මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තරගාවලියට සූදානමින්

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු …

 TPBC 2016 – සාරාංශයක්

නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම පසුගිය වසරේ තරගාවලිය සඳහා එක්වුණේ තරගාවලියේ ශූරයින් බවට පත්වූ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාම කණ්ඩායම සමඟින් B කාණ්ඩයෙනි. එහි දී පළමු වටයේ දී පැවති තරගය ඔවුන් යහපත් එඬේරාගේ කන්‍යාරාම කණ්ඩායම ලකුණු 56-45ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් වූ නමුත් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එම ජයග්‍රහණය කණපිට පෙරලූ යහපත් එඬේරාගේ කන්‍යාරාම කණ්ඩායම ලකුණු 51-48ක් වශයෙන් ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට 2016 වසරේ දී තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය.

අභියෝගාත්මක ක්‍රීඩිකාවන්

ThePapare Basketball Championshipමෙවර කණ්ඩායම දේශීය මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම්වලින් ද සමන්විත කණ්ඩායමක් ලෙස හඳුනා ගත හැක. මෙම වසරේ මුල භාගයේ දී පැවති ආසියානු කුසලානයට සහ වයස අවුරුදු 18න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් 3×3 කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය කණ්ඩායමේ සෙලෝමි ගුණසේකර ය. ඇය සමඟින් ටානියා පෙරේරා ද අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් ලෙස කණ්ඩායම ශක්තිමත් කිරීමට එක්ව ඇත.

ThePapare Basketball Championshipඑම ක්‍රීඩිකාවන් දෙදෙනා ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති අත්දැකීම් ඔවුන් දෙදෙනාගේම ප්‍රහාරාත්මක අංශය වැඩිදියුණු වීමට බෙහෙවින් ඉවහල් වී ඇත. ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩිකාවන් පසුකර යමින් ලකුණු රැස්කිරීම ටානියාගේ විශේෂත්වය වන අතර සෑම අංශයකින්ම දක්‍ෂතා දක්වන සෙලෝමි කණ්ඩායමේ සමබරතාවය ගොඩනඟයි.

කණ්ඩායම

සමස්ත කණ්ඩායමේ ශක්තිය වී ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එකිනෙකා අතර පවතින ඉහළ අවබෝධය යි. පහළ වයස් කාණ්ඩවල සිට එකට ක්‍රීඩා කර ඇති කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මේ වන විට අවුරුදු 6-7ක කාලයක් එකිනෙකා සමඟින් ක්‍රීඩා කර ඇත. ඒ අනුව ප්‍රහාරාත්මක මෙන්ම ආරක්‍ෂාකාරී අංශයෙන් ද සාර්ථකව ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් අතර පවතින සබඳතාවය බෙහෙවින් ඉවහල් වනු ඇත.

ගියවර ඔවුන් අතින් අහිමි වූ ශූරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වන අතර සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම හේතුවෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවලට බාධා පැමිණියත් ඒවා හමුවේ වුවද සතිය පුරාවට නොකඩවා සිය පුහුණුවීම් කටයුතු කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබීය.

ThePapare Basketball Championshipනායිකා චලනි පෙරේරා,

“අපිට මේ පාර ශක්තිමත් කණ්ඩායමක් සිටින නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මෙවර ශූරතාවය දිනා ගන්න පුළුවන් වෙයි කියලා. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කරලා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්න බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව එහිදීත් හොඳ තරගයක් ලබා දීලා මෙවර තරගාවලියේ ශූරතාවය දිනා ගන්න එක.”

ThePapare Basketball Championshipප්‍රධාන පුහුණුකාරිනී ප්‍රසාදිනී විජේසිංහ,

“අපිට මෙවර තරගාවලිය අනිවාර්යයෙන්ම ජය ගන්න අවශ්‍ය යි. ඒ ඉලක්කය තියාගෙන පසුගිය වසරේ දී අපි අතින් සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් අපි තරගාවලියට සූදානම් වුනා. ඕනෑම අභියෝගයකට මුහුණ දීලා තරගාවලියේ ශූරතාවය දිනා ගන්න මේ වන විට කණ්ඩායම සූදානමින් සිටින්නේ.”

සංචිතය

චලනි පෙරේරා (නායිකාව), සෙලෝමි ගුණසේකර, නිහාරි පෙරේරා, ටානියා පෙරේරා, බුත්සරණි ඉලංගතිලක, එච්. කේ. තිසරි, අමාලි අමන්දා, නෙත්මි කාවින්දි, ටෂීනා උරේෂානි, වෙනූෂා සංජලී, අමන්දා ෂෙනාලි, එරන්දි නිසංසලා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට