SAFF පාපන්දුව මෙරටට අකැපද?

65

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික විධායක කමිටු රැස්වීම ඊයේ (17) මැලේසියාවේ ක්වාලාලම්පුර් අගනුවර වෙස්ට්ලින් හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

සුජාන්ගේ වීර ක්‍රියා හමුවේ උතුරු කොරියාවට නොසිතූ අභියෝගයක්

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා………

මෙම සම්මේලනයේ ගරු සභාපති බංග්ලාදේශ ජාතික කාසි සලහඋදීන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු රැස්වීම් සභාව සඳහා සම්පූර්ණ කලාපය ආවරණය වන පරිදි සෑම රටකින්ම පාහේ නියෝජිතයින් පැමිණ සිටි අතර ආසියානු පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් ආසියානු පාපන්දු සම්මේලන සාමාජිකයන්ගේ සංගමයේ සහ කලාපීය සංගම් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරු තිදෙනෙකු ද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

මෙහි දී කලාපීය මට්ටමෙන් පාපන්දු ක්‍රීඩාව තුල පැහැදිලිව හඳුනාගත හැකි ගැටලු කිහිපයක් පිළිබඳ ඉතාමත් ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම උද්ගතව ඇති තත්වයන් මඟ හැරීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද මෙහි දී විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් විය.

ලබන වසරේ දී කලාපීය මට්ටමෙන් මෙන්ම දේශීය මට්ටමෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වයස් කාණ්ඩ තරගාවලීන් සහ ඉදිරි වසර සඳහා වන අයවැය වාර්තාව මඟින් වෙන්කෙරෙන ප්‍රතිපාදනයන් කවරෙක්ද යන්න කෙරෙහි මෙහි දී වැඩි අවධානයක් යොමු වී තිබුණි.

2020 වර්ෂය සඳහා පැවැත්වීමට නියමිත, දැනටමත් එකඟතාව පළකොට අවසන්ව ඇති තරගාවලි කිහිපය අතරින් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. තරගාවලි ප්‍රතිපත්ති මාලාවන්ට ප්‍රකාරව මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමි විය යුත්තේ පාකිස්තානයට වූවත් ආරක්ෂක හේතූන් මත අනෙකුත් කණ්ඩායම් එහි තරග සංචාරය කිරීමෙන් වැළකී සිටීම නිසාවෙන් ගියවර තරගාවලිය සඳහා සත්කාරක දේශය ලෙස කටයුතු කළ බංග්ලාදේශය හට නැවත වතාවක් එම වගකීම පැවරීමට මෙහි දී පියවර ගනු ලැබීය.

කවිඳුට ගෝලයක් වාර්තා කරගන්න තිබුණා – පකීර් අලි

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන පාපන්දු ………..

මීට අමතරව කලාපීය මට්ටමෙන් පහත සඳහන් වයස් කාණ්ඩ තරගාවලින් කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවන අතර එම තරගාවලීන් පැවැත්වෙන කාලසීමාවන් පිළිබඳ දල අදහසක් මෙහි දී මාධ්‍ය වෙත ලබා දීම සඳහා ඔවුන් කටයුතු කෙරිණි.

  • දකුණු ආසියානු වයස අවු.15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලිය – අගෝස්තු
  • දකුණු ආසියානු වයස අවු.18න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලිය – සැප්තැම්බර් / ඔක්තෝබර් 
  • දකුණු ආසියානු වයස අවු.15න් පහළ පිරිමි පාපන්දු ශූරතාවලිය – ඔක්තෝබර් 

කෙසේ නමුත් ඊයේ දිනයේ පැවති සාකච්ඡා වටය අතරතුර දී මෙම තරගාවලීන් සඳහා සත්කාරකත්වය දරන්නේ කුමන රටවල් ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට කමිටු නිලධාරීන් අපෝහසත් විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා සහභාගී වූ අතර 2008 වර්ෂයේ සිට මේ දක්වා SAFF කලාපීය පාපන්දු තරගාවලියක සත්කාරකත්වය මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබීම ගැන මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

Arsenal නූලෙන් බේරෙයි

එංගලන්ත Premier League පාපන්දු තරගාවලිය යටතේ …….

ඊට අමතරව ගෙවුණු වසර කිහිපය පුරාවටම පැවැත්වුණු කලාපීය මට්ටමේ වයස් කාණ්ඩ තරගාවලීන් සඳහා මෙරටින් එකදු කණ්ඩායමක් හෝ ඉදිරිපත් කරවීමට නොහැකි වූයේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳවත් විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය වී ඇත. 

ඒ අනුව මෙතෙක් කල් පැවති දීර්ඝ නිහැඬියාවට තිත තබමින් මේ වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත වයස අවු.18න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය උසුලමින් 2018 වසරේ දෙසැම්බර් මස  පැවැත්වීමට නියමිතව තිබූ SAFF කාන්තා පාපන්දු ශූරතාවලිය කිසිදු පෙර දැන්වීමකින් තොරව මොනයම් හෝ හේතුවක් නිසාවෙන් මෙරට දී නොපැවැත්වීමට කටයුතු කළ අතර ඒ අනුව එම තරගාවලිය මෙම වසරේ මාර්තු මාසයේ නේපාලයේ දී ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගන්නා ලදs. 

මෙරට පාපන්දුව පිළිබඳ සියලුම තීරණ ගනු ලබන ඉහළ බලාධිකාරය හට තවමත් ප්‍රධාන පෙළේ තරගාවලියක සත්කාරකත්වය දැරීමට හෝ නොහැකිව තිබෙන්නේ මන්ද යන්න පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ විශාල කනගාටුවකි. ආරම්භයේ දී තරග සංවිධානය කිරීමේ වගකීම තමන් වෙත පවරා ගත්ත ද අවසානයේ දී එම කාර්‍යභරය වෙනත් රටකට පැවරීමේ පුරුද්ද දැන්වත් නතර කර ගත යුතු කාලය එළඹ තිබෙන බව බොහෝ දෙනාගේ අදහසයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<