සාන්ත මරියා ක්‍රීඩකයෝ නූලෙන් බේරෙයි

126

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර පැවති සුහද ක්‍රිකට් තරගය අද (12) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ගුරුකුල විද්‍යාලයේ මෙවන්ගෙන් අර්ධ ශතක දෙකක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට්…

තරගයේ අවසන් භාගයේ දී සාන්ත මරියා ක්‍රීඩකයෝ විශාල අමාරුවක වැටී සිටි අතර නියමිත පන්දුවාර ප්‍රමාණය සේ ම කාලය ද අවසන් වීමෙන් ඔවුන් ලැබෙන්නට ගිය නියත පරාජයකින් බේරුණා. සාන්ත මරියා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ලකුණු 213ක ඉලක්කයක් පසුපස යෑමටයි. එහෙත් තරගය නතර කරන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7කට ලකුණු 42ක් ලෙසයි.

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 217ක් ලබා ගත්තා. එම ඉනිමේ දී නිශාන්ත ඉන්ද්‍රජිත් (44) සහ චන්දුල ජයකොඩි (43) ලකුණු අතරට පිවිසෙමින් තම ඉනිමට ශක්තියක් වුනා. ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට චන්දුල ජයකොඩි සහ පසන් හෙට්ටිආරච්චි (32) සමත් වුනා.

පන්දු යැවීමේ දී යෙෂික නරසිංහ කඩුලු 3ක් ද, මලීෂ සේනානායක සහ ජනුක රත්නසිංහ කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත මරියා ක්‍රීඩකයෝ පළමු දිනය නිමාවේ දී කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටියා. දෙවැනි දිනයේ දී ඔවුන් තම පළමු ඉනිම නිමා කර ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් ලකුණු පුවරුවේ රැඳෙද්දී. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අකලංක පෙතියාගොඩයි. ඔහු පන්දු 104කට මුහුණ දී ලකුණු 49ක් ලබා ගත්තා. කඩුලු බිඳ දැමීමේ දී දකුණතින් පා දඟපන්දු යැවූ මනෝහරන් පවිතරන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව නදීර බාලසූරිය කඩුලු 3ක් දවා ගත්තා.

එංගලන්තය 4-1කින් ඉන්දියාව පරාජය කරයි

ලෝකේෂ් රාහුල් සහ නවක ක්‍රීඩක රිෂාබ් පාන්ට් එක්ව ඉන්දීය ඉනිම ගොඩ නගමින් ජයග්‍රහණය කරා රැගෙන ඒමට කළ…

ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එම ඉනිමේ දී නිශාන්ත ඉන්ද්‍රජිත් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මලීෂ සේනානායක සහ සිනෙත් වීරසූරිය කඩුලු 3 බැගින් දවා ගත්තා.

තරගය නතර කරන විට සාන්ත මරියා දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 42ක්ව තිබුණා. එම ඉනිමේ දී ලකුණු 4කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට දකුණතින් වේගපන්දු යැවූ චරිත් රාජගුරු සමත් වුනා. ඊට අමතරව කසුන් එදිරිතිලක ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තා.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (57.3): නිශාන්ත ඉන්ද්‍රජිත් 44, චන්දුල ජයකොඩි 43, පසන් හෙට්ටිආරචිචි 32, නදීක බාලසූරිය 25, අවිඳු හේරත් 25, යෙෂික නරසිංහ 3/25, මලීෂ සේනානායක 2/24, ජනුක රත්නසිංහ 2/52

සාන්ත මරියා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (63.5): අකලංක පෙතියාගොඩ 49, සන්දීප වීරසූරිය 25, පසන් වලිසිංහ 20, මනෝහරන් පවිතරන් 4/24, නදීර බාලසූරිය 3/48

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 138 (49.0): නිශාන්ත ඉන්ද්‍රජිත් නොදැවී 33, මලීෂ සේනානායක 3/27, සිනෙත් වීරසූරිය 3/57

සාන්ත මරියා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 42 (16.0): චරිත රාජගුරු 4/04, කසුන් එදිරිතිලක 2/07

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<