කුවේට් හිදී පළමු ජයග්‍රහණය නුවර කොල්ලෙකුගෙන්

950

ආසියානු පාසල් ක්‍රීඩක බොක්සිං තරගාවලිය නොහොත් ආසියානු පාසල් සම්මේලන කුසලාන බොක්සිං තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රීඩකයෙකු සමත් විය. ඔහු පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ A. S. ප්‍රේමතිලකයි.

කුවේට් සිටි හිදී පසුගිය 03 වැනිදා ඇරඹුණු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් 6 දෙනෙකු සහභාගී වේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රීඩකයන් ආසියානු තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

ආසියානු පාසල් සම්මේලන කුසලාන තරගාවලියට 6 දෙනෙක්

ආසියානු පාසල් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මංගල බොක්සිං තරගාවලිය හෙට (03) සිට අගෝස්තු 09 වැනිදා දක්වා කුවේට් රාජ්‍යයේ දී පැවැත්වෙනවා…

ප්‍රේමතිලකට එරෙහිව සටන් වැදුණේ සත්කාරක කුවේට් දේශයේ ඔමාර් අලොටයිබි ය. කිලෝ ග්‍රෑම් 37-40 බර පන්තිය වෙනුවෙන් පැවැත්වුණු තරගයට සත්කාරක කුවේට් දේශයේ ප්‍රේක්ෂකයන් රැසක් පැමිණ සිටියේය. කෙසේ වෙතත් ඒ සියල්ල පසෙක තබා ක්‍රීඩා කළ ප්‍රේමතිලක තරගය ජයගත්තේය. මීළඟ තරගයේ දී ඔහුට හමුවන්නේ ටර්කිමනිස්තානයේ ප්‍රතිවාදියෙකි.

ප්‍රේමතිලක සිය පුහුණුකරුවන් සමඟින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් දුල්රාන් වීරසිංහ සහ කවිඳු කරුණාසිංහ ද තමන්ගේ මූලික තරග වලට සහභාගී වූ නමුත් ජයග්‍රහණ ලැබීමට ඔවුන් අසමත් විය. දුලාජ් වීරසිංහ, S. රමන් සහ තේජ දිසානායක සහභාගී වන මූලික තරග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන්ට ඉන්දුනීසියාවේදී ලෝකඩ පදක්කම් දෙකක්

ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලෝකඩ…

ප්‍රේමතිලක සහභාගී වන අර්ධ අවසන් පූර්ව තරගය අගෝස්තු 05 (හෙට) පැවැත්වේ. පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සිංහල වෙබ් අඩවිය සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<