දකුණු අප්‍රිකා ප්‍රබලයෙක්ට පළමු තරගය අහිමි වන ලකුණු

127
Dale Steyn

2019 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගය ලබන බ්‍රහස්පතින්දා සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ආරම්භ වන අතර එම තරගය සඳහා සුපිරි දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ලැබෙන ආරංචි මාර්ග පවසා තිබුණේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තෙවැනි තරගය වන විට ඔහු ක්‍රීඩා කිරීමට සූදානම් වනු ඇති බවත් පුහුණුකරු ඔටිස් ගිබ්සන්, ස්ටේන් පිළිබඳ අවදානමක් ගැනීමට සුදානම් නැති බවත්ය.

ලසිත් මාලිංග වාර්තාවක් අභියස

දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලබාගෙන තිබෙන පන්දු යවන්නන්ගේ..

IPL තරගාවලිය අතරතුර දී නැවත ඇති වූ උරහිසේ ආබාධයෙන් ස්ටේන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති අතර එම නිසාම ඔහුට IPL තරගාවලියේ අවසන් භාගය ද ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

පසුගිය අඟහරුවාදා ඔහු දකුණු අප්‍රිකාව සමඟ පුහුණු සැසියකට එක්ව තිබුණු අතර එතරම් වෙලාවක් පන්දු යැවීමේ නිරත නොවුණු ඔහු පිතිකරණ පුහුණු වීම් වලට පමණක් සහභාගී වී තිබුණි.

“ඔහු තවම සූදානම් නැහැ.” පුහුණුකරු ගිබ්සන් පවසා තිබුණි. “ඔහුට තව කෙටි කාලයකින් යථා තත්වයට පත්වන්න පුළුවන්. අපි සිතනවා තරගාවලිය සති හයක් පුරා පැවැත්වෙන නිසා එතරම් හදිසියක් නැහැ ඔහුට අපහසුවෙන් ක්‍රීඩා කරන්නට.”

ස්ටේන් මේ වන විට එංගලන්තයේ පුහුණු තරගය දෙකේ දී කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක කර නොමැති අතර දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කණ්ඩායම අතර පුහුණු තරගයේ ඔහු කණ්ඩායමේ සිටියත් තරගය අවාසනාවන්ත ලෙස වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි. ශ්‍රී ලංකාව සමඟ තරගයට ඔහුව නම් කර තිබුණේ නැත.

අප්‍රේල් මස අවසානයේ සිට ඩේල් ස්ටේන් පුහුණු වීම් හැර කිසිදු තරගයක දී පන්දු යවා නොමැති අතර IPL තරගාවලියේ ද ඔහු ක්‍රීඩා කළේ තරග දෙකක් පමණි. දකුණු උරහිසේ ආබාධය නිසා ඔහු දිගින් දිගටම පීඩා විඳින අතර එක 2016 නොවැම්බර් මස අස්ථි බිඳීමක් නිසා පළමු වරට ඔහුට මේ ආබාධය ඇති විය.

ස්ටේන් ඉන්දියාවෙන් පැමිණීමෙන් පසුව දකුණු අප්‍රිකාවට තිබුණි බරපතළම ගැටලුව ඔහුගේ ආබාධ තත්වයයි. දකුණු අප්‍රිකාව තුළ සාර්ථක දේශීය තරගාවලියක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ස්ටේන් ඒ වන විට ලෝක කුසලාන සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

නමුත් කණ්ඩායම එංගලන්තයට පිටත්ව ඒමට පෙර සිටම බලධාරීන් අතර පළමු තරගය සඳහා ස්ටේන් ක්‍රීඩා කර විය හැකි ද යන අවිනිශ්චිත බව පැවතීම විශේෂත්වයක්. මේ වන විට ඔහු නැවත කණ්ඩායමට එන දිනය තවමත් නිශ්චිතව පැවසිය නොහැකි බව පුහුණුකරු ගිබ්සන් පවසා තිබේ.

“අපි දන්නවා ඔහු දවසින් දවස සුව වෙනවා, යථා තත්වයට පත් වෙනවා, අපි ඔහුට සුව වෙන්න හැකි තරම් කාලය ලබා දෙනවා, අපි බලාපොරොත්තු වෙනවා බංගලාදේශයට එරෙහි තරගයට නැති වුනත් ඉන්දියාවට එරෙහි තරගය වෙද්දී ඔහු නැවත සුව වෙයි කියලා.”

කවාජා කලබලයක් නැතිව ශ්‍රී ලංකාව අමාරුවේ දමයි

උස්මාන් කවාජා ගේ සංවර ඉනිම හේතුවෙන් අද (27) සදම්ප්ටන් හි දී නිමා වූ ඕස්ට්‍රේලියාව හා සමග..

ස්ටේන් නොමැති වීම නිසා දකුණු අප්‍රිකාවට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ක්‍රිස් මොරිස්, ඩ්වේන් ප්‍රිටෝරියස් හා අන්දිලේ පෙහ්ලුක්වයෝ අතරින් ක්‍රීඩකයෙකු කණ්ඩායමට නම් කිරීමට සිදු වනු ඇත.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන්නන් බල ඇණිය කගිසෝ රබාඩාට හා ලුන්ගි න්ගිඩිට සීමා වනු ඇත. න්ගිඩි හා රබාඩා ද මීට පෙර ආබාධවලට පත්ව තිබුනත් මේ වන විට ඉතා හොඳ තත්වයෙන් පන්දු යවමින් සිටියි.

“අපි අද තණතිල්ල දිහා බැලුවා, ඒකේ ගොඩක් තණකොළ තිබෙනවා, මම හිතනවා මීළඟ දින කිහිපයේ දී ඒක වෙනස් වෙයි. අපිට මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සිටිනවා, මොරිස්, ප්‍රිටෝරියස් හා පෙහ්ලුක්වයෝ. ඔවුන් තිදෙනාගෙන් කෙනෙක් අපි තෝරා ගන්නවා හා අපිට පා දඟපන්දු යවන ක්‍රීඩක ශම්සි ද සිටිනවා.” ගිබ්සන් පවසා තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<