පූර්ණ උත්සාහක දිනුමකින් සිල්වෙස්තරයින් ඉදිරියෙන්

610

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ  මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ ප්‍රතිවාදී කොළඹ මහානාම විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක මහනුවර සිල්වෙස්තර විද්‍යාලය අද (23) සමත් විය. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පාසල් දෙක අතර පැවති තරගයේ අවසාන ප්‍රතිඵලය ලකුණු 36-29ක් ලෙස සටහන් කර ගනිමිනි.

නායකයාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ධර්මරාජයට දැවැන්ත ජයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත්…..

තරගයේ ප්‍රථම අර්ධය ආරම්භ කරමින් වැඩි ගෞරව හිමිකර ගනිමින් සිල්වෙස්තර ක්‍රීඩකයන් දැඩි ආක්‍රමණශීලී ක්‍රිඩා විලාශයක් පෙන්නුම් කළ අතර, සිල්වෙස්තරයින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් දඬුවම් පහරකින් ලකුණු 3ක් ලබා ගත්තේය. (සාන්ත සිල්වෙස්තර 03- 00 මහානාම)

කෙසේ වෙතත් කෙටි කාලයක් තුල මහානාමයන් ද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු මට්ටම සමකර ගැනීමට සමත් විය. පසුව සිල්වෙස්තරයින් නැවත වරක් තරගයට අවතීර්ණ වෙමින් උත්සාහ දිනුමක් සාර්ථක කර ගත් අතර, එහි ප්‍රවර්තනයත් නිවැරදි කර ගන්නා ලදි. (සාන්ත සිල්වෙස්තර 10- 03 මහානාම)

අනතුරුව ඒ වන විටත් වැඩි ගෞරව හිමි කරගෙන සිටි සිල්වෙස්තරයින් ප්‍රබලත්වය දැඩි කරමින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගෙන එහි ප්‍රවර්තන ඉලක්කය ද සපුරා ගන්නා ලදි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රථම අර්ධයේ අවසාන භාගය තරමක් පීඩනයෙන් යුතුව ක්‍රීඩා කළ මහානාම ක්‍රීඩකයන් ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් තවදුරටත් තබා ගැනීමට සමත් වෙමින් අවසන් මිනිත්තු කිහිපයේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. අනතුරුව එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට මහානාම ක්‍රීඩකයන්ට හැකි විය.

ප්‍රථම අර්ධය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 17 – 10 කොළඹ මහානාම විද්‍යාලය

අනතුරුව දෙවන අර්ධයට අවතීර්ණ වූ මහානාමයන් නැවත වරක් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින් ලකුණු මට්ටම සමකර ගත්තේය.

නැවත වරක් සත්කාරකයන් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 05ක් ලබා ගත්ත ද එහි ප්‍රවර්තනය අසාර්ථක විය. කෙසේ වෙතත් තරගය කරට කර යන උණුසුමක් වෙත නැවත වරක් ගෙන ගිය මහානාම ක්‍රීඩකයන් නැවත වරක් උත්සාහක දිනුමක් සමඟින් ලකුණු මට්ටම 22-22ක් ලෙස සම කර ගැනීමට සමත් විය.

ඩී. එස්. – සුම්මා අතරින් බිඳ වැටෙන්නේ කාගේ අපරාජිත වාර්තාව ද?

2019 සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය මෙන්ම B…..

ඒ අනුව තවදුරටත් ලකුණු සම මට්ටම පවත්වා ගත නොහැකි බව වටහා ගත් සිල්වෙස්තරයින් යළිත් ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් සටහන් කර ගනිමින් පසුව එහි ප්‍රවර්තනය ද නිවැරදි කර ගත්තේය. එහෙත් තරගයේ උණුසුම දෙපිලටම දෝලනය කර ගනිමින් නැවත වරක් මහානාම ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත සිල්වෙස්තර 29- 29 මහානාම)

නිත්තවෙල ගැටුමේ ජය ගල්කිස්සට

මෙවර සිංගර් අන්තර් පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ තරගයක් වන මහනුවර….

ඒ අවසරයෙන් තරගයේ අවසන් විනාඩි කිහිපය ඉතාම තීරණාත්මක වූ අතර ලකුණු සම මට්ටමේ පවතින විට නැවත වරක් ක්‍රියාත්මක වෙමින් සිය සත්කාරක ක්‍රීඩාංගණයේ වාසනාව තමන් සතු කරගනිමින් නැවත වරක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සිල්වෙස්තරයින්ට හැකි විය. අනතුරුව එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගනිමින් තවත් ලකුණු 7ක් සිය විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කිරීමට සිල්වෙස්තරයින් ක්‍රියා කළේය. තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් යළිත් විද්‍යාල දෙකටම කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 36 (5T, 4C, 1P) – 29 (4T, 3P, 1P) මහානාම විද්‍යාලය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<