අතපත්තු හා සමරවික්‍රමගේ වෑයම අපතේ යයි

62

එලීසා හීලි දියත් කළ වාර්තාගත පිතිකරණය නිසා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි ඕවල් පිටියේ දී අද (2) පැවැත්වුණු තෙවැනි විස්සයි තරගයෙන් ලකුණු 132ක දැවැන්ත පරාජයකට උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදු විය.

චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු…

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 226ක වාර්තාගත ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගත්තේය.

මේ තරගාවලිය පුරාවටම පිතිකරණ අංශයෙන් උපරිම දස්කම් පෙන්වූ ඕස්ට්‍රේලියානු පිතිකාරිණියන් මෙම තරගයේ ආරම්භක පන්දුවාර 5 තුල ලකුණු 50ක් වාර්තා කරගැනීමට සමත් විය. ඔවුන්ගේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන හීලි සහ බේත් මූනි එහි දී වැඩි දස්කම් පෙන්නුම් කළේය. 

ලකුණු 14ක් ලබා සිටි මූනි චමරි දඟපන්දු යවන ක්‍රීඩිකා අතපත්තුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගිය අතර අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ හීලි හා රැචීල් හේන්ස් ලකුණු 109ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉතාමත් ඉහළ මට්ටමකට රැගෙන ගියේ ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මැදයි. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ පන්දුවාර 20ම ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩිකා හීලි 4 පහර 19ක් හා 6 පහර 7ක් සමඟ නොදැවී ලකුණු 148ක් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියේ ක්‍රිකට් වාර්තාවන් කිහිපයක්ම අලුත් කරමිනි. 

පන්දු යැවීමට හෝ පන්දුව විසිකිරීමට නොහැකි ක්‍රිකට් ක්‍රීඩකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් සිදුවීම් විසඳාගත නොහැකි අභිරහස් වශයෙන් ඉතිරි වී තිබෙනවා…

එහි දී ඇය විසින් මෙතෙක් පැවැත්වුණු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගවල දී ක්‍රීඩිකාවක් ලබා ගත් වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය වාර්තා කර ගත් අතර කඩුලු රකින පිතිකාරිණියක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ද එය ඉතිහාසයට එකතු විය. එසේම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් ලබාගත් වේගවත්ම ශතකය ද එයයි. 

පන්දු යැවීමේ දී නායිකා අතපත්තු කඩුලු 2ක් දවාගෙන සිය නායකත්වයේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරන ලදි. 

යසෝදා මෙන්ඩිස් මේ තරගය ක්‍රීඩා නොකළ නිසා අතපත්තු සමඟ එක්වූ අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළත් ඔවුන් දෙදෙනාට සාර්ථක සබඳතාවයක් වර්ධනය කරගැනීමට නොහැකි වූයේ ලකුණු 5ක් ලබා සිටි අනුෂ්කා සංජීවනී ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී දැවී ගිය නිසාවෙනි. 

2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු කුසලාන නැගී …

ඉන් අනතුරුව අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රම දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැංවූ  නමුත් ලකුණු 30ක් ලබාගෙන සිටිය දී අතපත්තු දැවී ගියේය. එය නැවත වතාවක් මේ තරගයේ විශාල හැරවුම් ලක්ෂයක් වූ අතර වයස අවුරුදු 21ක් වන සමරවික්‍රම 4 පහර 4ක් සමඟ ලකුණු 28ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ සවිමත් කිරීමට සහය විය. 

කෙසේ නමුත් අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ පිතිකාරිණියන් සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නොමැත. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 94ක් පමණි. දකුණතින් මද වේගපන්දු යවන නිකොලා කේරි ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ වීරවරිය – එලයිසා හීලි 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ  (ICC එක්දින ක්‍රිකට් ශූරතාව) පළමු තරගය 

ඔක්තෝබර් මස 5 වැනිදා බ්‍රිස්බේන් හිදී පැවැත්වෙන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට ආරම්භ වේ. 

තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<