ජය පරාජයෙන් තොර රන් මහ සටනේ වැඩි ගෞරව පානදුරට

420

පානදුර ශ්‍රී  සුමංගල විද්‍යාලය සහ මොරටු මහ විද්‍යාලය අතර පැවති 67 වැනි රන් මහා සටන අද (23) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. ප්‍රථම දිනයේ දී මෙන්ම අද දිනයේත් සිය ක්‍රීඩා කෞශල්‍යයන් මැනවින් විදහා පෑ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ වැඩි ගෞරව දිනා ගත්තේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ද තමන් සතුකර ගනිමිනි.

තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වන රන් මහ සංග්‍රාමය අද දිනයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඉතා…

සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයින් කඩුලු 4ක් අතැතිව ලකුණු 75ක් රැස්කරගෙන සිටිය දී දිනය ආරම්භ කළේ කෙසේ හෝ කඩා වැටී තිබූ තම ඉනිම කෙසේ හෝ ගොඩගැනීමේ අභිලාශයෙනි. ඊයේ දිනයේ දී මොරටුව පිතිකරුවන් හට හිසරදයක් වෙමින් දැඩි පීඩනයක් එල්ල කළ සුමංගල විද්‍යාලයේ අංක එකේ පන්දු යවන්නා වන අනුක ජයසිංහ තරගයේ සිය සිව්වැනි කඩුල්ල ලෙස වෙනුර නිපුන්ගේ කඩුල්ල ඩැහැගත්තේ මොරටු කණ්ඩායම තවත් අස්ථාවර කරමිනි.

ඊයේ දිනයේ දී පාදයේ ඇති වූ ආබාධ තත්වයක් නිසාවෙන් ලකුණු 23ක් ලබාගෙන සිටිය දී චමල්ක ප්‍රනාන්දු හට සිය ඉනිම තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූ නමුත් නැවත වතාවක් සිය පිතිහරඹය දියත් කිරීමේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සහිතව තරග බිමට පිවිසුනත් ලකුණු 32කට ඔහුගේ ඉනිම සීමා කිරීමට සුමංගල විද්‍යාලයීය නායක ජනිදු ඉන්දුවර සමත් විය.

Photos: 67th Battle of the Golds | Sri Sumangala College vs Moratu Maha Vidyalaya – Day 2

ලකුණු 99කට කඩුලු 8ක් දැවී සිටි මොරටු විද්‍යාල ඉනිමට තරමක හෝ ජීවයක් එක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවාලීමට මධුෂාන් දිලක්ෂණ සමත් වූයේ අර්ධ ශතකයකින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වර්ණවත් කරමිනි. එරාන් හන්සමාල් සහ රෂාන් කවිෂ්ක සමඟ එක්වෙමින් ලකුණු 32ක් තම කණ්ඩායමේ ගිණුමට බැර කිරීමට මධුෂාන් දිලක්ෂ හට හැකි වූවත් මිහරංග ප්‍රනාන්දු සමඟ එක්වූ ජනිදු ඉන්දුවර මොරටු විද්‍යාලයේ අවසන් කඩුලු ද්විත්වය වැඩි වේලා ගත නොකට දවා ගනිමින් තරගයේ වැඩි වාසි සුමංගල කණ්ඩායම වෙත අත්කර දීමට සමත් විය.

ඒ අනුව දිවා ආහාරයට විනාඩි 30ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී සිය දෙවන ඉනිම දිග හැරීම සඳහා සුමඟුල් ආරම්භ පිතිකරු යුගලය වන පූර්ණ ප්‍රභාෂ් සහ මිහිරංග ප්‍රනාන්දු පිටියට අවතීර්ණ වූයේ මොරටු විද්‍යාලයීය කණ්ඩායමට වඩා ලකුණු 59ක් ඉදිරියෙන් සිටිමේ වාසිය ද අතැතිවයි.

කෙසේ නමුත් කඩුලු ලබා ගැනීමෙන් පමණක්ම මෙම තරගයේ ඉරණම වෙනස් කළ හැකි බව අවබෝධ කර ගත් මොරටු විද්‍යාලයීය ආරම්භක පන්දු යවන්නන් මුළු ලකුණු සංඛ්‍යාව 13ක් වන විට සුමංගල පිතිකරුවන් දෙදෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. එසේ දැවී ගිය ක්‍රීඩකයින් වන්නේ නිරාජ් කවිෂ්ක විසින් යැවූ වේගවත් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ පූර්ණ ප්‍රභාෂ් සහ නදිත් මිශේන්ද්‍ර විසින් යැවූ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක ජනිත සෙව්මිත් අතට උඩ පන්දුවක් ලබා දුන් චාරුක පීරිස්ය.

පානදුරත් – මොරටුවත් අතර ඇවිලෙන 67 වැනි රන් හටන

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත් පැවැත්වෙන රන් හටන මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට්…

මොරටු විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ නොසැලී ඉදිරියට ඇදුණු සුමඟුල් පිතිකරුවන් සිය ආරක්ෂාකාරී පහරවල් කෙරෙහි විශ්වාසය තබමින් එල්ල වූ පීඩනය මැනවින් මැඩපවත්වා ගැනීමට සමත් විය.

ඒ අතරින් ඉතා සංයමයෙන් සිය ඉනිම ගොඩනගමින් ලකුණු 36ක් රැස්කළ ඉමෙත් ගම්පොළගේ ඉනිම වඩාත් කැපී පෙනුණු අතර ඔහුට අනගි සහයක් ලබා දුන් ජනිදු ඉන්දුවර සහ ප්‍රභාෂ් ජයසේකර ලකුණු 26 බැගින් තම නාමයන් ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය.

පන්දු යැවීමේ අංශයෙන් මොරටු විද්‍යාලයීය කණ්ඩායමේ රශාන් කවිශ්ක ප්‍රමුඛ පන්දු බලඇණිය සුමංගල පිතිකරුවන් නිහඬව තබා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර එම උත්සහයට යම්තාක් දුරකට සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔවුන් සමත් වූයේ දිවා ආහාරයෙන් පසුව ලකුණු 98කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීමත් සමඟිනි. එහි දී මොරටු විද්‍යාලය වෙනුවෙන් පෙරමුණගත් රෂාන් කවිෂ්ක ප්‍රතිවාදී කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ උණුසුම තීව්‍ර කිරීමට සමත් විය.

සුමංගල කණ්ඩායම ලකුණු පුවරුවේ ලකුණු 124 සීමාව වෙත ළං වනවාත් සමඟම ඉනිම අත්හිටුවීමට තීරණය කළේ පූර්ණ ජයක් ලබාගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. දිනය නිමා වීමට පැයක පමණ කාලයක් ඉතිරිව තිබිය දී ලකුණු 184ක අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මොරටු විද්‍යාල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් හට සාර්ථක වීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් සුමංගල කණ්ඩායමේ සුපිරි දඟපන්දු සුසංයෝගය අනුක සහ විශ්ව එම පිතිකරුවන් දෙදෙනා නැවත ක්‍රීඩාගාරය බලා පිටත් කර හැරියේ එකදු ලකුණක්වත් ලබා ගැනීමට ඉඩප්‍රස්තාවක් ලබා නොදෙමිනි.

ශ්‍රී ලංකාව පන්දුව අතට ගනියි; කණ්ඩායම වෙනස්කම් රහිතයි!

මීට දින දෙකකට ඉහතදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය සුපිරි පන්දුවාරය දක්වා ගිය ඉතාමත් උණුසුම් සටනක් බවට පත්වුණි. කෙසේවෙතත් ඉන් ජය…

නමුත් තෙවන කඩුල්ල සඳහා එක්වූ නායක නිෂාන් මධුෂ්ක සහ චමල්ක ප්‍රනාන්දු ලකුණු 30ක සබඳතාවක් ගොඩනගමින් තම කණ්ඩායම දෙසට තරගය ඇඳගැනීමට උත්සහ කළත් මෙවර තරගවාරයේ තරග 14කට මුහුණ දෙමින් ලකුණු 1400කට ආසන්න ප්‍රමාණයක් රැස්කරමින් සුවිශේෂී පිතිහරඹයක නිරත වූ මොරටු විද්‍යාලයේ නියමු නිෂාන් මධුෂ්ක ලකුණු 23ක් ලබා සිටිය දී තරණ විසින් යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැඳී දැවී යාමත් සමඟම ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ලන්ම සුන්වී යන්නට විය. එතැනින් නොනැනවතුනු තරණ, චමල්ක ප්‍රනාන්දුගේ කඩුල්ල ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

කෙසේ නමුත් පැවති අයහපත් ආලෝක තත්වය යටතේ තවදුරටත් තරගය ඉදිරියට පවත්වා ගෙන යාමට අපහසු බව තීරණය කළ විනිසුරුවන් දෙදෙනා තරගය ඒ අවසරයෙන් නිමා කිරීමට කටයුතු කළේ තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයත් සමඟින් 67 වැනි රන් මහ සටනේ වැඩි ගෞරව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙත හිමිකර දෙමිනි.

තරගයේ වීරයා – ජනිදු ඉන්දුවර (ශ්‍රී සුමංගල විද්‍යාලය)

  • දක්ෂතම පිතිකරුවා – තරණ ද සිල්වා(ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – අනුක ජයසිංහ (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – වෙනුර නිපුන් (මොරටු මහා විද්‍යාලය)

ශ්‍රී සුමංගල විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 67.4ක දී සියලු දෙනා දැවී ලකුණු 192 – තරණ ද සිල්වා 71, ජනිඳු ඉන්දුවර 51, නිරාජ් කවිෂ්ක 11/2, චමල්ක ප්‍රනාන්දු 10/2

මොරටු මහා විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 51.1ක දී සියලු දෙනා දැවී ලකුණු 131 – මධුෂාන් දිලක්ෂණ 50, චමල්ක ප්‍රනාන්දු  32, අනුක ජයසිංහ 44/4, මිහිරංග ප්‍රනාන්දු 17/2, ජනිදු ඉන්දුවර 28/2

ශ්‍රී සුමංගල විද්‍යාලයීය දෙවන ඉනිම: පන්දුවාර 54ක දී කඩුලු 7ක් දැවී ලකුණු 124 – ඉමෙත් ගම්පොළ 36, ප්‍රභාෂ් ජයසේකර 26, ජනිදු ඉන්දුවර 26, රෂාන් කවිෂ්ක 22/3, එරාන් හන්සමාල් 42/2

මොරටු විද්‍යාලයීය දෙවන ඉනිම: පන්දුවාර 13ක දී කඩුලු 4ක් දැවී ලකුණු 37 – නිෂාන් මධුෂ්ක 23, තරණ ද සිල්වා 16/2, අනුක ජයසිංහ 10/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<