ලාහෝර් 20-20 තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කරයි

286

ලබන 29  වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන තෙවන හා අවසන් 20-20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජනාධිපති මට්ටමේ ආරක්‍ෂාව

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය යටතේ, මෙම මස අගදී පාකිස්තානයේ දී..

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාකිස්තානු රජය හා පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය මාස දෙක පුරාවටම පාකිස්තානය හා ඒ අවට ප්‍රදේශයන්හි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කරන ලදි.

එසේම ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පසුගිය දා ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර ද ක්‍රිකට් තරගාවලියක් සාර්ථකව පැවැත්වූ අතර, එහි දී ක්‍රියාත්මක වූ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සිය ප්‍රසාදය පළකොට තිබුණි.

තවද ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් සැදුම්ලත් සංචිතයක් හෙට (17) ජාතික තේරීම් කමිටුව විසින් නිකුත් කරන බවත්, ලබන 20 වැනිදා අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගෙන් යුතු සංචිතය නිල වශයෙන් නම් කරන බවත් එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පාකිස්තානු ක්‍රිකට් සභාපති නජාම් සෙතී මහතා ඇතුළු නිලධාරීන්ට මෙම ඓතිහාසික තරගය පැවැත්වීමෙන් පසුව නැවතත් පාකිස්තානය තුළ ක්‍රිකට් තරග පැවැත්වීමට අවස්ථාව උදාවේවා යැයි  සුබ පැතුම් ද එක් කර ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<