අතපත්තුගේ වෑයම වරදියි; කොදෙව්වන්ට ජය

228

ස්ටෙෆනි ටේලර් හා ඒෆයි ෆෙලෙචර්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද (22) පැවැත්වූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ද ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට කොදෙව්වන්ට හැකි විය.

රණවීර හා අමාගේ මෙහෙයුම අසාර්ථකයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 71කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.

ඇන්ටිගුවා හි ස්ටැන්ෆර්ඩ් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තාවන් පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි.

කොදෙව් කණ්ඩායමේ පළවන කඩුල්ල පළමු පන්දුවාරය තුළම දවා ගැනීමට ශ්‍රීපාලි වීරක්කොඩි සමත්වූවාය. ඇයගේ පන්දුව හමුවේ චමරි අතපත්තු වෙත උඩපන්දුවක් ලබා දුන් හෙයිලි මැතිව්ස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යන ලදි.

අනතුරුව පිටියේ එක්වූ ඩියැන්ඩ්‍රා ඩොටින් හා ටේලර් දෙවන කඩුල්ලට වේගවත් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහි දී පන්දු 19කදී 4 පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබාගෙන සිටි ඩොටින් දෙවන කඩුල්ල ලෙස දැවී යන ලදි.

කොදෙව් නායිකාව වන ටේලර් ඔවුන්ගේ ඉනිමේ කතා නායිකාව බවට පත්වෙමින් වේගවත් ලකුණු 49ක් ලබා ගැනීමට වැය කළේ, පන්දු 41ක් පමණි. එහි දී ඇය විසින් එක් 6 පහරක් හා 4 පහර 4ක් එල්ල කළ අතර අවාසනාවන්ත ලෙස ඇයට ඇයගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය.

කොදෙව් මැදපෙළ තවදුරටත් සවිමත් කළ බ්‍රිට්නි කූපර් හා කිසියා නයිට් ලකුණු 23 බැගින් රැස්කරන ලදි. අවසානයේ කොදෙව්වන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා ඉනෝකා රණවීර ලකුණු 47කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 155ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර කඩුලු 10ම දැවී ගිය අතර, ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චමරි අතපත්තු එක් 4 පහරක් සමඟින් ලකුණු 30ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට හසු වූයේ අවාසනාවන්ත ලෙසයි. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකාරිනිය වන යසෝදා මෙන්ඩිස් 4 පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 22ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළාය.

තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුග්‍රහයෙන් පැවති අභිනව වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට අද (21) MAS…

ශ්‍රී ලංකා මැදපෙළ යම්තාක් මට්ටමකට හෝ සවිමත් කළ රෙබේකා වැන්ඩොර්ට් ලකුණු 14යි.

අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම තරගය ද ලකුණු 47කින් පරාජය පත්වීමට සිදුවුවත්, නිමා වූ තරග කිහිපයට වඩා සටන්කාමීව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණි.

දක්ෂ ලෙස පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ව දමනය කළ ඒෆයි ෆෙලෙචර් ලකුණු 12ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – 154/6 (20): ස්ටෙෆනි ටේලර් 49, ඩියැන්ඩ්‍රා ඩොටින් 27, කිසියා නයිට්  23*, බ්‍රිට්නි කූපර් 23, ඉනෝකා රණවීර 2/47.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 107/10 (19.4): චමරි අතපත්තු 30, යසෝදා මෙන්ඩිස් 22, ඒෆයි ෆෙලෙචර් 5/12, හෙයිලි මැතිව්ස් 2/25.

තරගයේ විරවරිය – ඒෆයි ෆෙලෙචර් (බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම)

දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස කොදෙව් කාන්තාවන්ට ජයග්‍රහණය හිමිව ඇත. මෙම තරගාවලියේ අවසන් තරගය හෙට (23) මෙම ක්‍රීඩා පිටියේම පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 4ට ආරම්භ වේ.

Scorecard

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<