ශූරයින්ගේ මාරයාට පීතර්යින්ගෙන් තරවටුවක්!

708
Bamba Brigade defends the under 18 Title

2019 වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික තරගාවලියේ අවසන් මහා තරගය අද (18) රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණ අතර එහි ශූරතාව දිනා ගැනීමට සාන්ත පීතර විදුහල සමත් විය. ඒ ලකුණු 12-07ක් විද්‍යා විදුහලට එරෙහිව තියුණු තරගයකින් අනතුරුවයි.

​කරට කර සටනකින් පසු DS – සාන්ත ජෝසප් තරගය විසඳුමකින් තොරයි!

වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික තරගාවලියේ පළමු දිනය අද (17) කොළඹ තුරග තරග පිටියේ දී..

විද්‍යා විදුහල තරගය ආරම්භ වී පළමු විනාඩියේ පටන්ම සාන්ත පීතර ක්‍රීඩකයින් මවිත කරමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර තරගය අවසානය දක්වා ඔවුන් තමන්ගේ ආක්‍රමණශීලී තරග රටාව එසේම තබා ගැනීමට සමත් විය.

පසුව දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර විදුහල විද්‍යා ආරක්ෂක බැම්ම විනිවිද යමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු 7-7ක් වශයෙන් තරගය සම කිරීමට සමත් විය.

පසුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා වූ අතිරේක විනාඩි කිහිපය තුළ දී සාන්ත පීතරයින් ක්‍රියාත්මක වෙමින් විද්‍යා කඳුළු මතින් තම ජයග්‍රහණය සමරන්නට විය.

ඊට පෙර පැවතී අර්ධ අවසන් පූර්ව තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග සියල්ලකටම පාසල් 16ක් ඉතා උද්යෝගයෙන් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵල පහතින්.

කුසලාන ශූරතා කාණ්ඩය – අර්ධ අවසන් පූර්ව තරග

  • සාන්ත පීතර විදුහල 19 – 05 සාන්ත තෝමස් විදුහල 
  • වෙස්ලි විදුහල 19 – 07 ත්‍රිත්ව විදුහල
  • විද්‍යා විදුහල 31 – 12 වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල
  • සහිරා විදුහල 19 – 14 සාන්ත ජෝසප් විදුහල

බඳුන ශූරතා කාණ්ඩය – අර්ධ අවසන් පූර්ව තරග

  • ඉසිපතන විදුහල 26 – 00 සාන්ත සිල්වෙස්තර විදුහල 
  • සාන්ත අන්තෝනි විදුහල 12 – 17 ලුම්බිණි විදුහල
  • රාජකීය විදුහල 00 – 31 කිංග්ස්වුඩ් විදුහල
  • D. S. සේනානායක විදුහල 26 – 00 මොරටු මහා විදුහල

පලිහ ශූරතා කාණ්ඩය – අර්ධ අවසන් පූර්ව තරග

  • ධර්මරාජ විදුහල 26 – 12 පිළියන්දල මධ්‍ය මහා විදුහල 
  • සාන්ත ඇලෝසියස් විදුහල 22 – 10 රිච්මන්ඩ් විදුහල 
  • තර්ස්ටන් විදුහල 19 – 07 මලියදේව විදුහල 
  • මහානාම විදුහල 14 – 19 CWW කන්නංගර විදුහල 

පළඟ ශූරතා කාණ්ඩය – අවසන් පූර්ව තරග

  • සාන්ත තෝමස් විදුහල 05 – 17 ත්‍රිත්ව විදුහල
  • වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල 00 – 43 සාන්ත ජෝසප් විදුහල

පලිහ ශූරතා කාණ්ඩය – අවසන් පූර්ව තරග

  • ධර්මරාජ විදුහල 19 – 10 සාන්ත ඇලෝසියස් විදුහල
  • තර්ස්ටන් විදුහල 19 – 05 CWW කන්නංගර විදුහල 

බඳුන ශූරතා කාණ්ඩය – අවසන් පූර්ව තරග

  • ඉසිපතන විදුහල 31 – 00 ලුම්බිණි විදුහල
  • කිංග්ස්වූඩ් විදුහල 14 – 19 D. S. සේනානායක විදුහල

කුසලාන ශූරතා කාණ්ඩය – අවසන් පූර්ව තරග

  • සාන්ත පීතර විදුහල 35 – 00 වෙස්ලි විදුහල
  • විද්‍යා විදුහල 10 – 05 සහිරා විදුහල

අවසන් මහා තරග ගැන බලන විට කණ්ඩායම් සියල්ලක්ම මදක් මන්දගාමීව ක්‍රීඩා කළ ද තමන්ගේ පාසල් වෙනුවෙන් සියලු වෙර යොදා ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

ජාතික සංචිතයට නව සහය පුහුණුකරුවන් දෙදෙනෙක්!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන..

එහි දී පලිහ ශූරතාව වෙනුවෙන් ධර්මරාජ විදුහල සහ තර්ස්ටන් විදුහල සටන් කළ අතර එහි දී ධර්මරාජ විදුහල පරයමින් ලකුණු 14-45ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

බඳුන ශූරතාව වෙනුවෙන් ඉසිපතන විදුහල සහ D. S. සේනානායක විදුහල ක්‍රීඩා කළ අතර D. S. සේනානායක විදුහල වෙත පීඩනය එල්ල කරමින් ක්‍රීඩා කළ ඉසිපතන විදුහල ලකුණු 19-12ක් වශයෙන් පහසුවෙන් ජය ගන්නා ලදි.

පලඟ ශූරතාව වෙනුවෙන් ත්‍රිත්ව විදුහල හා සාන්ත ජෝසප් විදුහල ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 17-05ක් වශයෙන් පහසුවෙන් ශූරතාව දිනා ගැනීමට ත්‍රිත්ව විදුහලට හැකි විය.

හැව්ලොක් සමාජය නව නායකයෙකු යටතට

එළඹෙන තරග වාරය නිමිති කොටගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නව නායකයෙකු පත්..

කුසලාන ශූරතාව වෙනුවෙන් සාන්ත පීතර විදුහල සහ විද්‍යා විදුහල සටන් කළ අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 07-07ක් වශයෙන් කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා කරමින් සිටියේය. පසුව අතිරේක කාලය තුල දී වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළ සාන්ත පීතරයින් විද්‍යා විදුහල පරයමින් කුසලාන ශූරයින් බවට පත්විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<