16 හැවිරිදි දුනිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා ජෝසප් අවසන් සටනට!

406

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලිය වන සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරගයක් අද (09) කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැත්විය. ඒ ගියවර ශූරයින් බවට පත්වූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ පසුගිය දිනවල හොඳින් දස්කම් අතර සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතරයි.

දිනෙත්- ජොහැන්- දුනිත් සහ ලක්ෂාන් සාන්ත ජෝසප්ට මග කියයි

දිනෙත් ජයකොඩිගේ ශතකයත්, ජොහැන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂාන් ගමගේගේ අර්ධ ශතකත් හේතුවෙන් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව…

ඉන් පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගත් සාන්ත ජෝසප් විද්‍යාලය මෙවරත් 19න් පහළ පාසල් ක්‍රිකට් තරගයේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන් කරවා ගැනීමට සමත් විය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනෙත් ජයකොඩි සහ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් පෑ දුනිත් වෙල්ලාලගේ මෙම තරගය ජෝසප් පිළ වෙනුවෙන් දිනා දුන් ප්‍රධානතම බල කණු දෙක බවට පත්විය.

ඊයේ පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 415 ලබා සිටි සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ අණසක මුල සිටම තමන් වෙත නතු කරගෙන තිබුණි. ජෝසප් විද්‍යාලය වෙනුවෙන් මෙම දැවැන්ත ලකුණු පුවරුව ගොඩ නැගීමේ දී පෙරමුණ ගත්තේ දකුණත් පිතිකරු දිනෙත් ජයකොඩියි. පන්දු 131කට මුහුණ දුන් දිනෙත් තම විද්‍යාලය වෙනුවෙන් උපරිම වගකීම ඉටු කරමින් ලකුණු 116ක් රැස් කළේය. ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලක්ෂාන් ගමගේ ලකුණු 79ක් ලබා ගත්තේ පන්දු 96කට මුහුණ දෙමිනි.

තවමත් 16 හැවිරිදි වියේ පසු වුවද වයසට වඩා අසාමාන්‍ය දක්ෂතා දක්වන දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් ලකුණු 62ක් රැස්කළේ පන්දු 114ක් වෙනුවෙන් පිටියේ රැඳී සිටිමිනි. සාන්ත ජෝසප් උප නායක ජොහාන් ද සිල්වා කණ්ඩායමේ අනෙක් අර්ධ ශතක ලාභියා ලෙස ලකුණු 59ක් වාර්තා කළේය. මේ අයුරින් බොහෝමයක් පිතිකරුවන් හොඳින් ලකුණු අතරට පිවිසීම නිසා අද උදෑසන සියල්ලන්ම දැවී ලකුණු 433ක් රාජකීය ලකුණු පුවරුව මත සටහන් කිරීම සාන්ත ජෝසප් විද්‍යාලයට කිසිසේත්ම අපහසු නොවීය. පන්දු යැවීමේ දී විනූජ රණසිංහ කඩුලු 4ක් දවා ගනිමින් සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම දක්ෂතා ප්‍රකට කල අතර ප්‍රවීන් කුරේ සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් දවා ගත්හ.

තෝමසුවෝ ආදරවන්තයන් හඬවා සූරතාව රැගෙන යයි

පන්දුවෙන් පන්දුව උණුසුම් වූ තරගයක ආශ්වාදය ගාලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර අද…

ජෝසප් විද්‍යාලය ලබාගත් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යාමට තරම් කාලයක් අද සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉතිරිව තිබුනේ නැත. ඒ හැරෙන්නට කඩුලු ආරක්ෂා කරගෙන සිටින්නටවත් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් ඔවුන්ට ඉඩ හසර විවර වූයේ නැත. පන්දුවාර 34යි පන්දු 4කට පමණක් මුහුණ දුන් සාන්ත සෙබස්තියන් ඉනිම ලකුණු 85කට මුළුමනින්ම ගරා වැටෙන්නේ එහෙයිනි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් ජයතුංග පවා අද රැස් කළේ ලකුණු 28ක් පමණි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 45ක් වැය කළේය. ඔහුට අමතරව ලකුණු 20 සීමාවටවත් ළඟා වීමට හැකි වූයේ ලහිරු ප්‍රනාන්දුට පමණි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද අනභිභවනීය දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ අද තරගයේ වැඩිම ගෞරවය දිනා ගත්තේ ලකුණු 22කට කඩුලු 7ක් දවා ගනිමිනි. සමස්ත සෙබස්තියන් විද්‍යාලයටම ඔහුගේ වමත් පිට දඟපන්දුවට පිළිතුරක් තිබුණේ නැත.

අද සන්ධ්‍යා කාලයේ දී සෙබස්තියන් පිළේ අවසන් පිතිකරුවා ලෙස නදීර ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට පිටත් කර හැරි දුනිත් අද සාන්ත ජෝසප් විද්‍යාලයට අවසන් මහා තරගයට පිවිසීමේ වරම් දිනා දුන්නේය. ඉතාමත් ළාබාල වියේ දී ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ද වර්ණ දිනා සිටින දුනිත් වෙල්ලාලගේ අද දැක්වූ දක්ෂතා සැලකීමේ දී මෙම ක්‍රීඩකයා පිළිබඳව ඉදිරියේදීත් ThePapare.com වෙබ් අඩවියේ බොහෝ දේ ලියැවෙන බව නම් සහතිකය.

සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් යැයි මා කිවහොත් ඔබ මවිතයට පත් වනු ඇත. ඒ වාර්තාව 1984 වර්ෂයේ….

සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 433 (පන්දුවාර 107.5) දිනෙත් ජයකොඩි 116, ලක්ෂාන් ගමගේ 79, දුනිත් වෙල්ලාලගේ 62, ජොහාන් ද සිල්වා 59, යෙසිත් රූපසිංහ 26, ඩිනල් අනුරාධ 26, අශේන් ඩැනියෙල් 22*, විනුජ රණසිංහ 4/118, ප්‍රවීන් කුරේ 2/42, නුවනිඳු ප්‍රනාන්දු 2/78.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 34.4) දුනිත් ජයතුංග 28, ලහිරු ප්‍රනාන්දු 23, දුනිත් වෙල්ලාලගේ 7/22, ජොහාන් ද සිල්වා 3/18.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<