සපරමාදු, රණසිංහ ඇතුළු බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් වටේට බැට දෙයි

272
Sri Lanka won the 2 gold in Netherland international boxing championship

පසුගිය දා නෙදර්ලන්තයේ දී පැවති “අයින්දෝවන් බොක්ස් කප්” බොක්සිං තරගාවලියේ දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් ලබා ගනිමින් උසස් දස්කම් පාන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් සමත් විය.

100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං..

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලිය සඳහා තෝරාගත් මූලික ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු මීට සහභාගී වූ අතර රටවල් 15ක පමණ ක්‍රීඩා සමාජ වල සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විය.

පිළිවෙළින් බෙල්ජියම් සහ ප්‍රංශ බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු පරාජය කරමින් ශ්‍රී ලංකාවේ දිනිඳු සපරමාදු සහ තිවංක රණසිංහ රන් පදක්කම් දෙකක් දිනා ගන්නට සමත් විය. ඒ පිරිමි කි.ග්‍රෑම්. 64 සහ 49 යන බරපන්ති යටතේයි.

කෝසලා නිල්මිණි, කේෂානි හංසිකා, එස්. බණ්ඩාර සහ ශිරෝමාලා වීරරත්න හට රිදී පදක්කම් හිමි විය.

තරගාවලිය තුළ වැඩි දස්කම් දක්වන්නට සමත් වූයේ රුසියානු බොක්සිං ක්‍රීඩකයන් විසිනි. පුහුණුකරුවන් ලෙස හර්ෂ කුමාර, අමිල අරවින්ද සහ ආර්. අලුත්ගෙදර ශ්‍රී ලංකා අන්තයෙන් සහභාගී වූ අතර ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධූරය හෙබවීය. “ශ්‍රී ලංකා බොක්සිං භාරකරු” ලෙස සැලකෙන ඩයන් ගෝමස් මහතා ද කණ්ඩායම සමඟින් නෙදර්ලන්තය බලා පිටත්වූයේ ඔවුනට ශක්තියක් වෙමිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<