ක්‍රිකට් දැනුම විදහා දැක්වීමට අවස්ථාවක්

578
Cric Quiz 2015 Winner

ග්ලිට්ස් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව Dashing events ආයතනය මගින් නොකඩවා 4වන වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රිකට් දැනුම මිනුම තරගාවලිය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

පසුගිය ලිපි: නැවතුනු තැනින් ඉදිරියට යාමේ බලාපොරොත්තුව – ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය.

මෙම තරගාවලිය ඔක්තෝබර් 09වැනිදා ඉරිදා දින කොළඹ ඩී. එච්. පී. එල්. ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මෙම තරඟයට සහභාගි වන එක් කණ්ඩායමකට සාමාජිකයන් 5දෙනෙකු ඇතුළත් විය යුතුය. ප්‍රශ්න 50ක් මෙහිදී විමසුනු ලබන අතර තරඟ වට 5කින් යුක්තය.

තවද මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය තුල ටෙස්ට් ක්‍රිකට්, එක්දින ක්‍රිකට්, පන්දුවාර 20-20 ක්‍රිකට්, ක්‍රිකට් ඉතිහාසය, ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාංගණ, තරඟ  විනිසුරුවරුන් පිළිබඳව ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ප්‍රශ්න හරහා දැනුම උරඟා බලනු ලැබේ.

මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය විවෘත තරගාවලියක් වන අතර පාසල් ළමුන්, විවිධ ආයතන, විවිධ සමාජ, විවිධ සංවිධාන ඇතුළු ඕනෑම කණ්ඩායමකට මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. මෙම තරගාවලියේ  ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, කුසාලන හා තවත් අමතර ත්‍යාග රැසක් ලබාදීමට සංවිධායකයින් තීරණය කර ඇත.

Dashing events ආයතනය ශ්‍රී ලංකාව තුල ඇති ඉහළ ගණයේ උත්සව කළමනාකරණ ආයතනයක් වන අතර ඔවුන් විසින් මංගල උත්සව, විවිධ උත්සව අවස්ථාවන් ඇතුලු විශේෂ උත්සව කළමනාකරණය කරනු ලබයි. තවද මෙම ආයතනය මීට පෙරද අතිසාර්ථකව ශ්‍රී ලංකාව තුල පැවැත්වූ ඉහල මට්ටමේ ප්‍රශ්න විචරාත්මක වැඩසටහන් රැසක් සාර්ථකව සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය සඳහා පළමුව ලියාපදිංචි වන කණ්ඩායම් 30 පමණක් ලියාපදිංචි කරගනු ලබන අතර ලියාපදිංචි වීමට පහත දැක්වෙන දුරකථන අංකයයෙන් විමසන්න.

0727-249324 – ශෙහාන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට