නොනැවතුණු වැරදිවලින් ජෝසප්වරුන් පරාජයට

3848

සිංගර් පාසල් රග්බි ලීගයේ දෙවන වටයේ දෙවන සතිය අරඹමින් අද (05) මහනුවර ත්‍රිත්ව විදුහලත් මරදාන සාන්ත ජෝසප් විදුහලත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණි. එහි දී ලකුණු 30-25ක් ලෙස ජය ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. ජෝසප් විද්‍යාලය තරගය තුළ දී පන්දුව හැසිරවීමේ වැරදි 18ක් සිදු කර තිබූ අතර ඒ  සියල්ලෙහි වාසිය ත්‍රිත්වයන් විසින් ලබා ගන්නා ලදි.

ත්‍රිත්වයන් පරාජිතයි; රාජකීයයන් ජය ගනියි

සිංගර් පාසල් රග්බි ලීගයේ තවත් සතියක් ඊයේ (29) සවස නිමාවුණු අතර 28 වැනි දා සහ ඊයේ පැවති තරගවල දී ජය ලැබුවේ ඉසිපතන, වෙස්ලි, රාජකීය සහ සාන්ත පීතර යන රග්බි කණ්ඩායම් ය.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යත්ම ත්‍රිත්ව  විද්‍යාලය වේගයෙන් ඉදිරියට ඇදුණු අතර උත්සාහක දිනුමකින්  ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ රිශේන් මාදෙන ය. ඊට නිසි පිළිතුරු සැපයූ ජෝසප් විද්‍යාලයේ චතුර සෙනවිරත්න ද උත්සාහක දිනුමක් රැස් කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ත්‍රිත්ව 05-07 ජෝසප්)

පසුව ගැමුණු චේතිය විසින් මීටර 60ක පමණ වේගවත් ධාවනයක් සිදු කළත් ඔහුව හඹාගොස් නවතා ගන්නට ත්‍රිත්ව ආරක්ෂකයන් සමත් විය. නමුත් මිනිත්තු කිහිපයකින් පසුව ත්‍රිත්ව විද්‍යාලයේ ලයින් අවුට් අවස්ථාවක් සොරා ගනිමින් ජෝසප් විදුහල ඉදිරියට ඇදුණු අතර සචිත් සිල්වා, පිටියේ වම් කොණේ සිට ගෝල කණු යටටම දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (ත්‍රිත්ව 05-14 ජෝසප්)

මිනිත්තු 25ක පමණ ඇවෑමෙන් දෙපිල අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර එහි දී අඥාන අයුරින් හැසිරුණු ජෝසප් විද්‍යාලයේ ශාන් අකිල හට කහ කාඩ්පතක් හිමි විය. එහි වාසිය මැනවින් ලබාගත් නේදන් චෑන්, ත්‍රිත්ව විද්‍යාලයට උත්සාහක දිනුමක් එක්කළ අතර ත්‍රිත්වයන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (ත්‍රිත්ව 10-14 ජෝසප්) පසුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ අගනා අවස්ථාවක් සාන්ත ජෝසප් විද්‍යාලයට මඟ හැරුණු අතර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් අනුක බෝයගොඩ උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයට එක්වූ දිලුක්ෂ දන්ගේ අසාර්ථක විය. (ත්‍රිත්ව 15-17 ජෝසප්)

මීටර 40ක පමණ සීමාවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට සචිත් සිල්වා සමත් වීමත් සමඟ පළමු අර්ධය අවසන් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 17 (2T 2C 1P) – 15 (3T)  ත්‍රිත්ව විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ දී ම ලද පහසු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සචිත් සිල්වා, ජෝසප් අන්තයට ලකුණු 3ක් එක්කළේය. පසුව හොඳින් පන්දුව හුවමාරු කර ගනිමින් ඉදිරියට ඇදුණු ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අකිත් සකලසූරිය උත්සාහක දිනුමක් ලබා ගත්තේය. මෙතෙක් පිටිය තුළ දක්නට නොලැබුණු ලශේන් විජේසූරිය දෙවන අර්ධය වෙනුවෙන් පිටියට පැමිණ සිටි අතර ඔහුගේ පළමු ප්‍රවර්තනය සාර්ථක විය. (ත්‍රිත්ව 22-20 ජෝසප්)

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේ වොරන් වීරකෝන් ය. ප්‍රවර්තනය අසාර්ථකයි. පසුව ඊට ලශේන්ගේ පාදයෙන් සාර්ථක වූ දඬුවම් පහරකින් ද ලකුණු එක්විය. (ත්‍රිත්ව 30-20 ජෝසප්)

දිගින් දිගටම උත්සාහ කරමින් ඉදිරියට ගිය ජෝසප් කණ්ඩායම වෙනුවෙන් විනුල් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් රැස්කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ත්‍රිත්ව 30-25 ජෝසප්) කෙසේ නමුත් ජෝසප් පසුපෙළ රේඛාවේ පන්දු පාලනය දුර්වල මට්ටමක පැවතිණි. ඒ දුර්වලකම් නිසාම තරගයෙන් පරාජය වන්නට ඔවුන්ට සිදුවිය.

සම්පූර්ණ කාලය : සාන්ත ජෝසප් විද්‍යාලය 25 (3T 2C 2P) – 30 (5T 1C 1P) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රිශේන් මාදෙන. (ත්‍රිත්ව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ත්‍රිත්ව – රිශේන් මාදෙන 1T, නේදන් චෑන් 1T, අනුක බෝයගොඩ 1T, අකිත සකලසූරිය 1T, වොරන් වීරකෝන් 1T, ලශේන් විජේසූරිය 1C 1P.
  • ජෝශප් – චතුර සෙනවිරත්න 1T, සචිත් සිල්වා 1T 2C 2P, විනුල් ප්‍රනාන්දු 1T.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට