මහනුවරින් කොළඹට ආ සැඟවුණු අමුත්තා කවුද?

152
Gayan Weeraratne

මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෑ ගයාන් වීරරත්නව පසුගිය තරග වාරයේ දී රග්බි පිටියේ නොසෙවූ ක්‍රීඩාලෝලියෙක් නැති තරම්. 

මහනුවර ක්‍රීඩා සමාජය තරග කරන තරගයක දී පිටිය සිසාරා දුවමින් පන්දුව හුවමාරු කරන මෙම ක්‍රීඩකයා දැන් කොළඹින් මතුවී ඇත්තේ ශ්‍රී ලංකා රග්බිලෝලීන්ට තවමත් ඔහුගේ දස්කම් පෙන්වන්නට සූදානමින්.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් රග්බි ක්ෂේත්‍රයට පිවිසි ගයාන් වීරරත්න පාසල් කාලයේ පමණක් නොව ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කරන කාලය තුළ දීත් කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. 2007 වර්ෂයේ දී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මංගල තරගය ක්‍රීඩා කළ ගයාන් එතැන් පටන් මහනුවරට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වුනා.

මහනුවර ක්‍රීඩා සමාජයෙන් ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවට දායාද කළ ක්‍රීඩකයින්ගෙන් ගයාන් වීරරත්න විශේෂ ස්ථානයක් ගන්නවා. 2006 වර්ෂයේ තම පාසල් වියේ දී ම ශ්‍රී ලංකා ජාතික සංචිතයට අත්පොත් තැබූ ක්‍රීඩකයෙක් වන ගයාන් ජාතික සංචිතය වෙනුවෙන් ඔහුගේ පළමු තරගය ක්‍රීඩා කරන්නේ 2008 වර්ෂයේ දී. පසුව ආබාධවලට මුහුණ දීමෙන් අනතුරුව නැවතත් 2015 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන්නට සංචිතයට ඇතුළු වුනා.

“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය

2007 වර්ෂයේ පටන් මහනුවර ක්‍රීඩා සමාජයට විශිෂ්ට දස්කම් පෑ ගයාන් හට 2017 වර්ෂයේ තරග වාරය වෙනුවෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වය හිමි වුනා.

මහනුවර ක්‍රීඩා සමාජයේ දක්ෂතාවයන් ප්‍රශ්නාර්ථයක් වී තිබූ කාලයක නායකත්ව වගකීම ඔහු අතට පැවරුණ අවස්ථාවේ මහනුවර ක්‍රීඩා සමාජය 2017/18 තරග වාරයේ අපරාජිත ද්විත්ව ශූරයින් කරමින් තමන්ගේ කාර්යය නිසි ආකාරව ඉටු කරන්නට ගයාන් වීරරත්න සමත් වුනා.

නමුත් මහනුවර ක්‍රීඩා සමාජයේ ඒ නායකයා, 2018 තරග වාරයේ මහනුවරින් අතුරුදහන් වන්නේ මහනුවර ක්‍රීඩාලෝලීන්ව ප්‍රශ්න ගොඩකට තල්ලු කරමින්. පසුගිය තරග වාරය පුරාවට රග්බි ක්‍රීඩාවට සම්බන්ධ නොවූ අද රග්බි පිටියේ මතු වුනේ වෙනස්ම ස්ථානයකින්.

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක් යටතේ පරාජය

මහනුවර ක්‍රීඩා කළ ගයාන් අගනුවර කණ්ඩායමක් වෙනුවෙන් අද වෙනස්ම ආකාරයකට ක්‍රීඩා කළා. ඒ CH&FC ක්‍රීඩා සමාජය වෙනුවෙන්. යුද හමුදා ක්‍රීඩා සමාජය හා CH&FC කණ්ඩායම අතර තරගය ලකුණු 8-8ක් වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ThePapare.com අපි ඔහුගෙන් විමසු අවස්ථාවේ ඔහු අපට කිව්වේ මෙවැනි දෙයක්. “අවුරුදු එකහමාරකට විතර පස්සේ තරගයක් ක්‍රීඩා කරන්නට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා, මෙය මගේ උපරිමය නොවෙන්නට පුළුවන්, ඉදිරියේ දී CH&FC කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නට ලැබීම ගැන මම ඉන්නේ ඉතා සතුටින්” යනුවෙනි.

ගයාන් වීරරත්න CH&FC සමඟ එක් වූයේ ක්‍රීඩකයෙක් ලෙස පමණක් නොවෙයි. CH&FC සහය පුහුණුකරුවෙක් ද ලෙසයි. මහනුවරින් පෑයූ සුපිරි තරුවක් වන ගයාන් මින් පසුව තමන්ගේ ගිනිකෙළි අගනුවර දී පෙන්වන්නට සූදානම්.

මෙවර තරගාවලියේ සියලු තරග වාර්තා, උණුසුම් පුවත්, වීඩියෝ, සජීව තරග විකාශයන් ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<