ශූරතාවය රැක ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වෙයි ද?

824
St. Peter’s to retain Under 16 ten’s title?

මෙම සති අන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත පළමු කාණ්ඩයේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ දී සාන්ත පීතර විද්‍යාලයට ඔවුන් පසුගිය වසරේ ජයග්‍රහණය කරනු ලැබූ ශූරතාවය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙයි ද?

18න් පහළ දෙවන කාණ්ඩයේ රග්බි ශූරතාවය සරසවි උයන විද්‍යාලයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දෙවන කාණ්ඩයේ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය 15…

වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක් ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත පළමු කාණ්ඩයේ අන්තර් පාසල් රග්බි තරගාවලිය මෙම මස 19 හා 20 දෙදින මහනුවර බෝගම්බර හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල දී පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 33ක් සහභාගී වන අතර එම කණ්ඩායම් කාණ්ඩ 8කට කාණ්ඩ ගත කර ඇත. ඒ අනුව A කාණ්ඩය කණ්ඩායම් 5කින් සමන්විත වන අතර අනෙක් කාණ්ඩ 7ම කණ්ඩායම් 4 බැගින් සමන්විත වේ.

A කාණ්ඩයේ සිට D කාණ්ඩය දක්වා කණ්ඩායම්වල පළමු වටයේ තරග බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර E සිට H කාණ්ඩය දක්වා කණ්ඩායම්වල පළමු වටයේ තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ය. අනතුරුව තරගාවලියේ දෙවන දිනයේ දී පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග සියල්ල පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඒ අනුව පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබූ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පසුගිය වසරේ දිනාගත් ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට පිවිසෙන අතර ගියවර අනුශූරයින් බවට පත්වූ කොළඹ රාජකීය විද්‍යාලය ද මෙවර තවත් පියවරක් ඉදිරියට යාමේ අරමුණින් තරගාවලිය සඳහා පිවිසේ.

කෙසේ නමුත් එම කණ්ඩායම් දෙකටම එම කණ්ඩායම්වලින් ද අනෙක් සියලුම කණ්ඩායම් ද ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව තරගාවලිය සඳහා එක්වන නිසා ශූරතාවය දිනා ගැනීම සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති බව නොඅනුමානය.

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී පලඟ ශූරතාවය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයත්, පලිහ ශූරතාවය ආනන්ද විද්‍යාලයත්, බඳුන ශූරතාවය ස‍ාන්ත ජෝසප් විද්‍යාලයත් දිනාගනු ලැබීය.

මෙම තරගාවලිය කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපුරුදු තරගාවලියට වඩා වෙනස්ව කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන ආකාරයට පවත්වනු ලබයි.

පසුගිය වසරේ ශූරයින් බවට පත්වූ බම්බලපිටිය ස‍ාන්ත පීතර විද්‍යාලය තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග වදින අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට තරගාවලියේ පළමු වටයේ තරග ඔවුන්ගේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

කාණ්ඩ සහ තරග කාලසටහන

අන්තර් පාසල් ‘සිංගර්’ වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක් ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය 2017 – පළමු කාණ්ඩය

