සාන්ත ජෝසප් සහ මෙගොඩවැව විද්‍යාල අනුරාධපුරයෙන් පෙරමුණ ගනී

454

අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය සහ යකල්ල මෙගොඩවැව මහා විද්‍යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික් බාලක සහ බාලිකා ශූරතා ජයග්‍රහණය කරමින් සමපෝෂ සමස්ත ලංකා ශූරතාවලියේ අවසන් අදියරට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ත්‍රිත්ව – තෝමස් ගැටුම මෙවරත් ජය පරාජයෙන් තොරයි

අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් අදියරට පහසුවෙන් සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරඟයේදී දේවානම්පියතිස්ස මහ විද්‍යාලය ගෝල 4-0 ලෙස පහසුවෙන් පරාජය කරමින් සහ අවසන් තරඟයේදී කුඩා නෙලුම්වැව ගැමුණු මහා විද්‍යාලය හමුවේ ගෝල 2-0 ලෙස ද ජයග්‍රහණය වාර්තා කරමිනි.

කුඩා නෙලුම්වැව ගැමුණු මහා විද්‍යාලය අවසන් මහා තරඟයේ ඔවුන්ට හිමි ස්ථානය සනිටුහන් කර ගත්තේ ගෝල වාර්තා කිරීමකින් තොරව අවසන් වුනු අවසන් පූර්ව තරඟයෙන් අනතුරුව පැවැත්වුනු දැඩි තීරණාත්මක දඬුවම් පහර වලිනි.

යකල්ල මෙගොඩවැව මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ කුඩා නෙලුම්වැව ගැමුණු මහා විද්‍යාලය යන බාලිකා කණ්ඩායම් තුනක සහභාගීත්වයක් බාලිකා තරඟ පැවැත්විය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය හමුවේ කුඩා නෙලුම්වැව ගැමුණු මහා විද්‍යාලය ගෝල 1-0ක ජයක් ලැබුවේ, යකල්ල මෙගොඩවැව මධ්‍ය විද්‍යාලය හමුවේ කුඩා නෙලුම්වැව ගැමුණු මහා විද්‍යාලය ගෝල 1-0 ලෙස පරාජයක් ලබද්දීය. තවද යකල්ල මෙගොඩවැව මහා විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමඟ බාලිකා තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට යකල්ල මෙගොඩවැව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සමත් විය.

අනෙකුත් දිස්ත්‍රික් ප්‍රතිඵල

එක් එක් දිස්ත්‍රික්කයේ බාලක සහ බාලිකා ශූරයින් අවසන් වටයේ තරග සඳහා සහභාගී වන අතර එහිදී සමපෝෂ වයස 15න් පහල සමස්ත ලංකා පාපන්දු තරගාවලියේ අවසන් වටයේදී ශූරයින් ලෙස අභිෂේක ලබනු ඇත.

යාපනය

උතුරේ රජුන් ලෙස නැවත වතාවක් ක්‍රීඩාවේ සිය ආධිපත්‍ය රැක ගැනීමට සාන්ත හෙන්රි විදුහල සමත් වූයේ අවු. 15න් පහල බාලක තරඟාවලියේ ජයග්‍රාහකයන් ලෙස සිය අසල්වැසි සාන්ත පැට්‍රික් විදුහල යාපනය දිස්ත්‍රික් තරඟාවලියේදී පරාජයට පත් කරමිනි. බාලිකා කාණ්ඩයේ පසුගිය වසරේ ජයග්‍රාහකයන් වූ යාපනය මහජන විදුහල අවසන් තරඟයේදී මදතෙරෙයිප්පු කාන්තා පාසල පරාජය කරමින් සිය විජයග්‍රහණය සනිටුහන් කරන ලදී.

ගම්පහ

මිනුවන්ගොඩ නාලන්දා විදුහල අභිභවා යමින් බාලක ශූරතාවය දිනා ගැනීමට උඩුගම්පොල සාන්ත පීටර් විදුහල සමත් විය. එම අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට පාසල් දෙකම අවසන් පූර්ව තරඟ වලදී පිළිවලින් සංඝබෝධි මහා විද්‍යාලය හා වේයන්ගොඩ සාන්ත මරියා යන පාසල් සමඟ තීරණාතමක දඬුවම් පහර එල්ල කිරීම් කරා යොමු වීමට සිදු වූයේ අවසන් පූර්ව තරඟ දෙකම තීරණයකින් තොරව අවසන් වීම නිසාය. බාලිකා අවසන් තරඟයේදී එක් ගෝලයක ජයක් වාර්තා කිරීමට ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලය හමුවේ රන්පොකුණගම මහා විද්‍යාලය සමත් විය.

මාවනැල්ල

මාවනැල්ල දිස්ත්‍රික් ශූරතාවලිය පුරාවටම බදූරිය මධ්‍ය විද්‍යාලය ප්‍රවේගකාරී පහරදීම් රටාවක් පෙන්නුම් කරන ලද්දේ, තරඟාවලිය පුරාවට අපරාජිතව සිටිමින් බාලක අවසන් මහා තරඟයේදී නැවත නැගී සිටීමට උත්සහ කල දරුල් උලූම් විද්‍යාලය පරාජයට පත් කිරීමත් සමගිනි. මෙහිදී සටහන් කල යුතුම කරුණ නම් අවු. 17න් පහල කාණ්ඩයේ ශූරතාව තමන් සතුකර ගනිමින් තම වාර්තාව බිඳ වැටීමට නොදී අපරාජිතව එය අරාක්ෂා කර ගැනීමට බදූරිය මධ්‍ය විද්‍යාලය සමත් වීමයි.

වත්තල /කැලණිය

සුපුරුදු පරිදි වත්තල/ කැලණිය තරගය තීරණනාත්මක, අවිනිශ්චිත තරඟ රටාවක් පෙන්නුම් කල අතර පාපන්දු සම්මේලනය කඳාන ද මැසිනොද් විදුහල ජයග්‍රාහකයන් ලෙස දක්වන ලද්දේ අවසන් මහා තරඟයේදී තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය පරාජය කිරීමත් සමගිනි. බාලික අවු. 15න් පහල කාණ්ඩයේ හුදකලා සහභාගීත්වයක් දක්නට ලැබීම නිසා විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සමසථ ලංකා මට්ටමට නිතරඟයෙන් තේරී පත් වුනි.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙකන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට