කිරුළු බිඳ වැටෙන තරගකාරී සීගිරිය රැලික්‍රොස් තරගාවලිය

187

ශ්‍රි  ලංකාවේ එකම රැලික්‍රොස් (Rallycross) තරගාවලිය වන සීගිරිය රැලික්‍රොස් තරගාවලිය එළඹෙන මැයි 27 වන දා, සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ධාවන පථයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය (SLADA) මෙම ඉසව්ව සංවිධානය කරන අතර ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සඳහා ආධාර ලෙස මෙම තරගාවලියෙන් ලැබෙන මුදල් යෙදවෙනු ඇත.

අශාන් නව වාර්තාවකට රථය ධාවනය කරයි

වලවේ සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී……

වසරේ තෙවන ග්‍රැවල් (gravel) මෝටර් රථ ධාවන තරගාවලිය වන සීගිරිය රැලික්‍රොස් තරගාවලිය, මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකා මෝටර රථ (SLAS) ධාවක ජාතික ශූරයා තේරීමේ දී ඉතා වැදගත් වනුයේ ක්‍රීඩකයින්ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මේ තරගාවලිය ඉතා ප්‍රයෝජනවත් වන නිසාය.

රැලික්‍රොස් තරගාවලිය අනෙක් සුපර්ක්‍රොස් තරගාවලි වලින් වෙනස් වන්නේ මඩ දූවිලි සහිත ධාවන පථයක් හා තාර සහිත ධාවන පථයක් යන ධාවන පථ ආකාර දෙකම එකම තරගයක දී දැක ගැනීමට හැකි වන නිසයි. එක තරග වටයක දී එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙම ධාවන පථ දෙකේම තරග කිරීම තරගකරුවන්ට ඉතා අභියෝගාත්මක වනු නොඅනුමානයි.

මෙම තරගාවලිය ආරම්භ වූයේ 2013 වසරේ දී වන අතර 2018 වන වසරේ දී පැවැත්වීමට නියමිත වන්නේ මෙම තරගාවලියේ පස්වැනි දිගහැරුමයි. මේ වසරේ දී තරගකරුවන් දෙසීයකට අධික ප්‍රමාණයක් තරග ඉසව් 24ක් සඳහා සහභාගී වීමට නියමිත අතර ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද සමඟින් ඉතා උණුසුම් තරග රැසක් දැක බලා ගැනීමට හැකි වනු ඇත.

වලව සුපර් ක්‍රොස් අඛණ්ඩව 6 වන වසරටත්

සබරගමුව පළාත මායිමේ පිහිටි උඩවලවේ ජාතික වනෝද්‍යානය ඉදිකරනු ලැබුවේ උඩවලවේ…….

පසුගිය වසරේ දී සීගිරිය රැලික්‍රොස් තරගාවලිය වසරේ අවසාන ධාවන තරගාවලිය ලෙස ක්‍රියාත්මක වූ අතර පැවති ලකුණු සටහන් උඩු යටිකුරු කරමින් එම තරගාවලියේ දී MX 250cc කාණ්ඩයේ යතුරුපැදි ජාතික ශූරයා තේරී පත්විය. ඉෂාන් දසනායක පසුගිය වසරේ දී වසරේ දී එතරම් හොඳින් ධාවනයේ නිරත නොවූ අතර සීගිරිය රැලික්‍රොස් ධාවන තරගාවලියට ප්‍රථම ඔහු රැඳී සිටියේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ ය. ජැක් ගුණවර්ධන (Jacques Gunawaradane) ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටි අතර ප්‍රවීණ ක්‍රීඩක ගයාන් සඳරුවන් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටියේය. 2016 වසරේ ජාතික ශූරයා වූ ඉෂාන් හට මේ වසරේ දී ද ජාතික ශූරයා බවට පත් වීමට නම් MX 250cc ධාවන කාණ්ඩයේ තරග දෙකම ජය ගත යුතුව තිබුණු අතර ලකුණු සටහන් උඩු යටිකුරු කරමින් තරග දෙකේම සුපිරි දස්කම් පෙන්වීමට සමත් වූ ඉශාන් 2017 වසර සඳහාත් ජාතික ශූරයා ලෙස අභිෂේක ලැබීමට සමත් සමත් විය.

අශාන් සිල්වා මෙවර තරග වාරයේ SL GT මෝටර රථ 3500cc දක්වා කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රථමයා ලෙස සිටින අතර වසර පුරා සුපිරි දස්කම් පෙන්වීමට සමත් වූ ඔහු මේ වන විටත් විශාල ලකුණු පරතරයකින් ජාතික ශූරතාව තමන් සතුකර ගැනිමට සමත් වී තිබේ.

යොවුන් ක්‍රීඩක කුශාන් පීරිස්, අශාන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන අතර පසුගිය වසරේ සීගිරිය රැලීක්‍රොස් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවල දී හොඳම කාලය වාර්තා කරමින් පළමුවැනියා ලෙස තරගය ආරම්භ කිරීමට වරම් දිනා ගන්නා ලදි. අශාන් සිය වටිනා කාලය නාස්ති නොකර පළමු තරගය ආරම්භයේම පළමු ස්ථානයට පැමිණීමට සමත් වූ අතර මනා පාලනයකින් යුතුව රථය ධාවනය කළ ඔහු පළමු තරගයේ ප්‍රථමයා වීමට සමත් විය. නමුත් දෙවන තරගයේ දී කුෂාන්, අෂාන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර එම පීඩනය හමුවේ දූවිලි සහිත ග්‍රැවල් ධාවන පථය ආරම්භ වන වංගුවේ දී අශාන්ට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු විය. කුෂාන් දෙවන තරගය ජය ගැනීමට සමත් වූ අතර හොඳම ධාවකයා ලෙස ද සම්මාන දිනා ගැනීමට ද සමත් විය.

පසුගිය වසරේ දී ලබාගත් සම්මාන මේ වසරේදීත් ලබා ගැනීමට නම් ඉශාන්ට හා කුශාන්ට සිය උපරිම දක්ෂතාවලට පිවිසීමට සිදු වනු ඇත. අශාන්ට තරගයක් දීමට නම් සුදුසුකම් ලැබීමේ තරගවලින්  හොඳම කාලය වාර්තා කර ගනිමින්, අශාන්ට ඉදිරියෙන් පළමු ස්ථානයේ තරගය ආරම්භ කිරීමට කුශාන්ට සිදු වනු ඇත. ඉවෝන් ගුරුසිංහ, ගයාන් සඳරුවන්, බුද්ධික කසුන් වැනි ප්‍රබල තරගකරුවන් පසුකර යෑම ඉශාන්ට ද දැඩි අභියෝගයක් වනු ඇත.

සීගිරි රැලික්‍රෝස් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න……

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<