අගෝස්තු 19 හා 20 මහනුවර දී – පෙ.ව. 7.00 සිට

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය
1 සාන්ත පීතර විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ඉසිපතන විද්‍යාලය
2 මහානාම විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය
3 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මලියදේව විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
4 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ සාන්ත ආනා විද්‍යාලය,  කුරුණෑගල කේරි විදුහල
5 රාජකීය විද්‍යාලය, පානදුර
Time Pool Team- A Team- B
1 0800h A1-A4 සාන්ත පීතර විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
2 0820h A2-A3 මහානාම විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
3 0840h B1-B4 සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
4 0900h B2-B3 විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
5 0920h C1-C4 සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
6 0940h C2-C3 කිංස්වුඩ් විද්‍යාලය,  මහනුවර මලියදේව විද්‍යාලය
7 1000h A5-A3 රාජකීය විද්‍යාලය, පානදුර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
8 1020h A1-A2 සාන්ත පීතර විද්‍යාලය මහානාම විද්‍යාලය
9 1040h D1-D4 ඉසිපතන විද්‍යාලය කේරි විදුහල
10 1100h D2-D3 ධර්මරාජ විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
11 1120h B1-B3 සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
12 1140h B2-B4 විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
13 12000h A4-A2 සාන්ත බෙනඩික්ට් විද්‍යාර්ථ විද්‍යාලය මහානාම විද්‍යාලය
14 1220h A5-A1 රාජකීය විද්‍යාලය, පානදුර සාන්ත පීතර විද්‍යාලය
15 1240h C1-C3 සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර මලියදේව විද්‍යාලය
16 1300h C2-C4 කිංග්වුඩ් විද්‍යාලය, මහනුවර සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
17 1320h D1-D3 ඉසිපතන විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය
18 1340h D2-D4 ධර්මරාජ විද්‍යාලය, කේරි විදුහල
19 1400h A3-A1 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
20 1420h A4-A5 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, පානදුර
21 1440h B1-B2 සාන්ත ජෝසප් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය
22 1500h B3-B4 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
23 1520h C1-C2 සාන්ත අන්තෝනි විද්‍යාලය,මහනුවර. කිංස්වුඩ් විද්‍යාලය
24 1540h C3-C4 මලියදේව විද්‍යාලය, සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
25 1600h D1-D2 ඉසිපතන විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය
26 1620h D3-D4 ලුම්බිණි විද්‍යාලය, කේරි විදුහල
27 1640h A2-A5 මහානාම විද්‍යාලය, රාජකීය විද්‍යාලය, පානදුර
28 1700h A3-A4 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

 

අන්තර් පාසල් ‘සිංගර්’ වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක් ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත තරගාවලිය 2017 – පළමු කාණ්ඩය

අගෝස්තු 19 හා 20 මහනුවර දී – පෙ.ව. 7.00 සිට

E කාණ්ඩය F කාණ්ඩය G කාණ්ඩය H කාණ්ඩය
1 ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර වෙස්ලි විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර රාජකීය විද්‍යාලය, කොළඹ
2 ඩී. එස්. සේනානායක විද්‍යාලය සහිරා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ වේල්ස් කුමාර විද්‍යාලය
3 ආනන්ද විද්‍යාලය, කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
4 ශ්‍රී සුමංගල විද්‍යාලය මොරටු මහා විද්‍යාලය,  මොරටුව නාලන්ද විද්‍යාලය, කොළඹ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
Time Pool Team- A Team- B
1 0800h E1-E4 ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය
2 0820h E3-E4 ඩී. එස්. සේනානායක විද්‍යාලය ආනන්ද විද්‍යාලය, කොළඹ
3 0840h F1-C4 වෙස්ලි විද්‍යාලය මොරටු මහා විද්‍යාලය,  මොරටුව
4 0900h F3-C4 සහිරා විද්‍යාලය, කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
5 0920h G1-D4 සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර නාලන්ද විද්‍යාලය, කොළඹ
6 0940h G3-D4 තර්ස්ටන් විද්‍යාලය, කොළඹ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
7 1000h H1-h4 රාජකීය විද්‍යාලය, කොළඹ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
8 1020h H2-H3 වේල්ස් කුමාර විද්‍යාලය, සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
9 1040h E1-E3 ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ආනන්ද විද්‍යාලය, කොළඹ
10 1100h E2-E4 ඩී. එස්. සේනානායක විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය
11 1120h F1-F3 වෙස්ලි විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
12 1140h F2-F4 සහිරා විද්‍යාලය, කොළඹ මොරටු මහා විද්‍යාලය,  මොරටුව
13 12000h G1-G3 සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
14 1220h G2-G4 තර්ස්ටන් විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, කොළඹ
15 1240h H1-H3 රාජකීය විද්‍යාලය, කොළඹ සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
16 1300h H2-H4 වේල්ස් කුමාර විද්‍යාලය ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
17 1320h E1-E2 ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලය
18 1340h E3-E4 ආනන්ද විද්‍යාලය, කොළඹ ශ්‍රී සුමංගල විද්‍යාලය
19 1400h F1-F2 වෙස්ලි විද්‍යාලය සහිරා  විද්‍යාලය, කොළඹ
20 1420h F3-F4 රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මොරටු මහා විද්‍යාලය, මොරටුව
21 1440h G1-G2 සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර තර්ස්ටන් විද්‍යාලය, කොළඹ
22 1500h G3-G4 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය නාලන්ද විද්‍යාලය, කොළඹ
23 1520h H1-H2 රාජකීය විද්‍යාලය, කොළඹ වේල්ස් කුමාර විද්‍යාලය
24 1540h H3-H4 සාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට