අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබයි

422

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයෙන් බිහි වූ තවත් එක් සුවිශේෂී පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස් අද (28) සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියා.

18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකාව කබලෙන් ලිපට!

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය…

2008 වසරේ අප්‍රේල් මස පෝර්ට් ස්පෙයින් හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් මෙන්ඩිස් එම තරගයේ සිය නියමිත පන්දුවාර 10 ක්‍රියාත්මක කරමින් ලකුණු 39ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්විය. 

සිය මංගල එක්දින ක්‍රිකට් තරගයේ දී ම දස්කම් දැක්වූ මෙන්ඩිස් ඉන් පසුව ජූලි මස 23 වැනිදා කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 134 වැනි ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහු එම තරගයේ දී ඉනිම් දෙකේ දී ම කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමකින් හා ලකුණු 239කින් තරගය ජය ගැනීමට අවශ්‍ය මඟ සකසාලන ලදි.

මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන මෙන්ඩිස් 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළේය. ඔහු අද දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට, ජාත්‍යන්තර ටෙස්ට් තරග 19ක්, එක්දින ක්‍රිකට් තරග 87ක් හා විස්සයි විස්ස තරග 39ක් ක්‍රීඩා කරමින් කඩුලු 288ක් දවා ගැනීමට සමත්ව ඇත. 

නජ්මුල්ගේ නායකත්වයේ ශතකය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි!

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අද (27) ආරම්භ වූයේ කුල්නා…

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් මෙන්ඩිස් මෑතකාලීනව පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනය කළේය. 

2015 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට මෙන්ඩිස් හට අවස්ථාවක් හිමි නොවීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ මෙන්ඩිස් ඔබට සුබ ගමන්.!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<