වසර 5කට පසු රාජකීය බළකොටුවට බම්බලපිටියෙන් ප්‍රහාරයක්

108

වසර 5කට පසු කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ජය ගනිමින් බී. සී. අන්ගී කුසලානය බම්බලපිටියට ගෙන යන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.  

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට ද අදාලව පැවති බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මෙම තරගය අද (30) පැවැත්වුණේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි.  

රාජකීය සටනට පෙර සාන්ත පීතරයින් දක්ෂතා මුවහත් කර ගනී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට අදාලව බම්බලපිටිය සාන්ත පීතර සහ කොළඹ වෙස්ලි විද්‍යාල අතර තරගය අද (24)…

පස්වරු 4.15ට පමණ තරගය ආරම්භ වීමත් සමග කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුණේ ආක්‍රමණශීලී  ක්‍රීඩා විලාශයකට වඩා පරීක්ෂාකාරී පිවිසුමක් බව ප්‍රදර්ශනය විය. කෙසේ වෙතත් මිනිත්තු 9කට පමණ පසු සාන්ත පීතර කණ්ඩායම තරගයේ එතෙක් පැවති රිද්මය අභිබවා යමින් පළමු වරට ප්‍රතිවාදී ගෝල සීමාව වෙත පන්දුව රැගෙන යන්නට සමත් වූ අතර මිනිත්තු කිහිපයක් පන්දුව තමන් වෙත රඳවා ගනිමින් ගොඩනගා ගත් එම අවස්ථාව අපතේ නොහැරී ඔවුන් පිටියේ දකුණු අන්තයෙන් තරගයේ පළමු  උත්සාහක දිනුම වාර්තා කරන්නට ද සමත් විය.

තේනුක නානායක්කාර එම උත්සාහක දිනුමේ හිමිකරු ලෙස ලකුණු සටහනට එක් වෙද්දී, සංදේශ් ද මෙල්  එල්ල කළ ප්‍රවර්තනය ද සාර්ථකව ගෝල කණු අතරින් ඇදී යාමත් සමඟ ලකුණු 7-0ක් ලෙස රාජකීයයන් පසුපසට ඇද දමන්නට සාන්ත පීතර  කණ්ඩායමට හැකි විය.

මේ අතර රාජකීය විද්‍යාලයේ ප්‍රතිආක්‍රමණයට තවත් බාධකයක් දමමින් ඔවුන්ගේ ප්‍රධාන තුරුම්පුවක් වන කෙවින් සමරසේකරගේ විනය විරෝධී හැසිරීමක් විනිසුරුවන්ගේ නෙත ගැටීමත් සමඟ ඔහුට කහ කාඩ්පතක් සමඟ මිනිත්තු 10ක්  පිටියෙන් ඉවත් වීමට සිදු විය.

කෙසේ වෙතත් ඔහුගේ අඩුව පැවති කාලය තුළ ප්‍රතිවාදීන්ට වාසි දායක තත්ත්වයක් ගොඩ නගා ගැනීමට රාජකීයයන් ඉඩ ලබා දුන්නේ නැත. එමෙන්ම සාන්ත පීතර කණ්ඩායමේ නොසැලකිලිමත් අඩුපාඩුවක් හේතුවෙන් ලැබුණු දඬුවම් පහරකින් උපරිම ප්‍රයෝජන ගත් මලීෂ පෙරේරා රාජකීයයන් ලකුණු සටහනට ඇතුළත් කරන්නට සමත් විය. (සාන්ත පීතර 07-03 රාජකීය)

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට) තරග කරන්න අවස්ථාව දිනා ගන්න කණ්ඩායම් මොනවද…

ඉන් අනතුරුව රාජකීය විද්‍යාලය සිය සුපුරුදු තරග රටාවට අවතීර්ණ වී ඇති බවක් දක්නට ලැබුණු නමුත් අවශ්‍ය අවස්ථාවල දී සාන්ත පීතර ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සිය රාජකාරි අකුරටම ඉටු කිරීම හේතුවෙන් රාජකීය කණ්ඩායමට සිය ලකුණු පුවරුව තවදුරටත් ඉහල දමා ගැනීමට හැකියාව ලැබුණේ නැත.

එමෙන්ම පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙර සාන්ත පීතර ක්‍රීඩක ඉශාන් පෙරේරාගේ නීති විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔහුට කහ කාඩ්පතක් සමඟ රාජකීය විද්‍යාලයට ලැබුණු දඬුවම් පහර සාර්ථකව එල්ල කරන්නට මලීෂ පෙරේරා අසමත් වීම හේතුවෙන්  ඔවුන්ට විවේකය සඳහා පිවිසෙන්නට සිදු වුණේ ලකුණු 4ක් පසුපසින් සිටිමිනුයි.

පළමු අර්ධය – සාන්ත පීතර විද්‍යාලය 07 – 03 රාජකීය විද්‍යාලය

දෙවන අර්ධය  ආරම්භ වීමත් සමඟ රාජකීය විද්‍යාලය තරගයේ රිද්මයට පිවිසෙන්නට පෙර පන්දුවේ වාසිය තමන් වෙත පවරා ගත් සාන්ත පීතර ක්‍රීඩකයන් රාජකීය ගෝල සීමාව ආක්‍රමණය කරන්නට කටයුතු කළ අතර පළමු අර්ධයේ දී මෙන්ම ලද අවස්ථාවට සාධාරණය ඉටු කරන්නට ඔවුන් සමත් වුණේ සෙනුර පෙරේරා සිය සිරුරේ ශක්තිය මනාව ප්‍රයෝජනයට ගනිමින් රාජකීය ගෝල සීමාවට එපිටින් පන්දුව පතිත කරන්නට පියවර ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් ගෝල කණු ඉදිරියෙන්ම එල්ල කිරීමට අවස්ථාව හිමි වූ ඉතා පහසු ප්‍රවර්තනය සංදේශ් ද මෙල් හට ගිලිහී යාම තරගය තවදුරටත් කණ්ඩායම් දෙකටම විවෘත සටනක් බවට පත් කළ සිදුවීමක් විය.

දෙවන අර්ධයේ පීඩනය ගොඩනැගෙත්ම කණ්ඩායම් දෙකෙන්ම අතපසුවීම් සිදු වන අයුරක් දක්නට ලැබුණු අතර විනිසුරුවන්ගේ තීරණ ද  සැලකිය යුතු තරම් ඉහල මට්ටමක පැවති බව සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ මිනිත්තු 25ක් පමණ ගත වන විට සාන්ත පීතර විද්‍යාලයේ පළමු උත්සාහක දිනුම සිහිගන්වන ආකාරයේ දීර්ඝ සටනකින් පසු සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට රාජකීයයන් සමත් වූ අතර එහි හිමිකරුවා බවට පත් වුනේ කෙවින් සමරසේකරයි. නමුත් එතරම් සාර්ථක දිනයක් ගත කරමින් නොසිටි මලීෂ පෙරේරා හට එම ප්‍රවර්ථනය සාර්ථක කර ගත හැකි වූයේ නැත. (සාන්ත පීතර 12-08 රාජකීය)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ සාන්ත පීතර විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කරන්නට රාජකීයයන් සමත් වුණේ තවත් එක් උත්සාහක දිනුමක් පමණක් මගින් තරගයේ වාසිය තමන් වෙත දෝලනය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මනා අවබෝධයක් සහිතව ක්‍රීඩා කරමිනුයි.

සත් සාමාජික රග්බි තරගාවලියක් මස්කෙලියේ දී

අන්තර් වැවිලි කර්මාන්ත සත් සාමාජික රග්බි ශූරතාවලිය (Inter Plantation 7s) මේ මස 30 වැනිදා දික්ඔය මස්කෙලිය ක්‍රීඩා සංකීර්ණයේ ආරම්භ වීමට…

කෙසේ වෙතත් අවසන් මොහොතේ කණ්ඩායම් දෙකෙන්ම සිදු වූ වැරදි කැපී පෙණුනු අතර සාන්ත පීතර කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් පිටියෙන් ඉවතට යොමු කිරීමට ඔවුන් සමත් වීම හේතුවෙන් රාජකීයයන්ට තරගයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීම සඳහා තවත් අවස්ථාවක් නිර්මාණය විය.

කෙසේ වෙතත් ඔවුන්ගේ කණ්ඩායමෙන් ද ඊට නොදෙවෙනි අතපසුවීමක් දක්නට ලැබුණේ තරගයේ කාලය අවසන් බව තේරුම් නොගෙන තමන් සතුව තිබූ පන්දුව ඉදිරියට ගෙන යනවා වෙනුවට පා පහරක් මගින් පිටියේ ඉදිරියට යොමු කිරීමට රාජකීය ක්‍රීඩකයෙක් පියවර ගැනීමත් සමඟයි.

ඒ අනුව පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයා අතට පත් වීමත් සමඟ ප්‍රධාන විනිසුරු සිය තරග අවසන් සංඥාව නිකුත් කළේ රාජකීය විද්‍යාලයේ තරග 20ක අපරාජිත ගමනට නැවතීමේ තිත ද තබමිනි.

ThePapare.com තරගයේ වීරයා – නිස්රාන් නිලාර්

අවසන් ලකුණු තත්ත්වය – සාන්ත පීතර විද්‍යාලය 12 (2T, 1C) – රාජකීය විද්‍යාලය 08 (1T, 1P)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<