ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සුදුසුකම් ලබා ඇත.

කොළඹින් පිටත කණ්ඩායම් දෙකක් කාලයකට පසු අවසන් මහා තරගයකට පිවිසෙන මෙම තරගය කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත ය.

කණ්ඩායම් දෙකම අවසන් තරගය දක්වා පිවිසීමේ දී ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් කාගේත් අවධානයට ලක් ව ඇත. විශේෂයෙන්ම කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයකට කාලයකට පසු පිවිසීම ද දැඩි තරගකාරීත්වයක් ගනු ඇත යන්න කාගේත් විශ්වාසයයි.

සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් මහා තරගයට පිවිසෙන්නේ පසුගිය වසරේ මෙම වයස් කාණ්ඩයේ ශූරයන් සේ ම අනුශූරයන් ද පරාජය කරමින් වීම කැපී පෙණේ. අවසන් පූර්ව තරගයේ දී ඔවුන් විසින් පරාජය කරනු ලබන්නේ පසුගිය වසරේ අනුශූරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලයයි. එම තරගයේ දී ඔවුන්ට කඩුලු 4කින් ජයග්‍රහණයක් හිමි විය. අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන් පසුගිය වසරේ ශූරයන් වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4කින් පරාජය කළහ. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී සාන්ත අන්තෝනුවන් වෙතින් පරාජය වූයේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි.

සාන්ත අන්තෝනුවෝ අවසන් තරගයට

ආරම්භයේ සිටම අගනුවර ක්‍රීඩකයන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන…

ඒ අනුව තරගාවලිය පුරාම මනා තරග සැලසුමකින් යුක්තව සාන්ත අන්තෝනි විද්‍යාලය කටයුතු කළ බවකි හැ‍ඟෙන්නේ. දිවයිනේ නම ගිය කණ්ඩායම් සමඟ පැවති සෑම තරගයක දී ම ජයග්‍රහණය ඉතා ඉහළ පරාසයක තබා ගනිමින් නිමා කිරීමට ද ඔවුන් සමත් වූහ.   

තීක්ෂණ ගුණසිංහගේ නායකත්වයෙන් යුත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායමේ උප නායකත්වය තමාශන අබේකෝන් වෙත පැවරී ඇත. කණ්ඩායමේ පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා මහතා කටයුතු කරන අතර ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ නිශ්ශංක විජේසිංහ මහතා ය.

නායක තීක්ෂණ ගුණසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායමේ පිතිකරු අංශයේ ප්‍රමුඛයාය. ඔහුට අමතරව නවෝද්‍ය විජයකුමාර සහ මොහොමඩ් කාමිල් ද පිතිකරුවන් ලෙස කණ්ඩායමේ විශ්වාසය දිනා සිටී. උපනායක තමාශන අබේකෝන් සහ කල්හාර සේනාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයන් සේ කණ්ඩායමට එක්ව සිටී. පන්දු යවන්නන් අතුරින් තරිඳු ළමාහේවගේ, ගිහාන් අචින්ත සහ සසිත් හිරුදික කෙරෙහි වඩාත් විශ්වාසය තබා ඇත. මේ සියලු සංකලනයන් සමඟ සාන්ත අන්තෝනුවෝ එළඹෙන අවසාන මහා තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණය පිළිබඳව වඩාත් විශ්වාසයෙනි.

සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම; තීක්ෂණ ගුණසිංහ (නායක) තමාශන අබේකෝන්, මොහොමඩ් කාමිල්, ප්‍රමුදිත් පණ්ඩිතරත්න, මොහොමඩ් රුක්ෂාන්, ලසිත වැරැල්ලේගම, ගයාන් කවිශ්ක, නිපුන් අශෝක, සවින් වීරසිංහ, ගිහාන් අචින්ත, තරිඳු ළමාහේවගේ, චාමික සමරසිංහ, සසිත් හිරුදික, කල්හාර සේනාරත්න, නවෝද්‍ය විජේකුමාර, නිශ්ශංක විජේසිංහ(ක්‍රිකට් භාර ආචාර්ය) සම්පත් පෙරේරා(පුහුණුකරු)

අර්ධ අවසන් පූර්ව තරගයේ ලකුණු සාරාංශය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 135 (45.3) නිශිත අභිලාශ් 54, ලහිරු ප්‍රනාන්දු 22, ගිහාන් අචින්ත 4/20, තමාශන අබේකෝන් 3/31

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 6ක් දැවී 136 (38.3) නවෝද්‍ය විජයකුමාර නොදැවී 36, තමාශන අබේකෝන් නොදැවී 35, තීක්ෂණ ගුණසිංහ 27, ප්‍රවීන් කුරේ 4/23, තරිඳු ද සිල්වා 2/26

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක්

අවසන් පූර්ව තරගයේ ලකුණු සාරාංශය

රාජකීය විද්‍යාලය; සියලුම දෙනා දැවී 132(47.2) හරිඳු පළිහවඩන 31, තරුෂ රුක්ෂාන් 22, සසිත් හිරුදික 3/30, තරිඳු ළමාහේවගේ 2/16, ගයාන් සමරසිංහ 2/16, කල්හාර සේනාරත්න 2/21

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 6ක් දැවී 134(31.4) කල්හාර සේනාරත්න 40, මොහොමඩ් කාමීල් 35, නවෝද්‍ය විජයකුමාර් නොදැවි 29, ඩිමාල් විජේසේකර 2/35, මනුල පෙරේරා 3/35

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක්

සාන්ත සර්වේශස් විද්‍යාලය

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් මහා තරගයට පිවිසෙන්නේ අවසන් පූර්ව වටයේ දී කොළඹ නාලන්ද විද්‍යාලය පරාජය කරමිනි. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ද, පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය ද පරාජය කරන්නේ ය.

කණ්ඩායමේ නායකත්වය කේශර නුවන් වෙත පැවරී ඇති අතර උපනායකත්වය ශෂික දුල්ශාන් වෙත පැවරී ඇත. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රියන්ත අබේසේකර මහතා කටයුතු කරන අතර සමන් කුමාර මහතා ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.

ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි

ශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලය පරදවා මාතර සාන්ත සර්වේශස්..

අවසන් තරගය දක්වා පැමිණීමේ දී සාන්ත සර්වේශස් ක්‍රීඩකයන් අතුරින් වඩාත් කැපී පෙණුනේ පිතිකරුවෝ ය. ඒ අතුරින් නායක කේශර නුවන්ත කැපී පෙණුනි. තීරණාත්මක අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග දෙකේ දී ම අර්ධ ශතක ලබා ගනිමින් කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට ඔහු සමත් වූවේ ය. ඊට අමතරව උප නායක ශෂික දුල්ශාන් ද කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කණ්ඩායමට අගනා මෙහෙයක් කරන්නේ ය. නිමා වූ අවසන් පූර්ව තරගයේ දී අර්ධ ශතකයක් ද ලබා ගන්නා ශෂික කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කරමින් සුපිරි දක්ෂතා දැක්විය. ඔවුන් දෙදෙනාට අමතරව විහාන් කළිඳු, නවින් සාහිත් සහ පුෂ්පිත ඩිල්ශාන් සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වමින් වඩාත් විශ්වාසය දිනා සිටී.

වඩාත් සමබර කණ්ඩායමක් සේ අවසන් මහා තරගයට පිවිසෙන සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ සැබෑ ලෙසම ප්‍රතිවාදී සාන්ත අන්තෝනුවන්ට අභියෝගයක් වනු ඇත.  

සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම; කේෂර නුවන්ත (නායක) ශෂික දුල්ශාන්, කේ. කේ. දුලක්ෂිත, සහස්රා නිමේෂණ, පසිඳු මනුප්‍රිය, පුෂ්පිත ඩිල්ශාන්, ශානක දිදුලන්ත, තත්සර සිල්වා, නවීන් සාහිත්, දිනුර දිල්මිත්, අයි. එම්. කරුණානායක, බිම්සර කවිඳු, තරිඳු ඩිල්ශාන්, නිපුන් රංගීත්, ඉමේෂ් මලින්ත, ඒ. දිනුත්තර, වී. එන්. නිමෙෂ්ක, චිහාන් කළිඳු, ඩී. නිලන්දූ, ආර්. එල්. වීරසූරිය, සමන් කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය) ප්‍රියන්ත අබේසේකර (පුහුණුකරු)

අර්ධ අවසන් පූර්ව තරගයේ ලකුණු පුවරුවේ සාරාංශය

සාන්ත සර්වේශස් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 215(50.0) කේශර නුවන්ත 63, ශෂික දුල්ශාන් 45, පුෂ්පිත ඩිල්ශාන් 30, විහාන් කළිඳු 27, කළණ පෙරේරා 2/41, ඩෙලොන් පීරිස් 2/38

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 204(50.0) මොහොමඩ් ඉෂාක් 43, කළණ පෙරේරා 31, කිශාන් මුණසිංහ 21, කේශර නුවන්ත 3/28, නවීන් සාහිත් 3/45

සාන්ත සර්වේශස් විද්‍යාලයට ලකුණු 11ක ජයක්

අවසන් පූර්ව තරගයේ ලකුණු සාරාංශය

සාන්ත සර්වේශස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 206(49.3) කේශර නුවන්ත 70, ශෂික දුල්ශාන් 51, ජනිත් ජයරත්න 3/23, වර්ෂ ආනන්ද 2/23, ජයෝද් කල්දේරා 2/33

නාලන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 195(45.3) චමිඳු විජේසිංහ 31, සචිත ගුණතිලක නොදැවී 57, රුසර බානුක 32, නවීන් සාහිත් 3/32, ශෂික දුල්ශාන් 4/20

සාන්ත සර්වේශස් විද්‍යාලයට ලකුණු 11ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<