක්සත් රාජධානියට සංක්‍රමණය වුනා. බෙන්ගේ පියා ජෙරාඩ් ස්ටොක්ස් නවසීලන්තය වෙනුවෙන් රග්බි ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන අතර ඔහු එංගලන්තයේ පුහුණුකරුවෙකු ලෙස රැකියාව ආරම්භ කිරීම මෙයට හේතුවයි. බෙන් ස්ටොක්ස්ගේ දෙමව්පියන් දැන් නැවත නවසීලන්තයට පැමිණ එහි වාසය කරන නමුත් බෙන් එංගලන්තයේම රැඳී සිටින්නට තීරණය කළා.

පසුගිය සිකුරාදා නවසීලන්ත මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ බෙන් ස්ටොක්ස් හා නවසීලන්ත නායක කෙන් විලියම්සන් දෙදෙනාම “වසරේ නවසීලන්ත ජාතිකයා” සම්මානයට යෝජනා වී ඇති බවයි. විලියම්සන් මෙවර ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තා.  

“වසරේ නවසීලන්ත ජාතිකයා” තේරීම සඳහා පත්කර ඇති කමිටුවේ ප්‍රධානි කැමරූන් බෙනට් ස්ටොක්ස් පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා. “ඔහු නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකළා වෙන්න පුළුවන්. නමුත් ඔහු ක්‍රයිස්ට්චර්ච් හි තමයි උපත ලැබුවේ. ඔහුගේ දෙමව්පියෝ තවමත් එහි වාසය කරනවා. ඔවුන්ට මඔරි සම්භවයක් තිබෙනවා. බොහෝ දෙනෙකුගේ අදහස අපිට තවමත් ඔහුව මේ සම්මානයට යෝජනා කරන්න පුළුවන්.”

දුන්න 4 පහර ඉවත් කරන ලෙස ස්ටෝක්ස් විනිසුරුගෙන් ඉල්ලලා

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ අවසානයකට ළඟා වූ අතර එය එසේ වීම…

බෙනට් තවදුරටත් පවසා සිටියේ දරුණු බලාපොරොත්තු කඩ වීමක දී වුවත් විලියම්සන් කණ්ඩායම හැසිර වූ ආකාරය නිසා විලියම්සන් මෙම සම්මානයට යෝජනා වී ඇති බවයි.

“නවසීලන්ත ජාතිකයින්ගේ ඇති ධෛර්ය, සාධාරණ බව හා මානුෂීය බව පෙන්නුම් කළ නවසීලන්ත ජාතිකයින්ගේ සැබෑ ප්‍රතිමූර්තියක් ලෙස විලියම්සන් හැඳින්විය හැකියි.”

“වසරේ නවසීලන්ත ජාතිකයා” තෝරන වෙබ් අඩවියේ සඳහන් පරිදි මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට නම් “ජාතිය වෙනුවෙන් සැලකිය යුතු සේවයක් ඉටු කර තමන්ගේ රටට ආඩම්බරයක් ගෙන ආ පුද්ගලයෙකු විය යුතුයි. සම්මානය ලබා දෙන පුද්ගලයා තෝරනු ලබන්නේ පොදු ජනයාගේ ඡන්දය මගින්.”

මීට පෙර මෙම සම්මානයේ ජයග්‍රාහකයින් නම් දාර්ශනිකයෙක් වූ Kristine Bartlett, සිනමා නිර්මාපකයෙකු වූ Taika Waititi හා ඕල් බ්ලැක්ස් නායක රිචි මැකෝව් වේ.    

ස්ටොක්ස්ගේ ලකුණු 84ක සුපිරි ඉනිම නිසා නවසීලන්ත ලකුණු 241ක ලකුණු පුවරුව සම කිරීමට එංගලන්තයට හැකි වූ අතර සුපිරි පන්දුවාරය ද සම වූයේ කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් වාර්තා කළ බැවින්.

තරගයේ අවසාන භාගයේ සිදු වූ එක්තරා පැටලිලි සහගත සිදුවීමකට ද ස්ටොක්ස්ගේ පිත්ත දායක වුනේ මාර්ටින් ගප්ටිල් පන්දුව රැක කඩුල්ල වෙත එල්ල කළ පන්දුව ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව ඉක්මවා යාම නිසයි. එම අවස්ථාවේ එංගලන්තයට ලකුණු හයක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළ නමුත් පසුව ඒ පිළිබඳව ද වාද විවාද ඇති වුනා. සුපිරි පන්දු වාරය ද සම වූ නිසා තරගයේ ජය වැඩිම හයේ හතර පහර ගණන මත එංගලන්තයට හිමි වුනා. 

‘දෙයියන්ගෙ බැට් එක’

2019ට පෙර 1986 වසරේ දී ද ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය. ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලියයි. ආජන්ටිනාව…

නවසීලන්ත ජාතිකයින් බහුතරයකට මෙම “වසරේ නවසීලන්ත ජාතිකයා” සම්මානයට බෙන් ස්ටොක්ස් යෝජනා වීම පුදුමයක් වුනත් ස්ටොක්ස්ට ඔහුගේ ක්‍රීඩා විලාසය නිසා ඉතා වැදගත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රශංසා හිමි වී තිබුණා.

මෙම සම්මානය ප්‍රදානය කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන පෙබරවාරි මාසයේ දීයි. එසේ නම් ඒ වන විට පැවැත්වෙන එංගලන්තයේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර එම සම්මානය ලබා ගැනීමට සිය මව් රටට යාමටත් ස්ටොක්ස්ට වෙලාවක් වෙන් කර ගැනීමට සිදු වෙනවා. 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<