මොරටු පුරයේ රජුන් සොයා යන 66 වන රන් සටන අද සහ හෙට

970

මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය මාර්තු මස 11 හා 12 එනම් අද සහ හෙට යන දෙදින තුල මොරටුව ද සොයිසා පිටියේදී පැවැත්වීමට සුදානම් කර ඇත.

31 වන සිමිත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු 13 වන දා එම පිටියේදීම පැවැත්වේ. සෙබෙස්තියන් ක්‍රීඩකයන් තරග 14 ජයගෙන ඉදිරියෙන් සිටින අතරම ප්‍රතිවාදීන්ට හොද අභියෝගයක් වෙමින් වේල්ස් කුමරුවන් එක්දින තරග 13 ජයගෙන සිටි.

ඉතිහාසයෙන් බිදක් 

දෙදින තරග 65න් බොහොමයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. කෙසේ නමුත් තරග 6 ජයගෙන ඇති වේල්ස් කුමරුවන් තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර සෙබෙස්තියන් විද්‍යාලය තරග 3ක් පමණක් ජයගෙන සිටි. 1977 දී ප්‍රේමලාල් ප්‍රනාන්දු යටතේ වේල්ස් කුමර විද්‍යාලය සිය අවසන් ජය සටහන් කොට ඇති අතර සනිත ද මැල් යටතේ ශාන්ත සෙබෙස්තියන් විදුහල අවසන් වරට 2011 දී ජය හිමි කරගෙන ඇත.

ශාන්ත සෙබෙස්තියන් විදුහල 

ශ්‍රී ලංකා 19න් පහල ජාතික කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන කණ්ඩායම මෙවර තරග සමයේ තරග 16ක් ක්‍රීඩා කොට අත්දැකීම් සමුහයක් සමඟින් ප්‍රබල ස්ථානයක පසුවේ.

ආරම්භක පිතිකරු ප්‍රවීන් පෙරේරා මේ වනවිටත් ලකුණු 900 ඉක්මවා ලකුණු රැස් කර ඇති අතරම උප නායක සදරුවන් ප්‍රනාන්දු ශතක 2 සමඟින් ලකුණු 750 රැස් කරගෙන සිටි.

ශාන්ත සෙබෙස්තියන් කණ්ඩායම:

අවිශ්ක ප්‍රනාන්දු (නායක), සඳරුවන් ප්‍රනාන්දු, නිමේෂ් බණ්ඩාර, මිෂේන් සිල්වා, සචින්ත සිල්වා, ප්‍රවීන් පෙරේරා, ප්‍රෙෂාන් ප්‍රනාන්දු, ටශික පෙරේරා, තරුෂ ප්‍රනාන්දු, ඩෙමියන් ද බයිසාර් , නුවනිදු ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, නිෂිත අබිලේෂ්, මෙවන් මුහන්දිරම්ගේ, මලින්ත පීරිස්, ගිහාන් සේනානායක, ඉමල් බොතේජු (පුහුණුකරු), ෆ්‍රෑන්ක් කුරේ (භාර ආචාර්ය)

වේල්ස් කුමාර විදුහල 

19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කරන තිලාන් නිමේෂ් ගේ නායකත්වය යටතේ මෙවර පිටියට පිවිසෙන වේල්ස් කුමර විදුහල් කණ්ඩායම මෙවර තරග සමයේ තරග 14කට ක්‍රීඩා කොට සිය අත්දැකීම් තර කොටගෙන සිටි.

උප නායක විහඟ වීරක්කොඩි මේ වන විටත් ලකුණු 700 ඉක්මවා ලකුණු රැස් කරගෙන ඇති අතර සදුන් සොයිසා ද මෙවර පිත්තෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටි.

නායක තිලාන් නිමේෂ් පන්දුවෙන් දස්කම් දක්වමින් සිය කණ්ඩායමට අනගි සහයක් දක්වයි.

වේල්ස් කුමාර කණ්ඩායම :

තිලාන් නිමේෂ් (නායක), විහඟ වීරක්කොඩි (උප නායක), අංජුල සහන් , දිලංක ගුණසේකර, සදුන් සොයිස, සවිදු පීරිස් , හසිඳු විජේවර්ධන, රවිඳු ජනිත්, සනෝජ් දර්ශික ,සුවත් මෙන්ඩිස්, විශ්ව පීරිස් ,අවිඳු ප්‍රනාන්දු, දිලේෂ් නානායක්කාර, කසුන් ඒකනායක, ධනුෂ්ක කුමාර, සංජය ප්‍රනාන්දු, කුෂන් ජයවික්‍රම (පුහුණුකරු), කසුන් වික්‍රමතිලක ( භාර ආචාර්ය)