සාන්ත ජෝසප් හා විශාකා විදුහල් පංච ප්‍රයාම ශූරතා දිනති

449

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ විශාකා විද්‍යාලය පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී මැයි 3 වැනිදා සිට මැයි 5 වැනිදා දක්වා පැවැත්විය.

තෙවැනි දිනය නිමාවේ දී මෙත්සරණි පළඟ අවසන් සටනට

පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම සැනසීමට කරුණ වූ බර ඉසිලීමේ කණ්ඩායමට තෙවන දිනය නම් එතරම් සුබදායක……

පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියක් ඉසව් පහකින් සමන්විත අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පංච ප්‍රයාම තරගාවලි මීටර 50 සමනල ආර, මීටර 50 පසුපස ආර, මීටර 50 ළය ආර, මීටර 50 නිදහස් ආර හා කේවල මීටර 200 තනි පුද්ගල දක්ෂතා යන ඉසව් වලින් සමන්විත වේ. වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 18න් පහළ හා 18න් ඉහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්විය. වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම සුදුසුකම් වලට ළඟා වූවාද  යන්න පමණක් සලකා බලන ලදි.

බාලක තරග ඉසව් තුලින් පසුගිය වසරේ ලකුණු 34 වාර්තාව ඉක්මවා යමින් ලකුණු 40ක් වාර්තා කර ගනිමින් පළමු ස්ථානය දිනා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. ලකුණු 22ක් ලබා ගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවැනි ස්ථානය දිනා ගද්දී ලකුණු 21ක් ලබාගත් ආනන්ද විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

විශාකා විද්‍යාලය ලකුණු 39ක් සමඟින් බාලිකා විද්‍යාලය දිනා ගන්නා ලද අතර ඒ පසුගිය වසරේ සිට ස්ථාන දෙකක් ඉහළට පැමිනෙමිණි. ලකුණු 33ක් රැස්කර ගත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ස්ථානය දිනා ගත් අතර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 17ක් සමඟින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. බාලක බාලිකා යන අංශ දෙකේම ලයිසියම් ජාත්‍යන්තර පාසල ජයග්‍රහණ දිනා ගැනීම විශේෂ කරුණක් විය. පසුගිය වසරේ දී බාලිකා පළමු ස්ථානය මෙන්ම බාලක දෙවන ස්ථානය දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට මෙවර සිය සුපුරුදු දස්කම් වලට පිවිසීමට නොහැකි විය.

>> පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<