ලෝක ශූරතා තරගාවලිය බලා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වේ

179

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික මේස පන්දු කණ්ඩායම අද දින (29) ආරම්භ වීමට නියමිත ලයිබර් 2017 ලෝක ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ජර්මනිය බලා පිටත්ව ගියේය.

ලෝක ශූරතා තරගාවලිය ජර්මනියේ මේසේ ඩසල්ඩොර්ෆ් නුවර දී පැවැත්වෙන අතර රටවල් 106ක ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 54 වන වරටයි. තරගාවලිය පිරිමි ඒකල, කාන්තා ඒකල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන තරග අංශ 5 ඔස්සේ පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික මේස පන්දු ශූර ඉමේෂ් උදය රණසිංහ තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඔහුට අමතරව මිලින්ද ලක්ෂිත, චලිත රන්ජන, නිර්මල ජයසිංහ සහ රොහාන් සිරිසේන පිරිමි තරග අංශ නියෝජනය කරයි.

දිනක් නැති මේසපන්දු නිලවරණය

ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන අතර…

ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, හංසනී කපුගීකියන, නුවනි විතානගේ සහ රුවිනි කන්නංගර තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා කණ්ඩායම නියෝජනය කරයි.

Team Sri Lanka before leaving the country

ශ්‍රී ලංකා ජාතික මේස පන්දු ශූර ඉමේෂ් උදය රණසිංහ පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඉන් අනතුරුව ඔහු රුවිනි කන්නංගර සමඟින් මිශ්‍ර යුගල තරග ඉසව්ව සඳහා ද සහභාගී වනු ඇත. මිලින්ද ලක්ෂිත සහ චලිත රන්ජන ද පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතය. නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ පිරිමි යුගල තරග ඉසව්ව සඳහා සහභාගී වන අතර රොහාන් සිරිසේන සමඟින් ඉෂාරා මධුරංගි මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වනු ඇත.

කාන්තා තරග අංශයේ දී ඉෂාර මධුරංගි, එරන්දි වරුසවිතාන සහ හංසනී කපුගීකියන කාන්තා ඒකල තරග ඉසව්ව සඳහා සහභාගී වේ. ඉන් අනතුරුව එරන්දි වරුසවිතාන සමඟින් හංසනී කපුගීකියනත්, ඉෂාරා මධුරංගි සමඟින් නුවනි විතානගේත් කාන්තා යුගල තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය කාණ්ඩ පදනමක් යටතේ පැවැත්වෙන අතර එක් කාණ්ඩයක් ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. පිරිමි තරග අංශයේ දී උදය රණසිංහ 12 වන කාණ්ඩයෙන් තරග වදින අතර අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා පිළිවෙළින් 20 වන හා 32 වන කාණ්ඩ වලින් තරග වදියි.22222

33333

444444

කාන්තා තරග අංශයේ දී හංසනී කපුගීකියන 9 වන කාණ්ඩයෙන් තරග වදින අතර අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිවෙළින් 25 වන සහ 34 වන කාණ්ඩ වලින් තරග වැදීමට නියමිතය.55555

66666

777777

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සවස් යාමයේ පැවැත්වෙන තරග සමඟින් තරගාවලිය ආරම්භ කිරීමට නියමිත අතර ලෝකයේ සිටින ප්‍රබලම මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට සිදු වන නිසා ඔවුන්ට මෙම ලෝක ශූරතා තරගාවලියේ දී ප්‍රබල අභියෝගයක් එල්ල වනු නොඅනුමානය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට