ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජනාධිපති මට්ටමේ ආරක්‍ෂාව

250

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය යටතේ, මෙම මස අගදී පාකිස්තානයේ දී පැවැත්වෙන තුන්වන පන්දුවාර 20 තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ජනාධිපති මට්ටමේ ආරක්ෂාවක් ලබාදෙන බවට සහතිකයක් ලැබී ඇත.

පාකිස්තානය තුළ නැවතත් ක්‍රිකට් පණගැන්වීම උදෙසා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව වෙත පාකිස්තානයට පැමිණෙන ලෙස කළ යෝජනාව බාරගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

බාබර්ගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්!

පාකිස්තානු දකුණත් පිතිකරු බාබර් අසාම් වාර්තා කළ ශතකය නිසා අද (13) ඩුබායි හිදී ඇරඹුණු පළමු එක්දින තරගයේ දී ලකුණු 300 සීමාව ආසන්නයට ලඟා වීමට…

ඒ අනුව ඔවුන්ගේ තරග ඩුබායි, සාජා සහ අබුඩාබි වැනි ක්‍රීඩාංගණවල පැවැත්වීමට සිදුවීම නිසා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට පාඩු රැසකට මුහුණ දීමට සිදුවූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග නොමැති වීම නිසා පාකිස්තානයට එල්ල වී ඇති අහිතකර බලපෑම් පිළිබඳව පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ වකාර් යුනිස් සහ ඉන්සමාම් උල් හක් වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම සංචාරය අතරතුර අදහස් ද දක්වන ලදි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මට දෙන්න තියෙන පණිවිඩය තමයි, ඔවුන්ට පාකිස්තානයේ දී ජනාධිපති මට්ටමේ ආරක්ෂාවක් ලැබෙනවා කියන එක.”

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු සහ කණ්ඩායමේ වත්මන් කළමණාකරු තලාත් අලි මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසීය.

“පසුගිය දා ලෝක කණ්ඩායම තරග තුනක් සඳහා ලාහෝර්වලට ආපු වෙලේ ඔවුන්ට දුන්න ආරක්‍ෂාව ගැන ඔවුන්ම පුදුමයට පත්වුණා. ශ්‍රී ලංකාව පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කළාට පස්සේ ඒක අපිට වෙනත් කණ්ඩායම් ද ගෙන්න ගන්න උදව්වක් වෙයි. “

1972 සිට 1979 වසර දක්වා කාලය තුළ ටෙස්ට් තරග 10ක් සඳහා පාකිස්තාන කණ්ඩායම නියෝජනය කර ඇති අලි පවසා සිටියේය.

2007 වසරේ සිට පාකිස්තානය සිය ක්‍රීඩාංගණවල දී රැකගෙන සිටි අපරාජිත වාර්තාව කෙළවර කරමින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් වශයෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්  දැක්වූ දක්‍ෂතා පිළිබඳව අලි සතුටට පත්ව සිටී. එහි දී අබුඩාබි හිදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 21කින් සහ ඩුබායි හිදී පැවති දෙවන තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15…

“ඒ තරග දෙකේ දී ම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තරගයක් තිබුණා. දෙවන ටෙස්ට් තරගයේ දී අපේ කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 52ක් තුළ බිඳ වැටිලා තිබුණ වෙලේ අසාද් ශෆීක් සහ සෆ්රාස් අහමඩ් සටන් කරපු ආකාරය විශිෂ්ටයි. අපි තරගය ජයග්‍රහණය කරන්න ළඟටම ආවා. කොහොම වුණත් ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේ දී ලකුණු 300ක් හඹා යනවා කියන්නේ අපහසු කටයුත්තක්. සියලු ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. විශේෂයෙන් පළමු ටෙස්ට් තරගයේ දී ඔවුන්ට ලකුණු 136ක් පමණක් ආරක්ෂා කරගන්න තියෙද්දී ඔවුන් පන්දු යවපු ආකාරය අති විශිෂ්ටයි. මට හිතාගන්න බැරිවුණා අපි ඒ තරගය පරාද වුණ එක. අපිට ලකුණු 136 ලබාගන්න අවස්ථාව තිබුණා. ඒ තරගයෙන් අනතුරුවත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. මේ තරගාවලිය පටන් ගන්න කලින් අපි දැනගෙන හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්‍ෂතා අතර නැහැ කියලා. නමුත් ඔවුන් මෙහි දී අපි සමඟ අති විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඒක දැකගන්න ලැබීම සතුටක්.”

මෙම තරගාවලියේ දී ටෙස්ට් කඩුලු 400 සීමාව පසුකළ එකම වමත් දඟපන්දු යවන්නා මෙන්ම දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වූ රංගන හේරත් පිළිබඳව ද අලි සිය ප්‍රසාදය පළකළේය.

“මට අනුව බිෂාන් සිං බේඩිට පසුව බිහිවුණ හොඳම වමත් දඟපන්දු යවන්නා තමයි රංගන. කඩුලු 400ක් ලබා ගන්නවා කියන්නේ පහසු කටයුත්තක් නෙමෙයි. අබුඩාබි හිදී පැවති තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහු පන්දු යවපු ආකාරය බලන්න ලැබීමත් සතුටක්.”

පාකිස්තාන කණ්ඩායම එංගලන්තයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන විට ද කණ්ඩායමේ කළමණාකාරීත්වය දැරුවේ අලි ය. ශ්‍රේණිගත කිරීම්වල 8 වෙනි ස්ථානයේ පසු වූ කණ්ඩායම ලෙස පාකිස්තානය එම තරගාවලිය සඳහා සහභාගී වූ අතර එහිදී කාඩිෆ් හිදී පැවති පළමු වටයේ අවසන් තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර දැමීමට සමත් විය.

එහි දී පාකිස්තාන කණ්ඩායමට ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් ලකුණු 137ක් පමණක් ලබාගෙන සිටිය දී ඔවුන්ගේ කඩුලු 6ක් දැවී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගන්නට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර එහිදී නායක සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 61ක් ලබාගැනීමට සමත් විය.

“සෆ්රාස් සහ අමීර් ක්‍රීඩා කරන විට ලකුණු 140කට අපේ කඩුලු 7ක් දැවී ගිහින් තිබුණේ. මට හිතාගන්න බැහැ තිසර පෙරේරා අතින් ඒ උඩ පන්දුව ගිලිහුණේ කොහොමද කියලා. ඊට පස්සේ දුවද්දී දැවී යාමේ අවස්ථාවක් සහ තවත් උඩ පන්දුවකුත් මඟ හැරුණා. අපි වාසනාවකට තරගය ජයගත්තා. තිසර ඒ උඩ පන්දුව අත ඇරපු වෙලේ මට ලොකු විශ්වාසයක් ආවා අපි තරගය පරාජය වෙන එකක් නැහැ කියලා.”

පසුගිය වර ශූරයින් වූ ඉන්දියාව හෝ සත්කාරක එංගලන්තය තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළත් පාකිස්තාන කණ්ඩායම ඒ සියලු අපේක්ෂාවන් බිඳදැමීමට සමත් විය. ඔවුන් කාඩිෆ් හිදී පැවති අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජයට පත්කිරීමට සමත් වූ අතර අනතුරුව ඕවල් හිදී පැවති අවසන් තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 180ක දැවැන්ත ජයග්‍රහණයක් වර්තා කරගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

දෙවන දිනයට වැස්ස හරස් වෙයි – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වර්ෂාව හේතුවෙන්…

“ශූරයින්ගේ කුසලාන තරගාවලියට කලින් තිබුණ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගාවලියේ සියලුම තරග අංශ අපි ජයග්‍රහණය කළා. ඒකෙන් අපිට ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා. ඊට පස්සේ තරගාවලිය ආරම්භ වෙන්න දින 15කට කලින් අපි එංගලන්තයට ගිහින් එහෙදීත් හොඳින් තරගාවලියට සූදානම් වුනා. කොහොම වුණත් අපිට තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගන්න බැරි වුනා. නමුත් වාසනාවත් එක්ක අපි අවසන් තරගයට සුදුසුකම් ලැබුණා. පස්සේ අවසන් තරගයේ දී අපි ඉන්දියාව පහසුවෙන් පරාජයට පත්කළා.”

ඒ පාකිස්තානය ජයග්‍රහණය කළ තෙවන ICC තරගාවලිය වේ. ඊට පෙර ඔවුන් 1992 වසරේ දී ඉම්රාන් කාන්ගේ නායකත්වය යටතේ ලෝක කුසලාන තරගාවලිය සහ 2009 වසරේ දී යුනිස් කාන්ගේ නායකත්වය යටතේ පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඊයේ (13) ඩුබායි හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ පළමු තරගය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම සහභාගී වූ පළමු එක්දින තරගය විය.  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න