ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අලුත් මුහුණක්

298

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන්ව පත් කිරීමට වත්මන් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

නවසීලන්තය සමඟ ක්‍රයිස්චර්ච්හි ආරම්භ වන බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගය හෙවත් දෙවැනි ටෙස්ට් තරගයට දින දෙකකට පෙර දී (24 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන රික්සන් ලබන 2019 වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

නවසීලන්තය 2-1කින් පාකිස්තාන ටෙස්ට් තරගාවලිය දිනා ගනී

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබි හිදී පැවති අවසාන ටෙස්ට් තරගයේ දී ලකුණු 123ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්තය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13කට සහ එක්දින තරග 6කට සහභාගි වී ඇති රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා පවසන්නේ පුහුණුකරුවකු ලෙස ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ රික්සන් සතුව ඇති විශේෂඥ දැනුමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට හැකියාවක් පවතින බව තමා විශ්වාස කරන බවයි.

මෙම පත්වීමට ප්‍රථම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද රික්සන් ඉකුත් ජුනි මාසයේ දී එම ධුරයෙන් ඉවත් විය. පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ වෘත්තීමය භාවය ගිලිහීම හෙවත් රික්සන් සිදු කරන සේවය වෙනුවෙන් සිදු කිරීමට නියමිත වූ ගෙවීම් ප්‍රමාද වීම එම ඉවත් වීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර දුර්වලම පන්දු රකින කණ්ඩායමක් බවට නම් දරා සිටි පාකිස්තානු කණ්ඩායම අංක 1 පන්දු රකින කණ්ඩායමක් බවට පත් කිරීමට රික්සන් එහි කටයුතු කරන ලද වසර දෙකක කාලය ඇතුළත දී සමත් වීම කැපී පෙනෙයි. පාකිස්තානු කණ්ඩායමට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම්වල ද සහාය පුහුණුකරු තනතුරු හොබවා ඇති රික්සන් කාල සීමාවේ දී එම කණ්ඩායම්වල පන්දු රැකීම අති විශිෂ්ට තලයට ගෙන ඒමට හැකි වී තිබේ. එම හේතුව නිසාම ඔහු ලොව පන්දු රැකීම පිළිබඳව විශේෂඥ පුහුණුකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමට හේතු වී තිබේ.

මැතිව්ස් ශතකයකින් වැඩ අල්ලයි

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද (08) ආරම්භ වූ පුහුණු තරගයේ දී අනෙකුත් පිතිකරුවෝ තම දුර්වලතා ප්‍රදර්ශනය කරද්දී එක් අන්තයක් සම්පූර්ණයෙන්ම බාර …

කෙසේ වෙතත් 2013 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා රික්සන් අයැදුම් කර තිබුණ ද ඒ වෙනුවෙන් ලබා දීමට නියමිත වේතනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට නොපැමිණීම නිසා එම අවස්ථාව ඔහුට අහිමි විය.

කණ්ඩායමක් ලෙස අවසන් වසර කීපයේ දී පන්දු රැකීම තුළ දැඩි දුර්වලතාවක් පෙන්නුම් කිරීම නිසා ජයග්‍රහණය කිරීමට තිබූ බොහෝ තරග පරාජිත තරග බවට පත්විය. එහි ආසන්නම උදාහරණය ලෙස මීට දින කීපයකට ඉහත දී අවසන් වුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය හැඳින්විය හැක. එම සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ පන්දු රැකීම අතිවිශිෂ්ට වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පිළිබඳව කිසිසේත්ම සතුටුදායක මට්ටමක නොවීය. ඒ පිළිබඳව තරගාවලි අවසානයේ දී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවා විවේචනය කර සිටියේය.

රික්සන් පැමිණීමට පෙර පන්දු රැකීමේ පුහුණුකරු ධුරයේ කටයුතු කරන ලද මනෝජ් අබේවික්‍රම, නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක දී පමණක් කණ්ඩායමේ රැඳී සිටින අතර අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<