“දැනට තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරග රටාව කාලෝචිතයි” – මහේල ජයවර්ධන

144

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් දින පහක් පුරාවට පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික මහේල ජයවර්ධන ඊයේ (8) පවසා ඇත.

ස්ටොක්ස්ගේ මැජික් දස්කම් සමඟ එංගලන්තය එකට එක කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු …………

පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව තුල වැඩි පුරා කතා බහට ලක්වූයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් දින 5 සිට 4 දක්වා අඩු කිරීමට අදාළ ඉල්ලීම පිළිබඳවයි. එහි සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් මේ වන විට ICCය වෙත ලබා දී තිබෙන අතර එම වාර්තාව මාර්තු 27-31 යන දින කිහිපය පුරාවට ඩුබායි හි පිහිටි ICC සාමාජික කමිටුව තුල පුළුල් ලෙස අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වන බව එම කමිටු ප්‍රධානියා වන හිටපු ඉන්දීය ක්‍රීඩක අනිල් කුම්බිලි මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන දින 4 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පුද්ගලිකව විරුද්ධ බව පවසා ඇත.

“අපි ඉදිරි මාර්තු මාසයේ දී පැවැත්වෙන ICC කමිටු හමුවේ දී මේ ගැන පුළුල් ලෙස කරන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නැහැ ඒ සමුළුවෙන් පස්සේ මොකක් වෙයි ද කියලා. ඒ කොහොම වුනත් මම නම් පුද්ගලිකව කැමති නැහැ එම යෝජනාවට, දැනට තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරග රටාව සහ ඒ නීති රීති ඉතාමත් හොඳයි සහ කාලෝචිතයි කියලා මම හිතනවා.” යැයි එක් විදෙස් මාධ්‍යකට අදහස්  දක්වමින් ජයවර්ධන පවසා තිබේ. 

එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් අතර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ් සහ අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෝන් පොලොක් ද වේ.

කවර් ඩ්‍රයිව් පහරේ සන්නාමය – කුමාර් සංගක්කාර

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරවන සචින් ………

මේ යෝජනාව සම්මත වුවහොත්  2023-2031 තරග කාල චක්‍රය සඳහා මෙය ඇතුළත් කිරීමට ICCය පියවර ගනු ඇති නමුත්, ඉන්දීය නායක විරාත් කෝලි, ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහ ඕස්ට්‍රේලියානු හිටපු නායකයෙක් වන රිකී පොන්ටීන් එම යෝජනාව සඳහා සිය අප්‍රසාදය පළ කොට කර ඇත.

ඊට අමතරව ලොව දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් විචාරකයින් රැසක් මේ යෝජනාව සඳහා දැඩි විරෝධයක් පළ කර තිබෙන අතර ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ද රැසක් මේ යෝජනාවට එරෙහිව  සමාජ මාධ්‍ය තුල විවිධ මත පළ කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<