ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර තරගය කල් යයි

1427
Sri Lanka XI vs World XI

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් එළඹෙන සැප්තැම්බර් මස 08 වන දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා ඇත.

ප්‍රේක්ෂකයින්ගේ විරෝධතා මැද එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට!

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමා වීමට තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම තරගාවලි ජය තහවුරු කර ගන්නට..

“2019 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා ක්‍රීඩකයින් කළමනාකරණය සහ ක්‍රීඩකයින්ට ආබාධ ඇතිවීම වළක්වා ගැනීම අරමුණු කරගෙන, තාක්ෂණික කමිටුව මෙවන් අවස්ථාවක දී ක්‍රීඩකයින්ට ආබාධ ඇතිවීමේ අවදානමක් ගැනීම නුවණට හුරු නැති බව පැවසීම නිසා මෙම තරගය කල් දමන විධායක කමිටුව තීරණය කළා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ ය.

මෙම තරගය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ආපදා තත්වය හේතුවෙන් අසරණ වූවන්ට ආධාර කිරීම සඳහා මුදල් එකතු කිරීමයි. මෙහි දී දෙමාපියන් අහිමි වූ දරුවන්, වැන්දඹු මව්වරුන් සහ අවතැන් වූ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන් හරහා එකතු වන මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ උපදෙස් මත අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මාසික දීමනාවක් වශයෙන් සහ ශිෂ්‍යත්ව වශයෙන් නියමිතව තිබුණි.

රොබින් උතාපා, සුරේෂ් රයිනා සහ යූසුෆ් පතාන් (ඉන්දියාව), ෂහීඩ් අෆ්රිඩි, මිස්බා උල් හක්, අබ්දුල් රසාක් (පාකිස්තානය), ටිමල් මිල්ස් (එංගලන්තය), ග්‍රැහැම් ක්‍රීමර් (සිම්බාබ්වේ), ලූක් රොන්චි (නවසීලන්තය), ජේ. පී. ඩුමිනි සහ ෆර්හාන් බෙහාදීන් (දකුණු අප්‍රිකාව) වැනි හිටපු සහ මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයින් රාශියක් මෙම තරගය සඳහා සිය සහභාගීත්වය තහවුරු කර තිබුණි.

“මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරටත් ඒ දවසේ තරගයට එක්වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි හිතුවා තව ටික කාලයක් ඉඳලා මේ තරගය වෙනත් සුදුසු දවසක පවත්වන්න. අපි කිසිසේත්ම මෙම තරගය පැවැත්වීමේ සැලසුම අත්හැරලා දාලා නැහැ. ඒක පවත්වන්න හේතුවෙච්ච හේතුව අපිට ගොඩක් අදාළ එකක්. ඒ වගේම වෙළඳ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ අනුග්‍රාහකයින් හැරුණු කොට හිටපු වගේම මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ආපදා තත්වය නිසා අසරණ වෙච්ච අයට අපිත් සමඟ උදව් වෙන්න ඉදිරිපත් වුනා.”    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා මෙහි දී සිටියේ ය.

මේ වන විට පැවැත්වෙන සංචාරක ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැප්තැම්බර් මස 06 වන දින අවසන් වීමට නියමිතයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<