ජෝසප්වරුන් හමුවේ පැට්‍රික් ක්‍රීඩකයෝ අසරණ වෙති

218

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර පැවති “පාලක කුසලානය” (Rector’s Trophy) තරගයෙන්, ලකුණු 312ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ඊයේ (15) කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්‍රික් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගන්නා ලදි.

ජයග්‍රහණය මහින්ද හා ජනාධිපති පාසල්වලට

සිංගර් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (15) නිමාව දුටුවේ ගාල්ල මහින්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කරමිනි.

අද දිනය ආරම්භ වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ දෙවන ඉනිමත් සමඟිනි. ඔවුන්ට ලකුණු 247ක වාසියක් ද ඒ වන විට හිමිව තිබූ අතර ශෙවාන් රාසුල් සාන්ත පැට්‍රික් පන්දු යවන්නන්ගේ ඉරියව් හා ඔවුන්ගේ පන්දු දෝලනය මනාව වටහා ගෙන පිතිකරණයේ නිරත විය. ඔහු අර්ධ ශතකයක් කරා පිත්ත මෙහෙය වූ අතර ඔහුට අනෙක් අන්තයෙන් සවියක් වූ ඩිනාල් අනුරුද්ධ ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ, සාන්ත පැට්‍රික් පළමු ඉනිමට වඩා ලකුණු 387ක් පෙරමුණේ පසුවෙමින් දෙවන ඉනිම නවතා දැමීමට තීරණය කළහ. පන්දු යැවීමේ දී ඩී. එන්. ඩිලුක්සාන් කඩුලු 2යි.

ලකුණු 388ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වූ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින්ට, ඔවුන්ගේ පළමු ඉනිමේ දී මෙන්ම මෙම ඉනිම තුළ දී ද දැඩි පීඩනයක් එල්ල කිරීමට අශේන් ඩැනියල් පසුබට නොවීය.

නමුත් යම්කිසි මට්ටමකට සාන්ත පැට්‍රික් ඉනිම ගොඩනැංවූ ඉවාන් රොශාන්තන් නොදැවී ලකුණු 20*ක් ලබා ගත්ත ද, ඔහුට අනෙක් අන්තයේ සිටි පිතිකරුවන්ගෙන් එතරම් සවියක් ලැබුණේ නැත. මෙහි දී අශේන් විසින් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් දෙවන ඉනිමේ කඩුලු 7ක් දවා ගන්නා ලදි.

සාන්ත පැට්‍රික් දෙවන ඉනිම ලකුණු 75ක් ලෙස අවසන් කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ මෙම තරගය ලකුණු 312කින් ජයග්‍රහණය කළේ ගියවර ශූරතාවයේ ගෞරවය ද ආරක්ෂා කර ගනිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 285/8 dec (63.5): ජොහාන් ද සිල්වා 62, සචින්ත මහින්දසිංහ 59*, ඩිනාල් අනුරුද්ධ 45, කැමරන් දුරුගේ 42, යෙසිත් රූපසිංහ 26, ජේ. අනොජන් 3/68.

සාන්ත පැට්‍රික් විද්‍යාලය පළමු ඉනිම –  38/10 (22.3): අශේන් ඩැනියල් 5/06, දුනිත් වෙල්ලාගේ 4/10.

සාන්ත ජෝශප් දෙවන ඉනිම – 140/6 dec (35): ශෙවාන් රාසූල් 56*, ඩිනාල් අනුරුද්ධ 28, ඩී. එන්. ඩිලුක්සාන් 2/29, ජී. රතිශාන් 2/34.

සාන්ත පැට්‍රික් දෙවන ඉනිම – 75/10 (23.4): ඉවාන් රොශාන්තන් 20*, අශේන් ඩැනියල් 7/27.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට