හතුරුසිංහගේ නව එක්දින සැලැස්ම

1872

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක් බිහිකිරීමට ඉවහල් වනු ඇත.

පුහුණුකරුවෙක් වශයෙන් ඔහුගේ ඇති කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහුගේ විධිමත්භාවය සහ ඔහු ඉතාමත් සුළු දේවල්වලට පවා ඔහුගේ අවධානය යොමු කිරීම යි.

2019 වසරේ දී එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 30කට සහ පන්දුවාර 20 තරග 12කට පමණ සහභාගී වනු ඇත. ඒ අනුව ලබන මාසයේ දී පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයට පෙර ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීම හරහා හතුරුසිංහගේ සැලසුම් පිළිබඳව අපට ඉඟියක් ලැබී ඇත.

කෞෂාල් සිල්වාගෙන් කලකට පසු නොදැවුණු යෝධ ඉනිමක්!

දේශීය ක්‍රිකට් පිටියට ශතක වැස්සක් ඇද වැටුණු අද (23) දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් වන්නට දකුණත් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත් විය. ඒ දිමුත්….

පසුගිය මාස කිහිපය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන දුර්වලතාවයක් වූයේ පිතිකරුවන් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය යි. නමුත් මේ වන විට පැවැත්වෙන ඉන්දියානු සංචාරයේ දී පිතිකරුවන් දැක්වූ දක්‍ෂතාවයන් හරහා ඔවුන් ඉදිරියේ දී එම තත්වයෙන් මිදෙනු ඇතැයි සුබ ලකුණු පහළ වී ඇත. දෙරට අතර පසුගිය දා පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී ඉන්දීය පිතිකරුවන් ලකුණු 220 සීමාවේ රැඳවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා නම් යම්තාක් දුරකට කුසල් පෙරේරා හට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවීමට හැකියාව තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අවධානය දුර්වල මට්ටමක පවතී. ධරම්සාලා හිදී පැවති පළමු එක්දින තරගයේ දී එහි තිබූ හිතකර තත්වයන් යටතේ ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණිය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම හැරුණු කොට තරගාවලියේ ඉතිරි සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය.

කෙසේ නමුත් නම් කරන ලද ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට එතරම් අසා නොමැති ක්‍රීඩකයෙක් වන 22 හැවිරිදි ෂෙහාන් මධුසංකගේ නම ද ඇතුළත් වී ඇත. ඔහු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතයට තේරී පත්වුවත් අප ඒ පිළිබඳ පුදුම විය යුතු නැත. දකුණු පළාතෙන් පැමිණෙන ඔහුට පහසුවෙන් 140 kmph වේගය අභිබවමින් පන්දු යැවීමේ හැකියාව පවතී. ඔහු පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ‘T-10’ තරගාවලිය සඳහා ද සහභාගී වූ අතර එහි දී ඔහු උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත් ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙක් හටම ප්‍රබල අභියෝගයක් වන්නට ඔහු සමත්කම් පෑවේය. එමෙන්ම තවදුරටත් ඔහු ඉතා දක්‍ෂ පන්දු රකින්නෙක් වන අතර ඒ අනුව තවමත් ඔහු අඩු වයසේ පසුවන ක්‍රීඩකයෙක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු අනාගතයේ දී ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇති බවට හතුරුසිංහ විශ්වාස කරයි.

හතුරු කලින්ම වැඩ අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම තරග…

කවුරුත් හඳුනා ගෙන නොසිටි බංග්ලාදේශ කණ්ඩායමේ මුස්ටෆිසුර් රෙහ්මාන් ඉදිරියට රැගෙන ඒමට හතුරුසිංහ සමත් වූ අතර ඒ ආකාරයට 2019 වසරේ දී ලෝක කුසලානය වන විට ෂෙහාන් මධුසංක ද ඉහළ තත්වයකට රැගෙන ඒමේ හැකියාව ඔහු සතුව පවතී.

තවදුරටත් එම සංචිතයට පා දඟපන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් කිරීම හරහා පෙනී යන්නේ හතුරුසිංහ ඉන්දියාව අනුගමනය කළ මාර්ගය අනුගමනය කිරීමට උත්සාහ දරන බවයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින, පිතිකරණ අංශයෙන් ද දක්‍ෂතා දක්වන  රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා සීමිත පන්දුවාර තරගාවලි සඳහා ඇතුළත් නොකිරීම සියලු දෙනාටම පුදුමය දනවන කරුණක් විය. එමෙන්ම රවීන්ද්‍ර ජඩේජා ඉන්දීය කණ්ඩායමේ හොඳම පන්දු රකින්නා ද වේ.

කෙසේ නමුත් රවී ශාස්ත්‍රි හට අවශ්‍යව තිබුණේ ඉක්මණින් කඩුලු දවාගත හැකි දඟපන්දු යවන්නන් දෙපළක් වන අතර යුස්වේන්ද්‍ර චහාල් සහ කුල්දීප් යාදව් දෙපළ එම අවශ්‍යතාවය සපුරාලීමට සමත් විය. මේ වන විට පැවැත්වෙන තරගාවලිය පුරාවට ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් විය.

“මේක මට හොඳ අභියෝගයක්.” – චන්දික හතුරුසිංහ

අගාධයට යමින් පවතින ශ්‍රී ලංකා ක්රිකට් ක්රීඩාව නැවතත් ජයග්රාහී මාවතකට රැගෙන ඒමේ අරමුණ පෙරදැරිව වැඩ භාරගත් නව ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, සිය අනාගත බලාපොරොත්තු සහ කාර්යභාරයන් පිළිබඳව මෙසේ අදහස් දැක්විය…

ජෙෆ්රි වැන්ඩසේ සහ ලක්ෂාන් සඳකැන් හරහා හතුරුසිංහ බලාපොරොත්තු වන්නේ ද එවන් සේවයකි. පා දඟපන්දු යවන්නෙක් ලකුණු 70ක් ලබා දිය හැක. නමුත් ඔහුට ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 3ක් දවාගනීමේ හැකියාව ඇත. එය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අඩුපාඩුවක්ව පවතින අවශ්‍යතාවයකි.

27 හැවිරිදි ජෙෆ්රි වැන්ඩසේ පසුගිය වසරේ දී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම දක්‍ෂතා අතර සිටි ක්‍රීඩකයින්ගෙන් කෙනෙක් වන අතර ඒ අනුව ඔහු පිළිබඳව ඉහළ බලාපොරොත්තු ජනිත වන්නට විය. කෙසේ නමුත් පසුව ඔහු පුහුණුවීම් කටයුතුවල දී ආබාධයකට ලක්වූ අතර එතැන් පටන් ඔහුගේ සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔහු අපොහොසත් වී ඇත. එමෙන්ම ඔහුට විනය ගැටලු කිහිපයකට ද මුහුණ දෙන්නට සිදු වූ අතර ඔහුව ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලියට ඇතුළත් කෙරුණේ නැත.

පා දඟපන්දු යැවීම ඉතා අපහසු කටයුත්තක් වන අතර එය ප්‍රගුණ කිරීමට දැඩි කැපවීමක් අවශ්‍ය වේ. එමනිසා නැවතත් වැන්ඩසේ කණ්ඩායමට රැගෙන ඒම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත.

එමෙන්ම දේශීය තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා දැක්වීමත් සමඟ නැවතත් කුසල් මෙන්ඩිස් සංචිතයේ සිය ස්ථානය වෙන්කර ගැනීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වේ. එමෙන්ම සදීර සමරවික්‍රම ඉන්දීය සංචාරයේ දී ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත් ඔහුගේ කැපවීම හරහා නුදුරු අනාගතයේ දීම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් වනු ඇති බවට ඉඟි පළවී ඇත.

බංග්ලාදේශ සංචාරයේ සංචිතය සඳහා ඇතුළත් කරන ලද ක්‍රීඩකයින් 23 දෙනා දේශීය තරග වලින් නිදහස් කර ඇති අතර ඒ අනුව ඔවුන් හට එක් කණ්ඩායමක් ලෙස පුහුණුකිරීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබීම හරහා හතුරුසිංහ හට ක්‍රීඩකයින් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව 2019 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ද ඉලක්ක කර ගනිමින් කණ්ඩායමේ සංයුතිය තීරණය කිරීමට මෙය හොඳ අවස්ථාවකි.

එමෙන්ම හතුරුසිංහ, පර්ත් නුවර කේන්ද්‍ර කර ගත් මනෝවිද්‍යාඥයෙක් කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට යොදාගැනීම ද දැක ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔහු සමඟ කටයුතු කළ ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට මේ වන විටත් සිය එදිනෙදා ජීවිතයේ විවිධ පැතිකඩ ආවරණය වන ආකාරයට සකස් කරන ලද ප්‍රශ්න 40කින් සමන්විත ප්‍රශ්නාවලියක් ලබා දී ඇති අතර ඔවුන් ඊට පිළිතුරු සැපයීමෙන් පසුව ඒවා අදාළ මනෝවිද්‍යාඥවරයා හට යොමු කෙරෙනු ඇත. ඒ හරහා එක් එක් ක්‍රීඩකයාගේ මානසික තත්වය තක්සේරු කිරීමක් සිදු වේ.

ඒ අනුව, හතුරුසිංහ මේ ආකාරයට රැගෙන එන පුහුණු උපක්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරියට අතිශය වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වසර අතිශය කටුක වසරක් විය. කෙසේ නමුත් හතුරුසිංහගේ ආගමනයත් සමඟ ඔහු රැගෙන එන නව උපක්‍රම හරහා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජයග්‍රාහී මාර්ගයකට පිවිසෙනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට බලාපොරොත්තු තබාගත හැක.

පරිවර්තනයකි – Sri Lanka’s new approach for ODIs

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<